Connect with us

පුවත්

මානව හිමිකම් කොමිසම උසාවි යයි

Published

on

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ අඛණ්ඩව විදුලිය ලබාදීමට මානව හිමිකම් කොමිසම කළ විධානය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීමෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ අධිකාරි බලයට අපහාස කළැයි චෝදනා කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයාට සහ ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු පිරිසකට එරෙහිව මානව හිමිකම් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කොට ඇති පැමිණීල්ල ඉදිරි කටයුතු සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා වෙත යොමුකර තිබේ.

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලිය සපයන බවට ඇතිකර ගත් සමථය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ අධිකාරි බලයට අගෞරව කොට අපහාසයක් සිදු කළේ යැයි චෝදනා කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම යොමු කළ එම පැමිණිල්ල ශ්‍රේෂ්ඨාධිකරණයේ ලියාපදිංචි කිරීමෙන් අනතුරුව අගවිනිසුරුවරයා වෙත යොමු කොට ඇතැයි වාර්තාවේ.

අධ්‍යාපන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන ජනවාරි මස 23 වැනිදා සිට පෙබරවාරි මස 17 වැනිදා දක්වා කාලය තුළ කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලිය සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පසුගිය 25 වැනිදා කැඳවන ලද සාකච්ඡාවකදී එම කාලය තුළ අඛණ්ඩව විදුලිය සැපයීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා, ලංකා විදුලි බල මණ්ඩලය, මහජන උපයෝගීතා කොමිසම සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තම කොමිසම හමුවේ සමථයකට එළඹුණු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය

එම සාකච්ඡාව අවසානයේදී උසස් පෙළ විභාගය පැවැත්වෙන ජනවාරී 23 වැනිදා සිට පෙබරවාරී 25 වැනිදා දක්වා වන කාලසීමාවේදී අඛණ්ඩව විදුලිය ලබාදීමට සාකච්ඡාවට සහභාගී වු පාර්ශවකරුවන් සියළු දෙනා සමථයකට පැමිණී බවත් ඉන් අනතුරුව අදාළ සමථය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත යටතේ විධානයක් වශයෙන් ඉකුත් 26 වනදා නිකුත් කළ බවත් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති මානව හිමිකම් කොමිසම ඒ අනුව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, ලංකා විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගීතා කොමිසම සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යන ආයතන එම විධානය ප්‍රකාරව ක්‍රියාත්මක වී ඉකුත් 26 වැනිදා සවස 4.00 ට පෙර දැනුම් දෙන ලෙස ද මානව හිමිකම් කොමිසම විසින් අදාළ ආයතන වලට දැනුම් දුන්නත් අදාළ ආයතන එම විධානය ක්‍රියාත්මක කිරීම පැහැර හැර ඇතැයිද දැනුම් දී ඇත.

එම විධානය ක්‍රියාත්මක කිරීම සහ ඒ අනුව කටයුතු කිරීම පැහැර හැරීම සහ ප්‍රතිචාර දැක්වීම පැහැර හැරීමෙන් “කොමිෂන් සභා අධිකාරියට විරුද්ධව හෝ ඊට අගෞරව වන පරිදි අපහාස කිරීමේ වරද” සම්බන්ධයෙන් අදාල පාර්ශවකරුවන්ට එරෙහිව මානව හිමකම් කොමිසම අදාළ ආයතනවලට චෝදනා කොට ඇතැයිද වාර්තා වේ”

(ලංකාදීප)

පුවත්

ලුණු හිඟය බේකරි නිෂ්පාදනවලටත් බලපායි

Published

on

By

ලුණු හිඟය හේතුවෙන් තම කර්මාන්තයට බලපෑම් එල්ලවී ඇති බව බේකරි හිමියන් පවසයි.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා සඳහන් කළේ ලුණු ගැටලුව පිළිබඳ අමාත්‍යවරයාවද දැනුවත් කර ඇති බවය.

“මේ වනවිට ලුණු පිළිබඳ විශාල ප්‍රශ්නයක් මතුවෙලා ඇතිවෙලා තියෙනවා. අමාත්‍යවරයාත් අපි දැනුවත් කරලා තියෙනවා. අමාත්‍යවරයා කිව්වා අපට අවශ්‍ය ප්‍රමාණය ලබාදෙනවා කියලා. ඒ බලාපොරොත්තු ඇතුව තමයි මේ ඉන්නේ මොකද බේකරිවලට ඕනේ ලුණු කැට නෙමයි ගොඩක් පාචිච්කරන්නේ ලුණු කුඩු. ලුණු කුඩුවල හිඟියක් තමයි තියෙන්නේ. පංගුවක් බේකරි නිෂ්පාදන සඳහා ලුණු කුඩු අවශ්‍ය වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ලබන සතිය වෙනකොට මේ ප්‍රශ්නය විසඳෙයි කියලා.” 

Continue Reading

පුවත්

මර්වින්, ප්‍රසන්න ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

Published

on

By

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු පස්දෙනෙකු එළැඹෙන 26 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

ඒ ඔවුන් අද (19) මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

කිරිබත්ගොඩ පිහිටි ඉඩම් නඩු සිද්ධියට අදාළව ඔවුන් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

Continue Reading

පුවත්

විජයග්‍රහණයේ 16වන ජාතික සැමරුම – සජීවී විකාශය

Published

on

By

දශක තුනකට අධික කාලයක් පැවති කුරිරු ත්‍රස්තවාදය අවසන් කරමින් ලැබූ යුද ජයග්‍රහණය සැමරෙන ජාතික රණවිරු සැමරුම් උත්සවය මේ වනවිට ආරම්භ වී තිබේ.

බත්තරමුල්ල, රණවිරු ස්මාරකය අභියස දී පැවැත්වෙන මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වීමට නියමිතය.

උත්සවය සඳහා ත්‍රස්තවාදය නිමා කිරීමට ත්‍රිවිධ හමුදාවට නායකත්වය ලබාදුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක යන මහත්වරුන් ද සහභාගී වීමට ද නියමිතව තිබේ.

මේ අතර ජාතික රණවිරු සැමරුම් උත්සවය හේතුවෙන් අද පස්වරු 4 සිට බත්තරමුල්ල පාර්ලිමේන්තුව ආශ්‍රිත ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වේ.

වීඩියෝ – ජාතික රූපවාහිනිය

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved