Connect with us

පුවත්

මහ බැංකුවේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගත යුතුයි

Published

on

ශ්‍රී ලංකා මහ බැංකුව සංවර්ධන බැංකුවක් ලෙස නොසැලකිය යුතු අතර එහි ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට වගබලා ගත යුතු යැයි හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි.

කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් ආචාර්ය ඉන්ද්‍රිජිත් කුමාරස්වාමි මහතා මේ බව කියා සිටියේය

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලැබුණ ද නොලැබුණ ද ආර්ථිකය ස්ථාවර කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග ගත යුතු බවයි.

විශේජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම වෛද්‍යවරයෙකුට හමුවට යෑම හා සමාන බවත් එමගින් ලබා දෙන විසඳුම් ඇතැම් විට අප්‍රසන්න විය හැකි බවද ඒ මහතා පවසා සිටී.

පුවත්

ටිරාන් අත්අඩංගුවට ගැනීම වළක්වමින් නියෝගයක්

Published

on

By

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරන් අලස් මහතා ඇතුළු සිලෝන් නිව්ස් පේපර්ස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් ඊයේ (15) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ, සිලෝන් නිව්ස් පේපර්ස් සමාගම විසින් ගොනු කළ රීට් පෙත්සමක් අභියාචනාධිකරණයේ සභාපති නිශ්ශංක බන්ධුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගේ සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

අදාළ පෙත්සමෙන් දක්වා ඇත්තේ පෙත්සම්කාර සමාගම විසින් පුවත්පත් මුද්‍රණයට අවශ්‍ය කඩදාසී ලබා ගැනීම සඳහා වගඋත්තරකාර කේසර ලංකා පුද්ගලික සමාගම සමඟ ගිවිසුමක් ඇති කරගෙන තිබෙන බවත් පෙත්සම්කාර සමාගමේ අධ්‍යක්ෂවරයකු වන හිටපු මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතාට අමාත්‍ය ධූරය අහිමිවීමෙන් පසුව වගඋත්තරකාර කේසර ලංකා සමාගම අදාල ගිවිසුමේ කොන්දේසි කඩ කිරීමට කටයුතු කළ බවත් පසුව මෙම වගඋත්තරකාර සමාගම මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කළ බවත් ය.

මෙම තත්වය හමුවේ පෙත්සම්කාර සමාගමේ අධ්‍යක්ෂවරු අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබිණි.

පෙත්සම සලකා බැලූ විනිසුරු මඬුල්ල විසින් ජනවාරි 21 වනදා දක්වා බල පැවැත්වෙන පරිදි අදාළ අතුරු තහනම් නියෝගය නිකුත් කරන ලදී.

Continue Reading

පුවත්

විහාර දේවාලගම් පනතේ සංශෝධන සම්මත කර ගැනීමට පියවර

Published

on

By

විහාර දේවාලගම් පනතේ සංශෝධන කඩිනමින් සම්මත කර ගැනීමට පියවර ගන්නා බව බුද්ධ ශාසන ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් ඒ.එච්.පී.එම්.බී අතපත්තු මහතා සඳහන් කළේ, පනතේ 41 හා 42 වගන්ති සංශෝධනය සම්බන්ධයෙන් මල්වතු අස්ගිරි මහානාහිමිවරුන්ගේ නිරීක්ෂණ මේ වනවිට අමාත්‍යංශයට ලැබී ඇති බවය.

ඒ අනුව එම නිරීක්ෂණ ද ඇතුළත් කොට නීති කෙටුම්පත් සම්පාදක විසින් අවශ්‍ය සංශෝධන සිදු කර ඇති බව ඔහු ප්‍රකාශ කලේය.

ඒවා නිතීපතිවරයා වෙත යොමු කර ලැබෙන අනුමැතියෙන් අනතුරුව සංශෝධන කැබිනට් මණ්ඩලය වෙත යොමු කිරීමට නියමිතය.

ඉන් පසු විහාර දේවාලගම් පනතට ගෙන එන සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.

විහාර දේවාලගම් පනතේ පවතින අඩු පාඩු නිවැරදි කරමින් වර්තමානයට ගැලපෙන ලෙස නීති සංශෝධනය මෙම සංශෝධන හරහා සිදු කෙරෙන බව අමාත්‍යංශය ප්‍රකාශ කලේය.

Continue Reading

පුවත්

එක් තීරයක්, එක් මාවතක් හදන්න ලංකාව කැපවෙනවා – ජනපති

Published

on

By

චීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (15) පස්වරුවේදී චීන ජනාධිපති ෂී ජින්පිං මහතාව හමුවිය.

චීන මහජන ශාලාව වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර ආචාර වෙඩිමුර සහිතව ඉතා අභිමානවත් අයුරින් එම පිළිගැනීමේ උත්සවය සංවිධානය කර තිබිණි.

අනතුරුව රාජ්‍ය නායක දෙපළ අතර සුහද කථාබහකින් පසු දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ විය.

මෙහිදී අදහස් දැක්වූ ජනපති අනුර කුමාර දිසානායක මහතා පවසා ඇත්තේ ‘එක් චීනයක් ප්‍රතිපත්තිය’ වෙනුවෙන් ලක් රජය පෙනී සිටින බවයි.

ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය සහ නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා චීනය ලබා දුන් වටිනා සහයෝගයටද ඔහු කෘතඥතාව පළ කර සිටියේය.

කලාපීය සම්බන්ධතාවය වැඩි දියුණු කිරීමට එක් තීරයක් සහ මාවතක් (Belt and Road) ව්‍යාපෘතිය ගොඩනැගීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බවත් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත.

ලංකාවේ ආයෝජනය කිරීමට තවදුරටත් චීන සමාගම් වෙත ලංකාව ආරාධනා කරන බව පැවසූ දිසානායක මහතා,  යටිතල පහසුකම්, බලශක්තිය, කෘෂිකර්මාන්තය, මූල්‍ය, දරිද්‍රතාවය අවම කිරීම, ඩිජිටල් පරිවර්තනය, සංචාරක, සමුද්‍රීය කටයුතු හා පිරිස් පුහුණුව වැනි ක්ෂේත්‍ර තුළ, චීනය හා සහයෝගීතාව ශක්තිමත් කිරීමට කැමැත්ත පළ කළේය.

චීන සමූහාණ්ඩුව දශක කීපයක් තිස්සේ ශ්‍රී ලංකාව සමාජ ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් කාර්යභාර්යයක් ඉටු කර ඇති බවත්, මෙම සංචාර අපගේ රටවල් සහ ජනතාවගේ අඅන්‍යෝන්‍ය අභිවෘද්ධිය වෙනුවෙන් බහුපාර්ශ්වික සහයෝගීතාවය ශක්තිමත් වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ජනපතිවරයා මෙහිදී පවසා ඇත.

තවද, ගෝලීය දකුණේ වැදගත් නායකයෙකු වන චීනය, ජාත්‍යන්තර කටයුතුවල දී සංවර්ධනාත්මක කාර්යභාරයක් ඉටු කරන බවත්, චීනය සමඟ විවිධ බහුපාර්ශ්වික අවස්ථාවලදී සම්බන්ධීකරණ හා අන්‍යෝන්‍ය සහාය ශක්තිමත් කොට පොදු අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බවත් දිසානායක මහතා වැඩිදුරටත් පවසා ඇත. 

මෙහිදී අදහස් දක්වමින් චීන ජනපති ෂී ජින්පිං මහතා පෙන්වා දී ඇත්තේ මීට 68 වසරකට පෙර චීනය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇරඹුනු දින සිට දෙරටේ සබඳතා සැම විටම විධිමත් හා ස්ථාවර වර්ධනයක පවතින බවත්, මිත්‍රශීලී සහජීවනය සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාවය සඳහා ලොකු කුඩා රටවලට ආදර්ශයක් සපයා ඇති බවත්ය.

එසේම, චීනය සහ ශ්‍රී ලංකාව අතර “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙල උසස් තත්ත්වයෙන් ඒකාබද්ධව ගොඩනැගීම වඩාත් ඵලදායී ප්‍රතිඵල ලබා ගෙන ඇති අතර එය දෙරටේ ජනතාවට ප්‍රායෝගිකව සුභ සෙත සලසා තිබෙන බව හෙතෙම කියා සිටියේය.

කලාපීය සාමය හා ස්ථාවරත්වය සඳහා ශ්‍රී ලංකාව සමඟ එක්ව පොදුවේ කටයුතු කිරීමට චීනය සූදානමින් සිටින බව ද චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

රාජ්‍ය නායක දෙපළ අතර නිල හමුවෙන් පසු දෙරට අතර ආර්ථික, සමාජයිය හා කර්මාන්ත යන ක්ෂේත්‍රවලට අදාළ අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීම ද සිදු කෙරිණි.

(මූලාශ්‍රය : CCTV +)

සබැඳි  පුවත් :

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved