Connect with us

පුවත්

මාර්ග ආරක්ෂාවට අදාළ නීති දැඩිව ක්‍රියාත්මක කරනවා

Published

on

මගී ආරක්ෂාව සහ රථවාහන විනය පිළිබඳව පවතින නීති ක්‍රියාත්මක කිරීමේදී පවතින බාධා නොසලකා නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන්සේවා ඇමැති බිමල් රත්නායක මහතා පවසයි.

කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ ඛේදවාචකය මෙන්ම මෑත කාලීනව සිදුවූ රිය අනතුරු ගැන අවධානය යොමු කරන විට මගී ආරක්ෂාව සහ රථවාහන විනය සම්බන්ධයෙන් බරපතළ සාකච්ඡාවක් සමාජය තුළ මතුව ඇති බවත්, එහිදී යම් යම් ගැටලුකාරී තත්ත්වයන් හා බාධාවන් මතු වන අතර ඒවා නොසලකා මේ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට අවශ්‍ය බවත් ඔහු ප්‍රකාශ කලේය.

කතරගම සිට කුරුණෑගල දක්වා ගමන් කරමින් තිබූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරළී යාම නිසා සිදු වූ අනතුරින් 23කුට අධික දිවි අහිමි වී ඇති අතර, සෙසු තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා නුවරඑළිය, ගම්පොළ, කොත්මලේ සහ නාවලපිටිය යන රෝහල්වලට ඇතුළත් කර තිබේ.

ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා එදිනම සවස එම අනතුර සිදු වූ ස්ථානයටත්, එම අනතුරින් තුවාල ලැබූ මගීන්ගේ සෞඛ්‍ය පහසුකම් පිළිබඳව සොයා බැලීමටත් අගමැතිනිය සහ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා සමඟ එම ප්‍රදේශයට ගිය අතර අනතුරට ලක් වූවන් සමඟ සමීප කතා බහකද නිරත වී තිබුණි.

තවද,ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මෙම අනතුරෙන් දිවි අහිමි වූ සියලු දෙනාට ජනාධිපති අරමුදල මඟින් එක් අයෙකුට රුපියල් මිලියනයක් බැගින් වූ මුදලක් ලබා දීමට තීරණය කර ඇති අතර මෙම බස් රථය රක්ෂණය කර ඇති රක්ෂණ සමාගමෙන් බස් රථයේ ගමන් ගත් මියගිය සහ තුවාල ලැබූ සියලු දෙනාට හිමි විය යුතු රක්ෂණ වන්දි කඩිනමින් ලබා දීම සඳහා මැදිහත් වන බව‍ය.

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading

පුවත්

IMF ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට විධායක මණ්ඩලයේ අනුමැතිය

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) විධිවිධානය යටතේ සිව්වන සමාලෝචනය ඊයේ (01) දින සම්පූර්ණ කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට වි.ගැ.හි. මිලියන 254ක්, එනම් එක්සත් ජනපද ඩොලර් මිලියන 350ක් පමණ වෙනුවෙන් ප්‍රවේශය හිමිවන අතර මේ දක්වා මෙම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ ලබා දී ඇති මුළු මූල්‍යාධාර ප්‍රමාණය ඩොලර් බිලියන 1.74ක් දක්වා ඉහළ යනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා විසින් මේ බව නිවේදනය කර සිටී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved