Connect with us

පුවත්

මළ කැස්බෑවෝ වෙරළට ගොඩ ගසන්නේ ඇයි?

Published

on

දින දෙකක පමණ කාලයක සිට කොළඹ ආශ්‍රිත වෙරළ තීරයට කැස්බෑ මළසිරුරු අසාමාන්‍ය ලෙස ගොඩ ගැසීමක් සිදුවන බව පරිසරවේදීහු කියති.

පසුගිය 22 වැනිදා වැල්ලවත්තේ සිට ගාලු මුවදොර දක්වා වෙරළ තීරය තුලින් කැස්බෑ සිරුරු 10 කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර ඊයේ (23) දිනයේද පමුණුගම, උස්වැටකෙයියාව, ගල්කිස්ස යන වෙරළ තීරයන් වෙතද කැස්බෑ සිරුරු විශාල ප්‍රමාණයක් ගොඩගසා තිබූ බව වාර්තා වේ.

මෙම කැස්බෑ මළසිරුරු කිහිපයක ඇස් ඉදිමී, ඇතැම් සිරුරුවලින් රුධිරය වහනය වන ආකාරයද දක්නට ලැ‍බි තිබූ අතර මිය ගිය මසුන්ගේ සිරුරු කිහිපයක්ද වෙරළ තීරයට ගොඩගසා තිබිණි.
මේ සම්බන්ධයෙන් නාවික හමුදාව කළ දැනුම්දීමකට අනුව වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ නාරා ආයතනය පොලීසිය හා නාවික හමුදාව සමග අදාළ ස්ථානවලට පැමිණ විමර්ශන ආරම්භ කර තිබේ.

ඒ අනුව වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත මෝසමක් ගොනු කරමින්, ගාලු මුවදොර වෙරළ තීරයට ගොඩගසා තිබූ කැස්බෑ මළසිරුරු 04 ද අධිකරණය හමුවට ඉදිරිපත් කළ අතර එහිදී කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා බෙල්ලන්විල පශු වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කළේ, පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකර මෙම කැස්බෑවුන්ගේ මරණවලට හේතුව සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණයට ලබාදෙන ලෙසයි.

කැස්බෑවෝ පුපුරලා මැරෙන්නේ ඇයි?

කැස්බෑවන් මෙලෙස අසාමාන්‍ය ලෙස මිය යාමට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නැතත් පරිසරවේදී නයනක රන්වැල්ල මහතා පවසන්නේ ගැඹුරු මුහුදු තීරයේ මිනිස් ක්‍රියාකාරකමක් නිසා සිදුවූ පිපිරීමක් මීට හේතුව විය හැකි බවය.

එමෙන්ම ‘ලයිලා’ වැනි ධීවර ක්‍රමයක් හෝ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ යම් කාන්දුවක් මීට හේතුව විය හැකි යැයි ද ඔහු සැක පළකරයි.

මේ අතර, කොළඹ දිස්ත්‍රික් අඩවි වන ආරක්ෂක නිලධාරී සමන් ලියනගම මහතා  කියා  සිටින්නේ කැස්බෑවුන්ගේ කට්ට පිපිරීම සිදුවිය හැකි ක්‍රම කිහිපයක් ඇති බවයි.

ඉන් එකක් ඩයිනමයිට් වැනි පිපිරීමක් නිසා සිදු විය හැක බවත්, ඉක්මන් පීඩන තත්ත්වයක් ඇතිවීමෙන් පෙනහළ්‍ර වලට වන හානි නිසා එය සිදුවන බව සමන් මහතා  පෙන්වා දෙයි.

එසේම මියගොස් දින කිහිපයක් ගිය පසුව කට්ට පිපිරීම සිදුවන බව ඔහු කියා සිටියේය.

පුවත්

විජයදාස ළග සමාව ඉල්ලපු චමුදිත

Published

on

By

හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගෙන් සහ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ජනප්‍රිය මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා කොන්දේසි විරහිතව අද (04) දින සමාව ඉල්ලා සිටියේය.

චමුදිත සමරවීක්‍රම මහතා විසින් මෙහෙයවන අන්තර්ජාල නාලිකාවක අපහාසාත්මක කරුණු ඉදිරිපත් කිරීමක් සම්බන්දයෙව් විජයදාස රාජපක්ෂ මහතා විසින් ගොනු කරන ලද ලද අයදුම්පතකට මෙම සමාව ඉල්ලා සිටියේය.

ඉදිරියේදීත් නිසි තොරතුරු ගවේෂණයකින් තොරව පුද්ගලයන් සම්බන්ධයෙන් අපහාසාත්මක හෝ නොසැලකිලමත්ව කරුණු ප්‍රසිද්ධ කිරීමෙන් වළකින ලෙසද අධිකරණය ඔහුට අවවාද කරන ලදී.

Continue Reading

පුවත්

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් ජනාධිපති අරමුදලට රුපියල් මිලියන 100ක පරිත්‍යාගයක්

Published

on

By

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් ජනාධිපති අරමුදලට රුපියල් මිලියන100ක පරිත්‍යාගයක්  සිදු කර තිබේ.

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ දීපක් දාස් මහතා විසින් ඊට අදාළ චෙක්පත ජනාධීපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (04) භාර දෙන ලදී.

මෙම පරිත්‍යාගය, ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් මෙරට අධ්‍යාපන, සෞඛ්‍ය හා සංස්කෘතික ක්ෂේත්‍රවලට ලබා දෙන පරිත්‍යාගවලට අමතරව ලබා දුන් පරිත්‍යාගයක් වීම විශේෂත්වයකි.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ නියෝජිතයෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

දාස් මහතා ඉකුත් ජුනි 29 සිට ජූලි 02 දක්වා කොළඹ සිටි ඉන්දියානු කර්මාන්ත සම්මේලනයේ (CII) ප්‍රධාන විධායක නිලධාරීන්ගේ නියෝජිත කණ්ඩායමේ සාමාජිකයෙකු ද විය.

Continue Reading

පුවත්

හිටපු ඇමති එස්. එම් චන්ද්‍රෙස්න රිමාන්ඩ් (UPDATE)

Published

on

By


හිටපු අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

ඒ ඔහු අද (04) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

එහිදී මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ ඔහු එළැඹෙන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටය.

2015 ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 25ක් වටිනා බඩඉරිඟු බීජ හිතවතුන්ට බෙදාදීමේ සිද්ධියකට අදාළව ඔහු අද පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවට කැඳවා තිබුණි.

එහිදී ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතාව අත්අඩංගුවට ගත් අතර එහිදී ඔහු කොළඹ අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කෙරිණි.


(පෙර පුවත 2025 ජුලි 04 ප.ව.4.33 )

හිටපු අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන මහතා අධිකරණයට

හිටපු අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන මහතා අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව ඔහු කොළඹ අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කළ බව සඳහන් වේ.

2015 ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 25ක් වටිනා බඩඉරිඟු බීජ හිතවතුන්ට බෙදාදීමේ සිද්ධියකට අදාළව හිටපු අමාත්‍යවරයා අද පෙරවරුවේ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනුණි.


(පෙර පුවත 2025 ජුලි 04 පෙ.ව.10.41 )

එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved