Connect with us

පුවත්

මහින්දගේ ආරක්ෂාව අඩු කළොත් රටේ කැලඹීමක්  – විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාස අධ්‍යක්ෂ

Published

on

පස්වන විධායක ජනාධිපති ධුරය දැරූ මහින්ද රාජපක්ෂ  මහතාට ලබාදී තිබෙන ආරක්ෂක නිලධාරීන් ප්‍රමාණයෙහි අඩු කිරීමෙන් ඔහුගේ ජීවිතයට හානියක් සිදුවුවහොත් වසර 30 ක් පුරා පැවැති කුරිරු යුද්ධය නිම කළ නායකයා ලෙස මෙරට ජනතාව තුළ කැලඹීමක් ඇතිවීමට ඉඩ ප්‍රස්ථාව තිබෙන බව විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ඩබ්ලිව්.එම්.එස්.බී. වික්‍රමසිංහ මහතා හිටපු ජනාධිපතිවරයාගේ ලේකම්වරයාට ලිපියක් යවමින් දන්වා ඇතැයි වාර්තා වේ.

එවැනි අවස්ථාවක් සිදුවුවහොත් වත්මන් රජයට මෙම සිද්ධීන්වලට මුහුණ දීමට සිදුවන බවත් ඔහු පවසා ඇතැයි පැවසේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳගේ දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අදාළව මෙම ලිපිය යවා ඇති බව වාර්තා වේ.

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සංවිධානය මුලිනුපුටා දැමීමට මූලිකත්වය ගෙන කටයුතු කිරීම හේතුවෙන් ඔවුන් තුළ තවදුරටත් දැඩි වෛරී ස්වභාවයක් පවතින බවත්, ස්වකීය අරමුණු ඉටුකර ගැනීමට නොහැකිවීම නිසා ඊට පළිගැනීමක් ලෙස පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ, ආර්යාව සහ දරුවන් වෙත ඕනෑම අවස්ථාවක ජීවත හානියක් සිදු කිරීමට ඉඩ ප්‍රස්ථාව ඇති බව දෙමළ ඩයස්පෝරාවේ ක්‍රියාකාරකම් තුළින් පෙනීයන බවත් එම ලිපියේ සඳහන්කර ඇති බව පැවසේ.

දැනට ලංකාව තුළ සිටින දේශපාලනික නායකයන් අතුරින් විශාල වශයෙන් ජීවිත තර්ජන ඇති දේශපාලන නායකයෙක් වශයෙන් පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ හැඳින්විය හැකි බවත්, ඔහු වෙත දේශපාලනික වශයෙන් සහ වෙනත් රාජ්‍ය නොවන සංවිධාන, ISIS සංවිධාන, නොයෙකුත් ක්‍රියාකාරීන්ගේ බලපෑම් සහ පාතාල ක්‍රියාකාරකම් ඔහුගේ ජීවිතයට තර්ජනයන්ගේ කිසිදු අඩුවක් නොමැති බව පෙනී යන බවත් අදාළ ලිපියේ දැක්වෙන බවද වාර්තා වේ.

ඔහු ඇතුළු ආර්යාව සහ දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කර ගැනීම ආරක්ෂක අංශ සතු වගකීමක් බැවින්, විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය V සමගින් යුද, නාවික විශේෂ පුහුණුව ලත් පළපුරුදු නිලධාරීන් විසින් එම ආරක්ෂාව තහවුරු කිරීම ඉතා සාර්ථකව සිදු කරන බවද අධ්‍යක්ෂවරයා සඳහන්කර ඇතැයි පැවසේ.

මූලාශ්‍රය – අරුණ

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved