Connect with us

පුවත්

මාතලේ වත්තෙ සිද්ධියෙන් පාර්ලිමේන්තුවත් රත් වෙයි

Published

on

පසුගියදා මාතලේ රත්තොට රජයේ වත්තක දුප්පත් පවුලකට සිදුවූ හිරිහැර කිරීමක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරුන් අද පෙරවරුවේ (22) සිදුකළ විරෝධයකින් පාර්ලිමේන්තුව උණුසුම් විය.

මන්ත්‍රීවරුන් විසින් සභා ගර්භය මැදට පැමිණ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයේ යෙදී තිබුණි.

රෝහිණී කුමාරි විජේරත්න, වඩිවෙල් සුරේෂ්, එස් රාධක්‍රිෂ්ණන්, මනෝ ගනේෂන්, එස්.වේළු කුමාර්, කින්ස් නෙල්සන්, චමින්ද විජේසිරි, කාවින්ද ජයවර්ධන ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් සම්බන්ධ වී සිටි මෙම විරෝධතාව හේතුවෙන් පැයකට ආසන්න කාලයක් සභාවේ කටයුතු පාලනය කරගැනීමට කතානායකවරයාට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බව වාර්තා වේ.

මෙම විරෝධතාවයට පාදක වූ සිද්ධිය සම්බන්ධයෙන් අන්තර්ජාලයේ පළ වූ වීඩියෝවක් ගැන ඊයේ දිනයේදී ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතාද පැහැදිලි කිරීමක් ද සිදුකර තිබුණි.

සබැදි පුවත් :

ජීවන් කරුණු පහදයි

පුවත්

ඉන්දියාවෙන් ලුණු එනවා ඒ නිසා හිග නෑ – ලුණු සමාගමේ සභාපති

Published

on

By

ඉන්දියාවෙන් ඇණවුම් කළ ලුණු මෙට්‍රික් ටොන් 30,000න් 20,000ක පළමු තොගය ලැබීමෙන් පසු ලබන 19 වැනිදා වන විට ඒවා වෙළෙඳපොළට නිකුත් කළ හැකි බැවින් හිඟයකින් තොරව ජනතාවට අවශ්‍ය ලුණු මිල දී ගත හැකි බව ලංකා ලුණු සමාගමේ සභාපති ඩී. නන්දනතිලක මහතා “සිළුමිණට”අනාවරණ කර තිබේ.

ලංකා ලුණු සමාගම ඇණවුම් කළ තවත් මෙට්‍රික් ටොන් 10,000ක් ඉදිරියේදී ලැබීමට නියමිත බවත්, ලබන සතියේ සිට ලුණු පැකට් ලක්ෂ දෙක බැගින් වෙළෙඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම පවසා ඇත.

ඉකුත් 14 වැනිදා සිට ලංකා ලුණු සමාගම මඟින් මේස ලුණු ග්‍රෑම් 400 ප්‍රමාණයේ පැකට් දිනකට ලක්ෂය බැගින් ලංකා සතොසට නිකුත් කිරීමට පියවර ගත් බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

ඒ මහතා මීට පෙර පවසා තිබුණේ මේ වසරේදී ලුණු කැටයක් හෝ නිෂ්පාදනය කිරීමට නොහැකි වූ බවයි. 

ඒ පැවැති අයහපත් කාලගුණය නිසා බවද ඔහු පවසා තිබිණි.

සබැදි පුවත් :

Continue Reading

පුවත්

දුම්රිය ස්ථානාධිපත්වරු අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයේ

Published

on

By

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් අද (16) මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වැඩවර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කර තිබේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් එම සංගමය මෙම වැඩවර්ජනය කිරීමට නියමිතව ඇත.

මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රිය රැසක් අවලංගු කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයිද වාර්තා වේ.

Continue Reading

පුවත්

කොටහේනේ යළි වෙඩි තැබීමක්

Published

on

By

කොටහේන ප්‍රදේශයේ තැබීමක් සිදුව තිබේ.

වෙඩි වැදීමෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved