Connect with us

පුවත්

මහේස්ත්‍රාත් රිය කොල්ල කෑ සැකකරු සූක්ෂම මෙහෙයුමකින් අල්ලයි

Published

on

කුලියාපිටිය මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු අමිල සම්පත් ආරියසේන මහතාගේ නිල මෝටර් රථය පැහැරගත් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

වත්තල ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා කියා සිටියේය.

මෝටර් රථය කොල්ලකෑ සැකකරු වත්තල ඔලියමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

කොල්ල කෑ මෝටර් රථය ද පොලිස් බාරයට ගෙන ඇත.

සැකකරු නවාතැන්ගෙන සිටි හෝමාගම උඩුවන ප්‍රදේශයේ මවුන්ට් ක්ලිෆ්ෆ්ඩ් නිවාස සංකීර්ණයේ සැකකරු පදිංචිව සිටි නිවස පරික්ෂා කිරීමේදී එහි තිබී සැකකරු කොල්ලකෑම් වලට යොදා ගත් ව්‍යාජ පිස්තෝල දෙකක්, උල් පිහි හතරක්, විෂ දියරයක් සහිත බෝතලයක් , මෙන්ම මිරිස්කුඩු අඩංගු බෑගයක් පොලිස් භාරයට ගෙන තිබේ.

මෝටර් රථය ලබාදීමට රුපියල් ලක්ෂ පහක් ඉල්ලා මහේස්ත්‍රාත්වරයාට සැකකරු ලබා ගත් ඇමතුම ඔස්සේ සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

හදිසි රෝගී තත්වයක් හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා රෝහල්ගත කළ බවත් යම් ගනුදෙනුවක් අවශ්‍ය නම් තමන් සමග කතා කරන ලෙස මහේස්ත්‍රාත් වරයාගේ සහෝදරයකු ලෙස සැකකරු හා දුරකථනයෙන් සම්බන්ධ වූ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ නිලන්ත මහතා සූක්ෂම අයුරින් සැකකරු එකඟ කරවාගෙන වත්තලට ගෙන්වා ගැනීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

ඔලියමුල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ ආයතනයක් අසල වෙළඳසැලක නමක් පවසා එහි තිබෙන යතුර රැගෙන යන ලෙස මහේස්ත්‍රාත්වරයාගේ සහෝදරයකු ලෙස රඟපෑ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අමතා සැකකරු ප්‍රකාශ කරන අයුරු එම ප්‍රදේශයේ තැන තැන සිවිල් ඇඳුමින් සරසවා රඳවා සිටී නිලධාරින්ගේ කන වැකීමත් සමඟම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු 27 හැවිරිදි වියේ පසුවන වත්තල පදිංචි කරුවෙකි.

පුවත්

කෙහෙළිය ගෙදර යයි. බෑණා කෙනෙක් සහ අනෙක් දියණියන් දෙදෙනා අත්අඩංගුවට (UPDATE)

Published

on

By

මුදල් විශුද්ධිකරණ චෝදනා මත පැවැත්වෙන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණියන් දෙදෙනා හා බෑණා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (19) අත්අඩංගුවට ගෙන ඇත.

නිවේදනයක් නිකුත්කරමින් එම කොමිසම පවසා සිටියේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, චමිත්‍රි ජයනිකා රඹුක්වැල්ල, අමලි නයණිකා රඹුක්වැල්ල සහ අමලි රඹුක්වැල්ල යන අයගේ ස්වාමිපුරුෂයා වන ඉසුරු පුලස්ති බණ්ඩාර පොල්ගස්දෙණිය යන බවය.

මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ රු.134,097,731.39 (රුපියල් දහතුන් කෝටි හතලිස් ලක්ෂ අනූහත්දහස් හත්සිය තිස්එකයි ශත තිස් නවය)ක වටිනාකමින් යුක්ත වත්කම්, රු. 40,000,000 (රුපියල් මිලියන හතලිහ)ක වටිනාකමින් යුක්ත මහල් නිවාස සහ රු. 20,500,000 (රුපියල් ලක්ෂ දෙසිය පහ)ක වටිනාකමින් යුත් බෙන්ස් වර්ගයේ මෝටර් රථයකට අදාළව අල්ලස් කොමිසම මෙහිදී විමර්ශන කටයුතු සිදු කරගෙන යනු ලබයි.

එම විමර්ශනයට අදාළව මේ වනවිටත් ස්ථාවර තැන්පතු ගිණුම් සහ ජීවිත රක්ෂණ ආයෝජන සැලසුම් 40කට ආසන්න ප්‍රමාණයක් අත්හිටුවා ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන්ව මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කළේය.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණිය අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරීමෙන් අනතුරුව ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියේය.

ඒ අනුව ඔවුන් අද දින ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව මුදා හැරීමට අධිකරණය නියම කළේය.


(පෙර පුවත 2025 ජූනි 19 පෙ.ව.11.38 )

කෙහෙළියගේ බෑනා, ලේලිය සහ තවත් දියණියක් ප්‍රශ්න කිරීමට කැඳවයි

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුල්වැල්ල මහතාගේ බෑනා, ලේලිය සහ තවත් දියණියක් අද (19) දිනයේ අල්ලස් කොමිසම වෙත පැමිණ තිබේ.

මේ අතර ඊයේ (18) දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණියක් ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් ඔවුන් තිදෙනාව බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබුණි

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දුම්රිය වර්ජනය කල් යයි (UPDATE)

Published

on

By

උසස්වීම් ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් අද (19) මධ්‍යම රාත්‍රි සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය නියාමකවරුන්ගේ වැඩවර්ජනය සති දෙකක කාලයක් සඳහා කල්දමා තිබේ.


(පෙර පුවත 2025 ජූනි 19 පෙ.ව.7.30 )

දුම්රිය නියාමකවරු අද රෑට වැඩ වර්ජනයක් අරඹයි

උසස්වීම් ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් අද (19) මධ්‍යම රාත්‍රී සිට පැය 48ක සංකේත වැඩවර්ජනයක නිරත වන බව දුම්රිය නියාමකවරුන්ගේ සංගමය පවසයි.

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් අද පෙරවරුවේ දුම්රිය බලධාරින් සමග පැවත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බව එම සංගමයේ ලේකම් කේ.ඩි.දුමින්ද ප්‍රසාද් මහතා පැවසුවේය.

Continue Reading

පුවත්

ඉරානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දීමක්

Published

on

By

ඉරානය තුළ වර්තමානයේ පවතින ගැටුම්කාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් ටෙහෙරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව වෙනත් ස්ථානයක ස්ථානගත කිරීමට කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මහජනතාවට දැනුම් දී ඇත්තේ පහත දැක්වෙන ලිපිනයෙහි එය ස්ථානගත කොට ඇති බවය.

ඉරානයෙන් පිටවීමට අපේක්ෂා කරන හෝ සහාය අවැසි ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට ඉහත දැක්වෙන තොරතුරු මඟින් තානාපති කාර්යාලය හා සම්බන්ධ වන ලෙස දැනුම් දී ඇති බවයි වාර්තා වේ.

ලිපිනය – අමිනි විලා, කොහෙස්තාන් උප වීදිය, ඉමාම් කොමේනි වීදිය, ඕව්ලොම්, මසාල්, රාෂ්ට්

දුරකතන අංක – +98 939 205 5161/ +98 991 205 7522/ +98 936 636 0260

විද්‍යුත් තැපැල් ලිපිනය – [email protected]

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved