Connect with us

පුවත්

මහ මැතිවරණ පැමිණිලි තවත් ඉහළට

Published

on

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව මේ වන විට පැමිණිලි 2,088 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.

ඔවුන් කියා සිටියේ, ජාතික මැතිවරණ පැමිණිලි මධ්‍යස්ථානයට පැමිණිලි 317ක් සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 1,424 ක් ලැබී ඇති බවය.

පුවත්

විදුලිසැර වැදී පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

Published

on

By

විදුලිසැර වැදී පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මදුරන්කුලිය පොලිස් වසමේ, සීමරගම, කොත්තත්තිව් ප්‍රදේශයේ පදිංචි අවුරුදු 16ක සිසුවෙකි.

මෙම සිසුවා නිවසේ තිබූ විදුලි උපකරණයක් විදුලි පේණුවට සම්බන්ධ කිරීමට යෑමේදී මෙම අනතුරට මුහුණ දී තිබේ.

ඊයේ (01) දහවල් කාලයේ දී මෙම අනතුර සිදුව ඇතැයි මදුරන්කුලිය පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මෘත ශරීරය පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, මදුරන්කුලිය  පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Continue Reading

පුවත්

මේ මාසයේ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනයක් නෑ

Published

on

By

මේ මාසයට අදාළව ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොකිරීමට ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් තීරණය කර තිබේ.

එම සමාගම් සඳහන් කළේ, පෙර පැවති මිලටම මේ මාසයේදීත් ගෑස් සිලින්ඩරයක් අලෙවි කෙරෙන බවයි.

Continue Reading

පුවත්

ජල සම්පාදන මණ්ඩලයට හැකර් ප්‍රහාරයක්

Published

on

By

ජාතික ජල සම්පාදන මණ්ඩලයේ කෙටි පණිවිඩ සේවාවට කිසියම් අනවසර ඇතුළු වීමක් දක්නට ලැබේ.

එම ඇතුළු වීම හරහා අදාළ කෙටි පණිවිඩ ද්වාරයේ පාලනය ඔවුන් සියතට ගෙන ඇති අතර පාරිභෝගිකයන් රැසකට මේ වනවිට කෙටි පණිවිඩ යවා තිබේ.

ඒවායේ දැක්වෙන්නේ ඔවුනගේ දත්ත නැවත ලබාගැනීම සඳහා බිට්කොයින් එක හමාරක මුදලක් ගෙවන ලෙසය.

එම මුදල බැර කළ යුතු අන්තර්ජාල ගිණුම් ලිපිනයක්ද දක්වා තිබේ.

එම පණිවිඩය මගින් මේ සම්බන්ධයෙන් තමන්ට දෝෂාරෝපණය නොකරන ලෙසත් වරද රජයේ බවත් සටහන් කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved