Connect with us

පුවත්

“මාධ්‍යයට වාරණ දාන්න කිසිම අදහසක් නැහැ”

Published

on

මාධ්‍යයට වාරණ පැනවීමට නව රජයට කිසිදු අදහසක් නොමැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අමාත්‍යවරයා පවසන්නේ, ජනතාව වෙනුවෙන් මාධ්‍ය නිසිලෙස මෙහෙයවීමේ වගකීම රජය ඉටු කරන බවය.

ඔහු මේ බව කියා සිටියේ, ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගම‍යේ නියෝජිතයින් පිරිසක් සමග  ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවකදීය.

මාධ්‍ය සහ රජය අවබෝධයෙන් කටයුතු කළ යුතු බවත් රජය ජනතාව වෙනුවෙන් මාධ්‍ය නිසි ලෙස මෙහෙයවීමේ වගකීම ඉටු කරන අතර මාධ්‍යයට වාරණ පැනවීමට රජයට කිසිදු අදහසක් නොමැති බවත් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

පුවත්

පැතුම් පළමු ටෙස්ට් තරගයෙන් ඉවතට!

Published

on

By

ආබාධයන්ට ලක් වූ ශ්‍රී ලංකා පිතිකරුවන් වන පැතුම් නිස්සංක සහ කමිඳු මෙන්ඩිස්ගේ ටෙස්ට් තරගාවලියට පෙර පැවැත්වෙන අවසන් වෛද්‍ය පරීක්ෂාවන් ඊයේ (20) සිදු කෙරුණු අතර ඒ අනුව කමිඳු මෙන්ඩිස් හට ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ක්‍රීඩා කිරීමට හැකි බව තහවුරු වී ඇත. 

කෙසේ වෙතත් තවමත් පූර්ණ සුවය ලබා නොමැති පැතුම් නිස්සංක හට පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමට අවස්ථාවක් හිමි නොවේ.

සී.සී.සී. සහ එස්.එස්.සී. කණ්ඩායම අතර පසුගිය සිකුරාදා (17 ) පැවැති මේජර් ක්ලබ් තුන්දින තරගාවලියේ තරගය අතරතුර උඩ පන්දුවක් රැක ගැනීමට උත්සාහ කිරීමේදී කමිඳු දකුණු අතෙහි ආබාධයකට ලක් විය. 

එහිදී ඔහුගේ ඇඟිලි අතර පටලය හානි වූ අතර එම ආබාධයේ තත්ත්වය බරපතළ නොවන බැවින් කමිඳුට පළමු ටෙස්ට් තරගයේ සිට තරගාවලියට සහභාගීවීමට අවස්ථාව හිමි වේ. 

මේ අතර නවසීලන්තයේ පැවැති අවසන් එක්දින තරගයේදී පාදයේ ආබාධයකට මුහුණ දුන් පැතුම්ගේ මේ වන විට තත්ත්වය අනුව පළමු ටෙස්ට් තරගයෙන් විවේක ගැන්වීම වෛද්‍ය නිර්දේශය වී ඇති අතර ඒ අනුව ඔහු දෙවැනි ටෙස්ට් තරගය සඳහා පමණක් සහභාගී කරවීමට මේ වන විට සැලසුම් කර ඇත.

මේ අතර බිග් බෑෂ් තරගාවලියේදී වැලමිටෙහි ආබාධයකට මුහුණදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායමේ තාවකාලික නායක ස්ටීවන් ස්මිත් හට ශ්‍රී ලංකා තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට හැකි බව ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ (20) තහවුරු කර ඇත. 

මින් පෙර ඔහුගේ ශ්‍රී ලංකා තරගාවලි සහභාගීත්වය අවිනිශ්චිත මට්ටමක පැවතුණි. 

මේ අනුව ස්මිත් මේ වන විට ඩුබායි හි පුහුණු කඳවුරකට සහභාගී වී සිටින ඔස්ට්‍රේලියා කණ්ඩායම සමගින් සම්බන්ධවීමට නියමිත අතර ඔහු මෙම සතිය අවසන් වන විට පිතිකරණ පුහුණුවීම් අරඹනු ඇතැයි වර්තා වේ.

Continue Reading

පුවත්

ක්ලීන් ශ්‍රී ලංකා ගැන කල් තැබීමේ විවාදය අද

Published

on

By

පාර්ලිමේන්තුව අද (21) පෙරවරු 9.30 ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි.

අද සිට ලබන සිකුරාදා දක්වා පාර්ලිමේන්තුව රැස්වනු ඇත.

පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය සඳහන් කළේ, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අද සහ හෙට පැවැත් වෙන බවයි.

ලබන බ්‍රහස්පතින්දා ආනයන හා අපනයන පාලන පනත යටතේ රෙගුලාසි, ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත, වරාය සහ ගුවන්තොටුපොළ සංවර්ධන බදු පනත යටතේ පළ කළ නියෝග විවාදයට ගැණෙනු ඇති.

සිකුරාදා සම්පූර්ණ දිනය වෙන්ව ඇත්තේ, අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ශෝක ප්‍රකාශ යෝජනා පළ කිරීම සඳහායි.

Continue Reading

ඡායාරූප සටහන

චීන අලුත් අවුරුද්දට සංස්කෘතික සැමරුමක් (ඡායා / වීඩියෝ)

Published

on

By

මහජන චීන සමූහාණ්ඩුවේ අලුත් අවුරුද්ද සැමරීමට සමගාමීව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය හා චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යංශයේ සත්කාරකත්වයෙන් චීන අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් සංස්කෘතික සැමරුමක් කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී ඊයේ (19) පැවැත්විණි.

එම උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් නිකුත් කළ සුබ පැතුම් පණිවිඩය එහිදී අග්‍රාමාත්‍යවරිය විසින් සභාවට ඉදිරිපත් කළාය.

චීන සංස්කෘතිකාංග සමගින් වර්ණවත් වූ මෙම සැමරුම් උත්සවයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා, මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා, ශ්‍රි ලංකාවේ චීන තානාපති චී ජන්හොන්ග් මහතා, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි යන මහත්වරු ඇතුළු ශ්‍රී ලාංකිකයන් සහ චීන ජාතිකයින් පිරිසක් එක්ව සිටියහ.

මේ වැඩසටහන හර්නෑන් පළාතේ ජ’ංජෝ (Zhengzhou) නගරයේ සංස්කෘතිය පිළිබඳ නගර කාර්යාංශය, සිචුවාන් සංචාරක සරසවිය, මෙරට චීන සංස්කෘතික මධ්‍යස්ථානය, පොර්ට් සිටි කලම්බෝ පුද්ගලක සමාගම හා සිනමන් හොටේල් ඇන්ඩ් රිසෝට් පුද්ගලික සමාගම විසින් සංවිධානය කර තිබිණි.
අලුත් අවුරුදු සැමරුමට සමගාමීව Henan Art Troupe සහ Sichuan Chef Team හි 34 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක්ද ලංකාවට පැමිණ සිටී.

ජනවාරි 20 සිට 23 දින දක්වා “චීන ආහාර සැණකෙළිය” හා “වරාය නගර චීන සංස්කෘතික රාත්‍රිය” පැවැත්වීමට ද කටයුතු සංවිධානය කර ඇත.

(ඡායා – ශානිකා ජයසේකර / වීඩියෝ – කැළුම් ශිවන්ත)

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved