Connect with us

පුවත්

මහබැංකු නිලධාරීන්ට පක්ෂ නායක රැස්වීමේදීත් දොස්

Published

on

ස්වයං තීරණයක් මඟින් සේවක වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් මහබැංකුවේ ඉහළ නිලධාරීන්ට අද (05) ‍පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදී  දැඩි අප්‍රසාදය පළ විය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති පක්ෂ නායක රැස්වීමට මහබැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් ද වෘත්තීය සමිති නියෝජිතයන් පිරිසක් ද සහභාගී වූහ. 

මීට පෙර පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක – ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සිදු කළ ඉල්ලීමකට අනුව මෙම පක්ෂ නායක රැස්වීම පවත්වන ලදී.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නව මහබැංකු පනත් කෙටුම්පතෙහි ස්වාධීන තීරණයක් ලෙස වැටුප් ඉහළ නැංවීම සදහා ප්‍රතිපාදන තිබුණද ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුව ඒ සදහා තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය වූ නිසා එය පනත් කෙටුම්පතෙන් ඉවත් කළ බව ද පක්ෂ නායකයෝ මෙහිදී පෙන්වා දුන්හ. මේ අනුව නව පනතින් මහබැංකුවේ කටයුතු ස්වාධීන කිරීම සදහා ප්‍රතිපාදන තිබුණද කිසිදු තැනක ස්වාධීන තීරණය මත වැටුප් වැඩි කිරීම සදහා අවස්ථාව නොමැති බවත් මෙහිදී පක්ෂ නායකයෝ කරුණු දැක්වූහ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු නිලධාරීන් පවසා සිටියේ පනතේ  5, 8 සහ 23 වගන්ති අනුව මේ සදහා ප්‍රතිපාදන ඇති බවත් පරිපාලනය, කළමනාකරණය සහ මෙහෙයුම් සම්බන්ධ සියලුම වියදම් පියවා ගැනීම සදහා මහබැංකුවේ අරමුදල් භාවිතා කිරීමේ බලය පනතින් ඇති බවයි. 

එහෙත් පක්ෂ නායකයන් මෙහිදී පෙන්වා දුන්නේ වියදම් පිළිබඳ සදහනක් පනතේ තිබුණද වැටුප් පිළිබඳ නිශ්චිත ප්‍රතිපාදන නොමැති බවයි. පනතේ 23 වගන්තියට අනුව වැටුප් වැඩි කර ගැනීම නිශ්චය කර ගැනීමට අයිතියක් තිබුණද අනුමතිය සදහා අවසන් බලය පාර්ලිමේන්තුව සතු බව මෙහිදී පක්ෂ නායකයෝ පෙන්වා දුන්හ.  

එසේම මහබැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරීන් පවසා සිටියේ මෙම වියදම් සිදු කරන්නේ මහබැංකු අරමුදලින් මිස ඒකාබද්ධ අරමුදලින් නොවන බවයි. මහබැංකු අරමුදල්  භාවිතා කිරීමට බලතල පනත මඟින් ලබා දී ඇති බවත් නිලධාරීන් පැවසූහ. මේ සම්බන්ධව මහබැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරීන් දීර්ඝ ලෙස පක්ෂ නායකයන් ඉදිරියේ කරුණු පැහැදිළි කළහ. 

පාර්ලිමේන්තුවේ අනුමතිය අවශ්‍යයි
මහබැංකුවේ අරමුදල් යනු අවසානයේ ජනතාවගේ අරමුදල් බැවින් ඒ සදහා ජනතාවට වගකිව යුතු බවත් ඒ අනුව මහජන මුදල් සදහා වගකියන පාර්ලිමේන්තුවේ අනුමතිය ඒ සදහා අවශ්‍ය බවත් මෙහිදී පක්ෂ නායකයෝ පැවසූහ.

සෑම වර්ෂ තුනකට වතාවක් වෘත්තීය සමිති සහ කළමනාකාරීත්වය අතර සාමූහික ගිවිසුමකට (Collective Agreement) අනුව මෙම වැටුප් වැඩි කිරීම සිදු කර ඇති බවත් පෙර වසරවල ද මෙය සම්ප්‍රදායක් ලෙස සිදු කර ඇති බවත් නිලධාරීහු පැවසූහ. කෙසේ වෙතත් මෙවැනි  ගිවිසුමක් නීත්‍යනුකූල වීම සදහා  කම්කරු අමාත්‍යාංශයේ ලියාපදිංචිය ලබා යුතු බැවින් එය සිදුකර තිබේද යන්න මෙහිදී ප්‍රශ්න කරන ලදී. එහිදී නිලධාරීන් පැවසූවේ එවැනි අනුමතියක් ලබා ගෙන නොමැති බවයි. මෙවැනි සාමූහික ගිවිසුමක් ක්‍රියාත්මක කළ හැකි වන්නේ එය කම්කරු අමාත්‍යාංශයේ ලියාපදිංචි කිරීමෙන් පමණක් බවත් පක්ෂ නායකයෝ මෙහිදී පැවසූහ.

කෙසේ වෙතත් පක්ෂ නායකයන් පෙන්වා දුන්නේ නව පනතක් මඟින් මහබැංකුව ස්වාධීන කිරීමෙන් අපේක්ෂා කළේ ස්වාධීන තීන්දු ගෙන වැටුප් වැඩි කිරීම  නොව දේශපාලන මැදිහත්වීම් ‍වලින් තොරව රටේ ආර්ථිකයට අදාළ නිවැරදි ප්‍රතිපත්ති සැකසීම බවයි. 

සදාචාරාත්මක නෑ
යම් අයුරකින් නීතියට අනුව හැකියාවක් තිබුණ ද රට සහ ජනතාව පීඩාවට පත්ව සිටින මෙවැනි මොහොතක අසංවේදී ලෙස මෙලෙස වැටුප් වැඩි කර ගැනීම කිසිසේත්ම සදාචාරාත්මක නොවන බවත්, අනුමත කළ නොහැකි බවත් මෙහිදී පක්ෂ නායකයෝ මහබැංකුවේ නිලධාරීන්ට අවධාරණය කර සිටියහ. එසේම වැටුප් වැඩි කළ යුතු අංශ ගණනාවක් තිබියදී එක් පිරිසක් පමණක් වරප්‍රසාද හිමිකර ගැනීම සාධාරණ නොවන බව ද පෙන්වා දුන්හ.

එසේම මෙම වැටුප් වැඩි කිරීම නිසා මාසිකව අමතර රු. මිලියන 232කට ආසන්න මුදලක් වැය වන බවද මෙහිදී අනාවරණය විය.

පුවත්

ජ’පුර දොස්තර දියණිය අල්ලස් කොමිසමේ 2ක් බයකරලා පොලිසිය අල්ලන්න සොයයි

Published

on

By

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහේශී සූරසිංහ නැමැත්තියට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවකට සහභාගි වී අධිකරණයෙන් පිටව යමින් සිටි අල්ලස් කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂවරියට (නීති) එම ශල්‍ය වෛද්‍යවරියගේ දියණිය  මරණ තර්ජන කර ඇති බව කෙසෙල් වත්ත පොලිසිය පවසයි.

අල්ලස් කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂවරිය සහ එම සභාවේ පොලිස් පරීක්ෂකවරයකු විශේෂඥ ශල්‍ය වෛද්‍යවරිය සහ තවත් දෙදෙනකුට එරෙහිව නඩුවට පෙනී සිටිමින් අධිකරණයෙන් පිටව යන අවස්ථාවේදී එම ශල්‍ය වෛද්‍යවරියගේ දියණිය ‘‘උඹල දෙන්නා මරනවා’‘ යනුවෙන් තර්ජන කර ඇති බව පොලිසිය කියයි.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කෙසෙල් වත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Continue Reading

පුවත්

පර්පෙචුවල් ට්‍රෙෂරීස්හි ව්‍යාපාර කටයුතු තවත් මාස 6කට දික්කරයි!

Published

on

By

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීමේ තීරණය තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කර ඇත්තේ සිදුකරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදු කරගෙන යාමේ අරමුණින් මෙම තීරණය ගත් බවය.

ඒ අනුව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රථමික අලෙවිකරුවෙකු වශයෙන් සිදුකරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අද (05) සිට  තවත් මාස 6කින් දිර්ඝ කිරීමට මහ බැංකුව තීරණය කර තිබේ.

Continue Reading

පුවත්

අර්ජුන සතු “කැප්ටන් කූල්” නම දෝනිට ලියා ගැනීමේ උත්සාහයක!

Published

on

By

1990 දශකයේ දී හිටපු ප්‍රකට ක්‍රීඩා විචාරකයකු වූ බ්‍රිතාන්‍ය ජාතික ටෝනි ග්‍රේග් විසින් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග හැඳින්වීමට භාවිත කරන ලද “කැප්ටන් කූල්”‍ යන හැඳින්වීම වෙළෙඳ සන්නාමයක් ලෙස තමන් වෙනුවෙන් ලියාපදිංචි කිරීමට හිටපු ඉන්දීය ක්‍රිකට් නායකයකු වන මහේන්ද්‍ර සිං දෝනි විසින් ඉන්දියාවේ වෙළෙඳ ලකුණු පාලක ජනරාල් කාර්යාලය වෙත අයැදුම්පතක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

මේ බව බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය විශේෂ වාර්තාවක් මගින් ප්‍රකාශයට පත් කර ඇත. 

අර්ජුනට පසුව තමන්ද මෙම නාමයෙන් හැඳින්වීම නිසා ඔහු මේ ඉල්ලීම කර ඇතැයි පැවසේ.

2025 ජූනි මස 16 වැනි දින දෝනි විසින් කරන ලද මේ ඉල්ලීම ඉන්දියාවේ වාණිජ සහ කර්මාන්ත අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය. 

මෙකී සන්නාමය යටතේ ක්‍රීඩා පුහුණු පහසුකම් සැපයීමට අදාළ සේවා සැපයුම අපේක්ෂා කරන බව දෝනිගේ අයැදුම්පත්‍රයේ‍ සඳහන්ය. 

එහෙත් මේ සම්බන්ධයෙන් දින එකසිය විස්සක් තුළ විරෝධතා ඉදිරිපත් කළ හැකි බව ද එම අමාත්‍යංශය කියයි.

මේ පිළිබඳව බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය සමඟ සාකච්ඡා කළ ක්‍රිකට් විචාරකයන් කිහිප දෙනකු ප්‍රකාශ කර ඇත්තේ අර්ජුන රණතුංගට අයත් වෙළෙඳ සන්නාමය ලබා ගැනීමට ඉන්දියාවේ හිටපු ක්‍රිකට් නායකයා විසින් කරන ලද ඉල්ලීම පිළිගත නොහැකි බවයි. 

එය වරදක් බවත් ඔවුන් සඳහන් කර ඇත. 

ඇතැමකු සඳහන් කර තිබුණේ අර්ජුන රණතුංගට මෙම හැඳින්වීම ලබා දී තිබුණද ඔහු ඊට අයිතිවාසිකම් කීමට ඉදිරිපත් නොවීම නිසා මෙම තත්ත්වය උද්ගත වූ බවය.

දැනට 44 වැනි වියේ පසුවන මහේන්ද්‍ර සිං දෝණිට පසුගිය දා ජාත්‍යන්ත ක්‍රිකට් කවුන්සිලය “හෝල් ඔෆ් ෆේම්ස්”‍ යන ගෞරව නාමය ද පුද කරනු ලැබූ බව මේ සම්බන්ධයෙන් පළ කළ බ්‍රිතාන්‍ය ගුවන්විදුලි වාර්තාවේ දැක්වෙයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved