Connect with us

පුවත්

මහින්ද – තිලංග දෙදෙනාම ඉල්ලා අස්වේ

Published

on

මහින්ද අමරවීර හා තිලංග සුමතිපාල මහත්වරුන් දෙදනාම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපි අද (01) භාර දී තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයකට අනුව මෙම ඉල්ලා අස්වීම් ලිපි භාරදී ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් දූරයේ කටයුතු කරමින් සිටියදී මහින්ද අමරවීර මහතා ආණ්ඩුවට එකතු වී ඇමති දූරයක් භාර ගත්තේ යැයි ද එය පක්ෂයේ මතයට පටහැනි බවද පවසමින් ඔහුව ලේකම් ධූරයෙන් ඉවත් කිරීමට සන්ධානයේ සභාපති ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළේය.

අමරවීර මහතා ඉවත් කර හිස්වු ලේකම් දූරයට තිලංග සුමතිපාල මහතා පත්කරනු ලැබීය.

මෙම තීරණයට එරෙහිව මහින්ද අමරවීර මහතා අධිකරණ ක්‍රියාමාර්ග ගනු ලැබූ අතර මහලේකම්වරු දෙදෙනාම පිළිනොගන්නා බවට මැතිවරණ කොමිසම දැනුම් දී තිබේ.

මෙම ප්‍රශ්නය නිසා එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස කිසිදු කටයුත්තක් පවත්වාගෙන යා නොහැකි ගැටලුවක් මතුවිය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවත් පක්ෂ ගණනාවක් සමග එක්ව නව සන්ධානයක් ගොඩනැගීමට මේ වන විට සාකච්ඡා ආරම්භ කර ඇති අතර ඒ සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නම භාවිතා කිරීමට යෝජනා වී තිබුණද මෙම ලේකම් ධූරයේ ගැටලුව ඊට හරස් විය. අමරවීර හා සුමතිපාල මහත්වරුන් දෙදනෙටම එම තනතුරුවලින් ඉවත් වන ලෙස දැනුම් දෙනු ලැබුවේ එම බාධාව ඉවත් කරගැනීම සඳහා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග මගින් දැන ගන්නට තිබේ.

(ලංකාදීප)

පුවත්

RCB ජය සැමරුම අතර තෙරපීමකින් 11ක් මරුට

Published

on

By

මෙවර IPL ශූරයන් ලෙස කිරුළ පැළඳි රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු (RCB) කණ්ඩායමේ ජය සැමරුම සඳහා බෙගලූරුහිදී අද (04) සංවිධානය කර තිබූ සැමරුම් උත්සවයේ ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ.

මෙම අනතුරෙන් තවත් 50කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

Continue Reading

පුවත්

රවීගේ බැඳුම්කර නඩුව යළි විභාගයට

Published

on

By

2015 /2016 වසරවලදී සිදුවූ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ ගොනුකොට ඇති අධි චෝදනා පත්‍රය බලරහිත කරමින් අභියාචනාධිකරණය නිකුත් කළ රිට් ආඥාව අහෝසි කළ ශ්‍රේෂ්ඨාධිකරණය මහාධිකරණයේ පවරා ඇති නඩුව විභාගයට ගැනීමට නියම කළේය.

මහාධිකරණයේ ගොනුකොට ඇති අධි චෝදනා පත්‍රය බලරහිත කරමින් අභියාචනාධිකරණය නිකුත් කළ රිට් ආඥාව අහෝසි කරන්නැයි ඉල්ලමින් නීතිපතිවරයා ගොනු කර තිබූ  විශේෂ අභියාචන පෙත්සමක් විභාගයට ගැනීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස නියෝග කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තූරේරාජා, ජනක් ද සිල්වා සහ මහින්ද සමයවර්ධන මහත්වරුන්ගේ හමුවේ පැවැති මෙම විශේෂ අභියාචන පෙත්සම් විභාගයෙන් අනතුරුව අදාළ නියෝගය ප්‍රකාශයට පත් කෙරිණී.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තූරේරාජා සහ ජනක් ද සිල්වා මහත්වරුන්ගේ එකඟත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා විසින් ප්‍රකාශිත නඩු තීන්දුවේ මෙසේ සඳහන් වේ.

ශ්‍රී ලංකා මහා බැංකුව 2015/2026 වසර වලදී කළ බැඳුම්කර වෙන්දේසියේදී සිදුකරන ලදැයි කියන මුදල් වංචාව සම්බන්ධයෙන් එවකට මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමී මහතා විසින් රහස් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කෙරිණි.

විමර්ශනවලින් පසු සිද්ධිය සම්බන්ධයෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කළ පැමිණිල්ලකට අනුව එවකට මුදල් අමාත්‍යවරයාව සිටි රවි කරුණානායක මහතාට වරෙන්තු නිකුත් කිරීමට කොටුව මහෙස්ත්‍රාත්වරයා නියෝග කෙරුණු අතර එම නියෝගයෙන් අගතියට පත් රවී කරුණානායක මහතා එම වරෙන්තුව බලරහිත කරන රිට්ආඥාවන් නිකුත් කරන්නැයි ඉල්ලා අභියාදනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කෙරිණී.

(ලංකාදීප)

Continue Reading

පුවත්

නාවික හමුදාව සහ සංවිධානාත්මක කණ්ඩායමක් අතර උණුසුම් තත්ත්වයක්

Published

on

By

ත්‍රිකුණාමලය කුච්චවේලි මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධී ක්‍රම භාවිත කරමින් මසුන් අල්ලමින් සිටි ධීවරයන් සමග යාත්‍රා 11ක් නාවික හමුදා භාරයට ගැනීමට ඊයේ (03) මෙහෙයුමක් දියත් කර තිබේ.

එහිදී නාවික හමුදා යාත්‍රාව වට කරමින් සංවිධානාත්මක කණ්ඩායමක් පැමිණ අදාළ එක් යාත්‍රාවක් පැහැරගෙන යෑමට තැත් කර ඇත.

මෙහිදී අදාළ කණ්ඩායම සහ නාවික හමුදාව අතර පොරබැදීමක් සිදුවී ඇති අතර එහිදී නාවික හමුදාව නීත්‍යානුකූලව කටයුතු කිරීමට උත්සාහ දරා තිබේ.

පසුව නාවික හමුදා නිලධාරීන්ගේ ගිනිඅවි උදුරා ගැනීමට තැත් කිරීමත් සමග නාවික හමුදාව අහසට වෙඩිතබා තත්ත්වය පාලනය කිරීමට කටයුතු කර තිබුණි.

එහිදී අදාළ කණ්ඩායම ප්‍රකෝපකාරී ලෙස හැසිරීමත් සමග එක් නාවික හමුදා සෙබෙලෙකුගේ ගිනිඅවිය ක්‍රියාත්මක වී පුද්ගලයෙකුට වෙඩිවැදී තිබේ.

සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයා ත්‍රිකුණාමලය මහ රෝහලට ඇතුලත් කර තිබෙන අතර ඔහු එහි නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

මෙලෙස තුවාල ලබා ඇත්තේ 23 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාව වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.

මේ අතර අදාළ සිද්ධිය මුල් කරගනිමින් කුච්චවේලි ප්‍රදේශයේදී ධීවරයින් උද්ඝෝෂණයක් සිදු කිරීමටද පියවර ගෙන ඇති බව වාර්තා වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved