ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වයට හානි නොවන පරිදි, පැහැදිලි සාධාරණ විසඳුමක් ලැබෙන තුරු වැටුප් වැඩි කිරීම කල් දමන්නැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (CoPF) ශ්‍රී ලංකා මහා බැංකුවට අද (20) නිර්දේශ කර තිබේ.
ශ්‍රී ලංකා මහා බැංකුවේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාවක් එහි සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ අතර, ඉහත නිර්දේශය එම වාර්තාවේ ඇතුළත් වේ.
වැටුප් වැඩිකිරීම සලකා බැලීම සඳහා මුදල් අමාත්‍යවරයා විසින් මහ බැංකු අධිපතිවරයාගේ එකඟත්වය ඇතිව ස්වාධීන පාරිශ්‍රමික කමිටුවක් කඩිනමින් පත්කරන ලෙසට ද නිර්දේශ කරන බවත්, ඒ පිළිබඳ වාර්තාව සති 4ක් ඇතුළත රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කරන ලෙසත් හර්ෂ ද සිල්වා මහතා වැඩි දුරටත් මෙහිදී පවසා ඇත.