Connect with us

පුවත්

මාතර ගංවතුර තත්ත්වය ගැන දැනුම්දීමක්

Published

on

පවතින අයහපත් කාලගුණ තත්ත්වයක් සමඟ මාතර දිස්ත්‍රික්කය තුළ පැවති සුළු ගංවතුර තත්ත්වය මේ වන විට පහව යමින් පවතින බව මාතර ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

නිල්වලා ගඟ සහ නිල්වලා ගඟේ අතු ගංගාවක් වන කිරම ආර පිටාර ගැලීමෙන් අද (26) උදෑසන වනවිට මාර්ග කිහිපයක් තවදුරටත් ජලයෙන් යටව පැවතුණි.

ඊයේ (25) දිනයට සාපේක්ෂව අද උදෑසන වන විට ජලයෙන් යටව තිබූ බොහෝ මාර්ගවල ජලය බැස ගොස් ගමනාගමනය යථාතත්ත්වයට පත් වී ඇති බවයි මාතර දිස්ත්‍රික් ආපදාකළමනාකරණ ඒකකය සඳහන් කළේය.

නිල්වලා ගඟ පිටාර ගැලීමෙන් අකුරැස්ස කද්දුව හරහා මාලිම්බඩ මාර්ගය මාලිම්බඩ උතුර මහා විද්‍යාලයේ අසලින් හා කද්දුව විටියල මාර්ගය මැද්දගොඩ ප්‍රදේශයෙන් තවදුරටත් යටව පවතින අතර කිරම ආර පිටාර ගැනීමෙන් කඹුරුපිටිය කද්දුව මාර්ගය ගෝදව ප්‍රදේශය තවදුරටත් ජලයෙන් යටව පැවතිමෙන් ගමනා ගමන කටයුතුවලට බාධා මතුව තිබේ.

මෙම ආපදා තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරක පවුල් 61 පුද්ගලයින් 240 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව මාතර දිස්ත්‍රික් ලේකම් ගනේශ අමරසිංහ මහතා ප්‍රකාශ කලේය.

නිල්වලා ගංගාවේ සහ එහි අතු ගංගාවල ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ සිට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී නොමැති බව මාතර ආපදා කළමනාකරන ඒකකය විසින් පැවසු අතර, උසස් පෙළ විභාගය සඳහා ගමන් කරන දරුවන් සඳහා සකසා ඇති විශේෂ ප්‍රවාහන වැඩපිළිවෙළ අද දිනයේ ක්‍රියාත්මක කළ බව එම ඒකකය වැඩිදුරටත් කියා සිටියේය.

ශ්‍රී ලංකාවට නැගෙනහිරින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රෙද්ශයේ මේ වන විට නිර්මාණය වී ඇති පීඩන අවපාතය හේතුවෙන් අද දිනය තුළ දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර 200 ඉක්මවන තද වැසි ඇදහැලෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කැබිනට් තීරණ

පොදු ප්‍රවාහනට ළඟදීම මෙට්‍රෝ බස් 100ක්

Published

on

By

පොදු ප්‍රවාහනයේ නවීකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙට්‍රෝ බස් රථ 100ක් ධාවනයට එක්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

සුවපහසු, දියුණු තාක්ෂණයෙන් යුතු එම බස් රථ හඳුන්වා දීමට 2025 අයවැය මඟින් ද යෝජනා වුණි.

ඒ අනුව බස්නාහිර පළාතේ කොළඹ ඇතුළුව, මාකුඹුර, කඩුවෙල, කඩවත සහ මොරටුව යන ප්‍රධාන මාර්ග කොරිඩෝ කිහිපයක් ඔස්සේ මගී ප්‍රවාහනය සඳහා මෙම පහත් පිවිසුම් සහිත බස් රථ එක්වෙනු ඇත.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාගේ යෝජනාව සැලකිල්ලට ගෙන 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් පරිපාලිත සමාගමක් ස්ථාපිත කර යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Continue Reading

කැබිනට් තීරණ

මේ සතියේ කැබිනට් තීරණ මෙන්න (UPDATE)

Published

on

By

ඊයේ (ජූනි 02) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ.

එම තීරණ මෙසේය :


(පෙර පුවත 2025 ජූනි ප.ව.12.49 )

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

අද (03) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, June 3, 2025

Continue Reading

කැබිනට් තීරණ

බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය

Published

on

By

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව දේශීයව බඩ ඉරිඟු සපයා ගැනීමට ඇති අපහසුව සැලකිල්ලට ගෙන වසරකට අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් යුතු බඩඉරිඟු ආනයනය කිරීමට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය වෙත ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සඳහා වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 18,000ක් වන අතර මාසිකව අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 1,500කි.

සියලූම ගර්භණී මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන මාස 6ට වැඩි ළඳරුවන් හා අවුරුදු 5ට අඩු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබාදෙනු ලැබේ.

එහිදී ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු සහ සෝයා බෝංචි ප්‍රධාන අමුද්‍රව්‍යයන් ලෙස යොදා ගනී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved