Connect with us

පුවත්

මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේට නැගෙනහිර ටීමෝරයෙන් ගෞරව සම්මානයක්

Published

on

නැගෙනහිර ටිමෝරයේ ජනාධිපති රාමෝස් හොර්ටා මහතා විසින් වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ෆ්‍රෙඩී ගමගේ මහතාට විශේෂ ගෞරව පදක්කමක් හෙට (27) නැගෙනහිර ටිමෝරයේ අගනුවරදී පිරිනැමීමට නියමිතය. 

ඒ නැගෙනහිර ටිමෝරයේ නිදහස වෙනුවෙන් කරන ලද අරගලයට වෙනත් රටක සිවිල් සමාජ සහ මානව හිමිකම් ආරක්ෂා කිරිමේ ක්‍රියාධරයකු සහ මාධ්‍යවේදියකු ලෙස ලබා දෙන ලද අසීමීත සහයෝගයට ගෞරව දැක්වීමක් ලෙසය.

ඔහු අදාළ සම්මානය ලබා ගැනීම සඳහා මේවන විට නැගෙනහිර ටිමෝරය වෙත යමින් සිටින අතර ශ්‍රී ලංකා මිරර් කළ විමසීමකදී ගමගේ මහතා කියා සිටියේ ඔහු මේවන විට සිංගප්පූරු ගුවන් ‌තොටුපලේ සිටින බවයි.

ගමගේ මහතා සිංගප්පූරු ‌ගුවන්තොටේදී…

මීගමුව ශාන්ත මරියා මහා විදුහලෙන් උසස් අධ්‍යාපනය ලැබූ ගමගේ මහතා උසස්  පෙළ සිසුවකු ලෙස කටයුතු කරන කාලයේදීම මීගමුව ජනාවබෝධ කේන්ද්‍රය ස්ථාපිත කර එය ඉදිරියට ගෙන යාමට ප්‍රධාන වශයෙන් කටයුතු කළ අයෙකි.

එසේම, ඔහු තරුණ කාලයේදී සරත් ඉද්දමල්ගොඩ පියතුමා සමඟ කටයුතු කරමින් පොඩි මිනිසා වෙනුවෙන් වීදියේ සටන් වැඳි අයෙකි.

උපාධිධාරියකු ද වන ඒ මහතා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන ආයතනයෙන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳව උසස් ඩිප්ලෝමාවක්ද හදාරා තිබේ.

ෆ්‍රෙඩී ගමගේට නැගෙනහිර ටීමෝරයෙන් ගෞරව සම්මානයක් ලැබෙන බව සැලැවීමත් සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුගේ සසටන් සගයන්, මිතුරන් මෙන්ම සමකාලීනයන් කිහිපදෙනෙකු විවිධ සටහන් තබා තිබිණි.

ඉන් කිහිපයක් පහත දැක්වේ.

පුවත්

මෙරට ප්‍රංශ තානාපති අභාවප්‍රාප්ත වෙයි

Published

on

By

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපතිවරයා රාජගිරිය ප්‍රදේශයේ පිහිටි සිය නිල නිවස තුළදී මියගොස් ඇති බව පොලීසිය පවසයි.

Jean Francois Pactet මහතා මියයන විට 53 හැවිරිදි වියේ පසුවිය.

දේහය සම්බන්ධයෙන් ස්ථානීය මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතව ඇත.

Continue Reading

කලා

ආනන්ද පෙරේරා දිවිගමනට සමුදෙයි!

Published

on

By

මෙරට ප්‍රවීණ සංගීතඥයෙකු හා ගායකයකු වූ ආනන්ද පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 67 හැවිරිදි වියේ පසුවිය.

මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇත.

මෙරට අතිශය ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වූ සිහශක්ති සංගීත කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ ඔහු විසිනි.

Continue Reading

පුවත්

“රාජපක්ෂලා එක්ක ඩීල් නොදැම්මේ සජබ විතරයි”

Published

on

By

රට විනාශ කළ රාජපක්ෂවරුන් සමග ඩිල් නොදැමූ එකම පක්ෂය සමගි ජන බලවේගය පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඔහු මෙම අදහස් පල කළේ, සජිත් ජනපති කරන, ජන බලය ගොඩ නගන ජන පවුර යන මැයෙන් සමගි ජන බලවේගය සංවිධාන කළ ජන රැළියට පොළොන්නරුව – කදුරුවෙළ නගරයේදී ඊයේ (25) එක්වෙමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ නන්දසේන හේරත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලක් මහලේකම් සහ ජනතා විමුක්ති පෙරමුණේ පොළොන්නරුව මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී සමන්ත බණ්ඩාර විපක්ෂ නායක සජිත්ප්‍රේමදාසට සහය පළ කරමින් මෙහිදී සමගි ජන බලවේගය සමග එක්විය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුලු සමගි ජන බල වේගය නියෝජනය කරන විශාල පිරිසක් මෙම රැලිය සඳහා එක්ව සිටියහ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved