Connect with us

පුවත්

මහනුවර ළමා සංවර්ධන මධ්‍යස්ථානය, ජපන් අධාර යටතේ පුළුල් කරයි

Published

on

ජපන් රජයේ බිම් මට්ටමේ මානව ආරක්ෂණ ආධාර ප්‍රදාන යටතේ,  මධ්‍යම පළාතේ, මහනුවර දිස්ත්‍රික්කයේ, කටුකැලේ  පිහිටුවා ඇති, අවදානමට ලක්විය හැකි ළමුන්, තරුණයන් සහ කාන්තාවන් සඳහා වූ අලුතින් පුළුල් කරන ලද මහනුවර ළමා සංවර්ධන මධ්‍යස්ථානය, Child Action Lanka ආයතනය වෙත භාරදීමේ උත්සවයට මෙරට සිටින ජපන් තානාපති – මිසුකොෂි හි‌දෙඅකි මහතා ඊයේ (08) සහභාගී විය.

මෙම ව්‍යාපෘතිය යටතේ ජපන් රජය විසින් පන්ති කාමර, ශාලාවක්, පුස්තකාලයක් සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කාමරයක් ඇතුළත් මහල් දෙකක් එක් කරමින් සංවර්ධන මධ්‍යස්ථාන ගොඩනැගිල්ල පුළුල් කිරීම සඳහා ඇ.ඩො. 63,935ක් ලබා දෙන ලදී. මෙමගින් ඉගෙනුම් පරිසරය වැඩිදියුණු කිරීම සහ දළ වශයෙන් ළමුන් 350කට සහ තරුණ තරුණියන්ට නවාතැන් පහසුකම් සැලසීමේ හැකියාව පුළුල් කිරීම මෙන්ම අවදානමට ලක්විය හැකි කාන්තාවන් 80 දෙනෙකුට වඩාත් හොඳ රැකියාවක් සඳහා වෘත්තීය පුහුණු අවස්ථා වැඩි දියුණු කිරීම සිදුකරනු ඇත.

ළමා හා කාන්තාවන්ගේ මානව හිමිකම් සහ අභිමානය ආරක්ෂා කිරීම, ඔවුන්ගේ ස්ථාවරත්වය සහ ස්වාධීනත්වය ප්‍රවර්ධනය කිරීම සහ දරිද්‍රතාවයේ චක්‍රය බිඳ දැමීම සඳහා විවිධ ක්ෂේත්‍ර වෙත සහාය ලබා දෙමින්, ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනය සඳහා අඛණ්ඩව දායක වීමට ඇති තම දැඩි කැපවීම මිසුකොෂි මහතා මෙම අවස්ධාවේ දී නැවත අවධාරණය කළේය.

කැබිනට් තීරණ

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (02) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-07-02

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-07-02

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, July 1, 2025

Continue Reading

පුවත්

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට සිට

Published

on

By

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට (03)  ආරම්භ කිරීමට නියමිතය.

ඒ සඳහා පසුගිය අයවැයෙන් රුපියල් බිලියන 06ක් වෙන් කර තිබේ.

වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කළේ, අම්පාර මුලතිව් හා මඩකලපුව දිස්ත්‍රික්කවල වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති බවය.

වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ,
නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කටත්,
සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125කටත්
කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 132කටත්
 මිලදී ගන්නා බවය.

Continue Reading

පුවත්

සංවිධානාත්මක අපරාධ ක්‍රියා මැඩලීමට නව නීති

Published

on

By

සංවිධානාත්මක අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා, නව නීති හඳුන්වා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය  ආනන්ද විජේපාල මහතා පවසයි.

ඔහු සඳහන් කළේ,  ත්‍රස්ත මර්දන පනත අහෝසි කිරීමට රජය මේ වනවිට ප්‍රතිපත්තිමය තීරණයකට එළඹ ඇති බවය.

අත්අඩංගුවට පත්වන සංවිධානාත්මක අපරාධකරුවන් දැනට රඳවා තබා ගෙන, ප්‍රශ්න කෙරෙන්නේ ත්‍රස්ත මර්දන පනතේ ප්‍රතිපාදන වලට යටත්ව බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

එම පනත අහෝසි කිරීමත් සමග සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා තබා ප්‍රශ්න කිරීමට නව නීති ප්‍රතිපාදන අවශ්‍ය බව අමාත්‍යවරයා විසින් සඳහන් කරන ලදී.

ඒ අනුව අදාළ නව පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් මේ වනවිට කෙටුම්පත් කරමින් පවතින බව, අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේ ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved