Connect with us

පුවත්

මහා ශිව රාත්‍රිය අද

Published

on

ලෝකවාසී හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රි දිනය අද (26) දිනට යෙදී තිබේ. 

ඒ අනුව ලොව පුරා හින්දු බැතිමතුන් ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් අද රාත්‍රියේ දී මහා ශිව රාත්‍රි දින සමරනු ලබයි.

හින්දු දහමට අනුව මහා ශිව රාත්‍රිය යනු දෙවියන් අතුරින් ලොව බලවත්ම දෙවියා තමා බව ශිව දෙවියන් ලොවට විදහා දැක්වූ දිනය මහා ශිව රාත්‍රිය යන්නයි.

විෂ්ණු දෙවියන් මහා බ්‍රහ්මයන් හා ශිව දෙවියන් අතර ඇතිවූ ගැටුමේ දී ශිව දෙවිඳුන් මිහි ගැබේ සිට අහස් ගැබ දක්වා ආලෝකය කදම්භයක් විහිදුවමින් එහි දෙකෙළවර සොයාගන්නා අය බලවත්ම දෙවියා වන බව පැවැසූ බව හින්දු සාහිත්‍යයේ සඳහන් වේ.

ඒ අනුව විෂ්ණු දෙවියන් සූකර වෙස් ගෙන මිහිගැබ හාරමින් ද මහා බ්‍රහ්මයා හංස වෙස් ගනිමින් අහස් ගැබ වෙත ගියද ඔවුන් දෙදෙනාට එහි දෙකළවර සොයා ගැනීමට නොහැකි විය.

මෙම හේතුවෙන් හින්දු බැතිමතුන් ලොව බලවත්ම දෙවියා ශිව දෙවියන් බවට විශ්වාස කරනු ලබයි.

ඒ අනුව ශිව දෙවියන් ආලෝක කඳම්බය නිකුත් කළ නැකත උදාවන මහා ශිව රාත්‍රි දිනය ලොව පුරා හින්දු බැතිමතුන් ශිව දෙවියන්ට පූජෝපහාර දක්වමින් මහා ශිව රාත්‍රි දිනය සමරනු ලබයි. 

දැඩි ශිව බැතිමතකු වූ රාවණ රජුගේ මරණින් පුසු ලංකාවට ඇතිවන ශාපයෙන් මිදීම සඳහා රාවණා රජුගේ වන්දනාවට පාත්‍ර වූ දේවාල ද ඇතුළත්ව ලංකාව වටකොට ඊශ්වර දේවාල පහක් ඉදිකරවන ලදී. 

පංචේශ්වර නමින් හඳුන්වන මෙම දේවාල මන්නාරම තිරුකේතිෂ්වරම් යාපනය (කීරිමලේ) නගුලේෂ්වරම්, ත්‍රිකුණාමලය කෝනේෂ්වරම්, හලාවත මන්නේෂ්වරම් මඩකලපුව තාන්තෝන්ඩේෂ්වරම් නම් විය.

මෙම දේවාල පහේම පිහිටි ශිවලිංගම් ස්වභාවිකව පහළ වූ (ස්වයංභූලිංගම්) හෝ දෙවියන් විසින් අතින් සාදන ලද ඒවා බවට හින්දු බැතිමතුන් විශ්වාස කරති.

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved