Connect with us

පුවත්

මහමැතිවරණය කියන්නේ පාර්ලිමේන්තුව පිරිසිදු කරන දවස

Published

on

නොවැම්බර් 14 වනදා තිබෙන්නේ ඡන්දයක් නොවන බවත් එය මහා ශ්‍රමදානයක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ පොළොන්නරුව ප්‍රදේශයේ ඊයේ (23) පැවති මැතිවරණ රැළිය අමතමිනි.

මහ මැතිවරණය පැවැත්වෙන දිනය යනු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පිරිසිඳු කිරීමේ දිනය බව ජනාධිපතිවරයා තවදුරටත් පවසා සිටියේය.

“නොවැම්බර් මාසේ 14 වනදා තියෙන්නේ ඡන්දයක් නෙමෙයි මහා ශ්‍රමදානයක්. පිරිසිඳු කිරීමේ ශ්‍රමදානයක්. මේක පිරිසිඳු කරන්න ඕනේ. නොවැම්බර් මාසේ 14 ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව පිරිසිඳු කිරීමේ දිනේ. අපි දිනේ ප්‍රකාශ කළාම 60කට වඩා පිරිසක් ස්වෙච්ඡාවෙන්ම පිරිසිඳු වෙලා. ඉල්ලන්නේම නෑ. පොළොන්නරුවෙත් ඉන්නවා නේ. 89 ඉදලා පාර්ලිමේන්තුවේ හැබැයි 2024 නෑ. ස්වෙච්ඡාවෙන් පිරිසිඳු වෙලා. ඉතුරු වෙලා ඉන්නවා කට්ටියක් ඒ කට්ටිය පිරිසිඳු කිරීමේ වගකීම පොළොන්නරුවේ ජනතාවට පැවරෙනවා. භාර ගන්න ඕනේ. ජාතික ජනබල වේගයේ විශාල වැඩක් තමයි මේ රට ඩිජිටල්කරණය කරන එක. පුරවැසියන්ට අවශ්‍ය කාර්යය සුවපහසුවෙන් කරන්න. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පෝලිමේ ඉන්න ඕනේ නෑ ඔප්පුවක් ගන්න. පෝලිමේ ඉන්න ඕනේ නෑ මරණ සහතිකයක් ගන්න. කට්ටිය කියනවා මේ හොරු අල්ලන්නේ නැද්ද කියලා. අපි ගැන කලබල වෙන්න එපා. වංචනිකයන්ට දූෂිතයින්ට දඬුවම්දීම නාටකයක් නෙමෙයි. 2015 ඒක නාටකයක් වුණා. ෆයිල් අරන් යනවා වොයිස් කට් දෙනවා. දූෂිතයත් වොයිස් කට් දෙනවා. අද ගොඩක් සිද්ධ වෙනවා වොයිස් කට් නෑ. අදත් වෙලා තියෙනවා නේ. කියමනක් තියෙනවා හොරාට ඉස්සෙල්ලා කෙහෙල් කැණ වැට පනිනවා කියලා. පහුගිය දවස්වල ඒක දැක්කා ද? ඒ කාර්යය සිදුකරන ඉහළ පෙළේ නිලධාරීන් ඉලක්ක කරගෙන ප්‍රහාරයක් දියත් කරලා තියෙනවා. කලින් වැට පැනලා. එයාලා කලබල වෙලා. අපි පියවරෙන් පියවර ඉදිරියට යනවා.”

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved