Connect with us

පුවත්

මහමැතිවරණ අපේක්ෂකයන් මුදල් වියදම් කළ යුතු ආකාරය

Published

on

මෙවර මහ මැතිවරණයේදී ඒ ඒ දිස්ත්‍රික් අනුව එක් අපේක්ෂකයකුට ඡන්ද දායකයකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල රුපියල් 115 ත් අවම මුදල රුපියල් 82ත් අතර වන බව සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

ඒ අනුව ඔහු සඳහන් කළේ, එක් ඡන්දායකයෙකු වෙනුවෙන් උපරිම මුදලක් වියදම් කළ හැකි දිස්ත්‍රික්කය ගම්පහ සහ කොළඹ වන බවත්, එම දිස්ත්‍රික්කවල අපේක්ෂකයකුට වියදම් කළ හැකි උපරිම මුදල රුපියල් ලක්ෂ 58කට ආසන්න බවත්, එම දිස්ත්‍රික්කය වෙනුවෙන් පක්ෂයකට වැය කළ හැකි උපරිම මුදල රුපියල් ලක්ෂ 600කට ආසන්න වන බවය.

එසේම අවම මුදලක් එක් අපේක්ෂකයකුට වියදම් කළ හැකි දිස්ත්‍රික්කය වනුයේ වන්නි මැතිවරණ දිස්ත්‍රික්කය වන අතර, එම දිස්ත්‍රික්කයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකුට වියදම් කළ හැකි උපරිම මුදල රුපියල් හාරදහසකට ආසන්න වේ.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ඒ දිස්ත්‍රික්කයන් සඳහා මෙවර මහ මැතිවරණය වෙනුවෙන් එක් අපේක්ෂකයකුට වියදම් කළ හැකි උපරිම මුදල අදාළ පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට වියදම් කළ හැකි උපරිම මුදල සහ ජාතික ලැයිස්තු නාමයෝජනා ලබා දී ඇති පුද්ගලයන්ට වියදම් කළ හැකි උපරිම මුදල වශයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නියාමනයන් ඉදිරිපත් කර ඇති බවය.

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved