Connect with us

පුවත්

මහමැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම හෙට සිට

Published

on

මෙවර පාර්ලිමේන්තු මැතිවරණ ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු හෙට (30) දිනයේ ආරම්භ වීමට නියමිතව තිබේ.

මැතිවරණ කොමිශන් සභාව සඳහන් කළේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිශන් සභාවේ කාර්යාල, පොලිස්පති කාර්යාල ඇතුළු සියලු පොලිස් ස්ථානවල ද හෙට දිනයේ තැපැල් ඡන්ද සළකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇති බවය.

හෙට දිනයට අමතරව අදාළ කාර්යාලවල නොවැම්බර් මස 4 වන දින ද තැපැල් ඡන්දය සළකුණු කිරීම සඳහා අවස්ථාව ලබාදී තිබේ.

ඊට අමතරව නොවැම්බර් මස පළමුවන දින සහ නොවැම්බර් මස 4 වන දින ත්‍රිවිධ හමුදා කඳවුරුවල සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද සළකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දි ඇති බව මැතිවරණ කොමිශන් සභාව සදහන් කලේය.

අදාළ දිනවල දී තැපැල් ඡන්දය සළකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල දී තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී තිබේ.

මේ අතර මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා නිලධාරීන් දහසකට ආසන්න සංඛ්‍යාවක් යෙදවීමට බලාපොරොත්තු වන බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කලේය.

පුවත්

තුසිත, හල්ලොලුවට වෙඩි තැබීමේ සිද්ධියේ පරීක්ෂණ CCDයට බාරදෙයි

Published

on

By

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව මහතා ගමන් කළ රථය ඉලක්ක කරගනිමින් සිදුකළ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දී තිබේ.

වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝග මත අදාළ සිද්ධියේ පරීක්ෂණ කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දී  ඇති බව පොලීසිය පවසයි.

කොළඹ, නාරාහේන්පිට දාබරේ මාවතේදී ඊයේ (17) රාත්‍රියේ මෙම වෙඩි තැබීමක් සිදුකර තිබිණි.

රථයේ ඉදිරිපස වීදුරුවට වෙඩි වැදී තිබුණත් එහි ගමන් කළ තුසිත හල්ලොලුව මහතාට හෝ ඔහුගේ නීතිඥවරයාට කිසිඳු හානියක් සිදුව නොතිබිණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ වෙඩි තැබූ පුද්ගලයන් පහරදීමක්ද සිදුකර ඇති අතර පහරකෑමට ලක්වූ තුසිත හල්ලොලුව මහතා රෝහල්ගත කර ඇති බවය.

මෙම වෙඩි තැබීමෙන් පසු තුසිත හල්ලොලුව මහතා සතුව තිබූ ලිපිගොනුවක් කිසියම් අයෙකු විසින් පැහැරගෙන ගොස් ඇති බව ද වාර්තා වේ.

වෙඩි තැබූ පුද්ගලයන් පලාගොස් ඇත.

Continue Reading

පුවත්

IMF තීන්දුව, ලොක හා ආසියානු බැංකු ණයටත් පරහට හිටියි?

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති මූලික කොන්දේසි ඉදිරි මාසය තුළ ඉටු නොවුණහොත් ඉදිරි ණය වාරිකය වන ඩොලර් මිලියන 344 ලැබීම තවත් මාස ගණනාවක් පමාවනු ඇතැයි වාර්තා වේ.

මූල්‍ය අරමුදලේ කොන්දේසි සමඟ ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව, චීනය සහ ජපානය ද එකඟව කටයුතු කරන බැවින් මූල්‍ය අරමුදලේ නිර්දේශ සමඟ එම රටවල් සහ සංවිධාන ලබාදෙන ආධාර ද දැඩිව බැඳී බව පැවසේ.

ඒ අතර, කොළඹ ඉදිකරන ලද පෝර්ට් සිටි ව්‍යාපෘතිය සඳහා ලබාදීමට නියමිත බදු සහන ඉවත් කිරීම සම්බන්ධයෙන් වන කොන්දේසියට චීන තානාපති අංශ දැඩි කනස්සල්ල පළ කර ඇතැයි ද වාර්තා වේ.

බදු සහන ඉවත් කළහොත් මෙරට ඉදිරි චීන ආයෝජන සම්බන්ධයෙන් එරට විසින් දැඩි තීරණයක් ගනු ඇතැයි ද පැවසේ.

මේ හැර පාඩු ලබන රාජ්‍ය ආයතන වන ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ විදුලිබල මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් රජය කඩිනමින් පියවර ගනු ඇතැයි ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ද අපේක්ෂාවෙන් පසුවන බව පැවසේ.

මූලාශ්‍රය – දේශය

Continue Reading

පුවත්

 බ්‍රිතාන්‍ය නව අගමැති ලාංකිකයන්ගේ UK පුරවැසි හීන තවත් දුරස් කරයි

Published

on

By

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ශ්‍රීමත් කියෙර් ස්ටාමර් විසින් හඳුන්වා දීමට යන නව වීසා නීතිය අනුව ශ්‍රී ලාංකිකයන් ඇතුළු ආසියාතික රටවල වැසියන්ට බ්‍රිතාන්‍ය වීසා ලබා ගැනීම ඉතා දුෂ්කර කටයුත්තක් වනු ඇතැයි බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය (BBC) වාර්තා කර තිබේ.

ශිෂ්‍ය වීසා, රැකියා වීසා සහ පූර්ණ කාලීන පදිංචියට අවශ්‍ය කරන වීසා ලබා ගැනීම දැඩි ලෙස පාලනයට ලක් කිරීමට අග්‍රාමාත්‍යවරයාගේ නව වීසා නීතිය තදින්ම බලපාන බව එහි වැඩිදුරටත් දැක්වේ.

තාවකාලික රැකියා සඳහා පිටත්ව ගොස් වසර පහක් එරට රැඳී සිටි තැනැත්තන්ට පූර්ණ කාලීන වීසා සඳහා අයැදුම් කිරීමේ වරම මෙතෙක් හිමිවී තිබුණු නමුත් දැන් එය වසර දහයක් දක්වා කල් දමා තිබේ.

ශිෂ්‍ය වීසා මත එරටට ගොස් සිටින සිසුන්ට මාසිකව ගෙවන උපකාරක සේවා ගාස්තුවෙන් මෙතෙක් කිසිදු බද්දක් අය කළේ නොකළ අතර අගමැතිවරයාගේ නව යෝජනාව අනුව එලෙස ශිෂ්‍යයන්ට ගෙවන උපකාරක සේවා ගාස්තුවෙන් 6% ක් නැවත බද්දක් ලෙස අය කිරීමට තීන්දු කර තිබේ.

එසේම බ්‍රිතාන්‍යයේ සත්කාරක සේවා අංශයේ පුරප්පාඩු 1,31,000 ක් පැවතියද එම අංශයට ද රටවල් ගණනාවකින් සේවකයන් බඳවා ගැනීම අධෛර්යට ලක් කර ඇති බව පැවසේ.

සාමාන්‍යයෙන් සත්කාරක සේවකයෙක් වසරකට පවුම් 20,000 ක පමණ වැටුපක් ලබයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන ආකාරයට ශ්‍රී ලාංකිකයන් 4427 දෙනෙක් එම කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගෙන දැනට එරට සේවය කරති.

අග්‍රාමාත්‍ය ස්ටාමර්ගේ නව වීසා නීතිය මෙම මැයි මස 12 දා ධවල පත්‍රිකාවක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved