Connect with us

පුවත්

මහනුවර ඇසළ මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද

Published

on

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද (21) රාත්‍රියේ වීථි සංචාරය කෙරේ.

මේ අතර, පෙරහැර මංගල්‍ය නැරඹීම සඳහා පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් සියලු පහසුකම් සළසා ඇතැයි මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක මහතා පවසයි.

ඒ සඳහා රාජ්‍ය නිලධාරින් 600 ක් පමණ යොදවා ඇති බවද ඔහු කියා සිටී.

බවුසර් මගින් ජලය බෙදාහැරීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක බව ද ඔහු සඳහන් කරයි.

මේ අතර , මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයට සමගාමීව විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

එහි සභාපති ලලිත් ද අල්විස් මහතා සඳහන් කළේ, පෙරහැර කාලසීමාව තුළ බස් රථ 350 ක් පමණ ධාවනයට එක්කරන බවයි.

පුවත්

වෙසක් නිමිත්තෙන් රැඳවියන් 278 කට සමාව

Published

on

By

වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ රාජ්‍ය සමාව යටතේ බන්ධනාගාරගත රැඳවියන් 278 කට සමාව පිරිනමන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා පැවසීය.

රාජ්‍ය සමාව ලබන සිරකරුවන් අතර වැලිකඩ බන්ධනාගාරයෙන් සිරකරුවන් 15 ක් සහ මහර බන්ධනාගාරයෙන් 37 ක් සමඟ සියළුම බන්ධනාගාර ආයතනවලින් සිරකරුවන් 278 ක් සිටින බවත් ඒ අතර කාන්තා රැදවියන් 10 ක් ඇතුළත් බවත් දිසානායක මහතා කීය.

Continue Reading

පුවත්

‘සමස්ත සිංහල අය වෙනුවෙන් මගෙන් සමාව ඉල්ලපු කිහිපදෙනෙක් ඉන්නවා’ (වීඩියෝ)

Published

on

By

කුරුණෑගල අවට ජනතාව අදටත් සිසේරියන් සැත්කම් සිදු කර ගැනීමට තමන් ළඟට පැමිණෙන බවත් වඳ සැත්කම් කළ බවට නැගු චෝදනාවන්ට සමාව ඉල්ලා සිටින බවත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය ෂිහාබ්දීන් මොහොමඩ් ෂාෆි පවසයි.

ශ්‍රී ලංකාව තුළ අනාගත පරපුරට සතුටින් ජීවත් වීමට අවස්ථාව සැලසිය යුතු බවට විශ්වාස කරන තමන් රට හැර යෑමේ සුදානමක් නොමැති බවත් කවදා හෝ මේ බෞද්ධ රට වෙනත් රටවලට ආදර්ශයක් වෙන රටක් බවට පත කළ යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

‘අවස්ථාවාදී අරමුණු උදෙසා නීතිය, විද්‍යාව සහ ජනමධ්‍ය අවභාවිත කිරීම’ යන තේමාව යටතේ මැයි 21වෙනිදා කොළඹ දී ‘අයිතිය උදෙසා මාධ්‍යවේදීන්’ විසින් සංවිධානය කළ සංවාදයකට එක්වෙමින් වෛද්‍ය ෂාෆි මේ අදහස් පළ කළේය.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ දී සිංහල මව්වරුන්ට වඳ සැත්කම් කළ බවට චෝදනා ලබා, අනිවාර්ය නිවාඩු ගන්වා අත්අඩංගුවේ සිටි වෛද්‍ය ෂාෆි පසුව එම චෝදනාවලින් නිදහස් වී නැවත කුරුණෑගල රෝහලේම සේවය කරයි.

(බීබීසී සිංහල)

Continue Reading

පුවත්

දළදා මාලිගාවේ බැතිමතුන් වෙනුවෙන් දන්සැල් කලාපයක්

Published

on

By

වෙසක් පුර පසළොස්වක පොහොය යෙදී ඇති හෙට (23) සහ අනිද්දා (24) යන දෙදින මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන් වෙනුවෙන් විශේෂ දන්සැල් කලාපයක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබේ.

දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ උපදෙස් අනුව ශ්‍රී දළදා මාලිගාවේ කාර්ය මණ්ඩලය විසින් මෙම දන්සැල් කලාපය ක්‍රියාත්මක කරනු ඇත.

එහිදී ප්‍රණීත හා සෞඛ්‍ය‍ාරක්ෂිතව පිලියෙල කළ ආහාර පාන දින දෙකක් පුරාවට පැමිණෙන බැතිමතුන් වෙත ලබා දෙන බව ශ්‍රී දළදා මාලිගාව වැඩිදුරටත් සඳහන් කළේය. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved