Connect with us

පුවත්

මාලිමාව ගෝල්‌ෆේස් එකඟතාව කඩලා (වීඩියෝ)

Published

on

සියලු දේශපාලන පක්ෂ ගාලුමුවදොර පිටිය දේශපාලන වැඩසටහන්වලට භාවිත නොකිරීමට එකඟ වී තිබියදී, ජාතික ජන බලවේගය එම පිටියේ මැයි රැලිය පැවැත්වීමෙන් එකඟතාව කඩ කළ බව එක්සත් ජාතික පක්ෂයේ නායක හා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එජාපය මෙවර මැයි රැලියක් නොපවත්වා, කොට්ඨාස මට්ටමින් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වන බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

ගාල්ල, උළුවිටිකේ එජාප දිස්ත්‍රික් කාර්යාලයේ පැවති ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ඡන්දයට ඉදිරිපත්වන එජාප අපේක්ෂකයන් දැනුවත් කිරීමේ රැස්වීමකදී ඔහු මේ බව පැවසීය.

“ආණ්ඩුව මැයි සැමරුම ගාලුමුවදොර පිටියේදී පවත්වනවා.
දේශපාලන කටයුතුවලට එම පිටිය යොදා නොගන්නා බවට සියලු පක්ෂ එකඟ වුණා. දැන් ඒ එකඟතාව කඩ කරනවා. මේ ප්‍රතිපත්තිය කුමක්ද? විශාල රැස්වීමකින් අපට ප්‍රයෝජනයක් නැහැ. ඡන්දයට පෙර අවසන් නිවාඩු දිනය මැයි පළමුවන දා. එදා ගම් හිස් කරලා සියලු පාක්ෂිකයන් එතැනට ගෙනියනවාද, නැත්නම් ගමේ ඉන්නවාද? අපි ගමේ ඉන්න තීරණය කළා.” 

පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ජය තහවුරු කිරීම සඳහා ගාල්ලේ පැවැති ජන හමුවේදී එක්සත් ජාතික පක්ෂ නායක, Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය. මේ ගමේ පාර්ලිමේන්තුවට නියෝජිතයන් තෝරන ඡන්දයක්.මේ ජනාධිපති මැතිවරණයක් නොවේ. නමුත් සමහරු එහෙම හිතනවා. මාලිමාවට විශ්වාසය ප්‍රකාශ කරන ඡන්දයක් හැටියට මෙය යොදා ගන්නා ලෙස ජනාධිපති කියා තිබෙනවා. මේ මාස අටේ නවයේ හොඳට වැඩ කරලා තියනවා කියලත් කියනවා. එයා බලන්නේ තමන්ගෙම කාලෙ ගැන ගමේ ඡන්දෙන් ජනමත විචාරණයක් කරගන්න. දැන් ලංකාවෙ හැම කොනටම ගිහින් කරපු වැඩ ගැන කතා කරනවා. ඊළඟට මට බනිනවා.විපක්ෂ නායකතුමාට හොඳ කියනවා. මෙහෙම ඡන්දයක් නම් මම දැකලා නෑ. මම තරඟ කරන්නෙත් නෑ. ප්‍රසිද්ධ රැස්වීම් වල කතා කරන්නෙත් නෑ. දැනුවත් කිරීමේ රැස්වීම් දෙක තුනක විතරයි කතා කරන්නේ. මැයි දින සැමරුමත් එනවා. ආණ්ඩුවේ අය ගෝල් පේස් පිටියේ එය කරන්නට යන බව කියනවා. දේශපාලන වැඩවලට ගෝල් පේස් පිටිය දෙන්නේ නැතැයි අප එදා තීරණය කර තිබුණා. ඒකට ඔක්කොම පක්ෂ එකඟ වුණා. දැන් ඒ එකඟතාවය කඩනවා.මේ ප්‍රතිපත්තිය මොකක්ද? විශාල රැස්වීමක් තියලා අපිට ප්‍රයෝජනයක් නෑ. ඡන්දෙට කලින් අන්තිම නිවාඩු දවස මැයි පළවෙනිදා ගමේ සිට මැතිවරණ කටයුතු කරන්න අප තීරණය කර තිබෙනවා. හය වෙනිදා ඡන්දය දුන්නාම අපේ ශක්තිය පෙන්වන්න පුළුවන්. ගාල්ල දිස්ත්‍රික්කයට අපනයන ආර්ථිකයක් තිබෙනවා. එය පටන් ගත්තේ එක්සත් ජාතික පක්ෂයෙන්. ඊට පසුව 77 දී අප බලයට ආ පසු කුඩා තේ වතු තවත් දියුණු කළා. කුරුඳු වගාව දියුණු කළා. එමෙන්ම අපි කොග්ගල වෙළෙඳ කලාපය ඇති කළා. හැම තැනම ඇඟලුම් කර්මාන්ත දැම්මා. මුහුදු කරේ කියන්නේ අපනයන ආර්ථිකයක්. මේ අපනයන අප ආරක්ෂා කොට දියුණු කළ යුතුයි. ට්‍රම්ප් ජනාධිපතිගේ තීරු බද්ද අපට විශාල ප්‍රශ්නයක්. එහෙම වුණොත් අපනයන ආර්ථිකය කඩා වැටෙනවා. හැම රටක්ම එය නතර කරන්න ක්‍රියා කරගෙන යනවා. බද්දට යට වෙන්නේ නැතැයි චීනය ප්‍රකාශ කළා. සමහර රටවල් ගිහින් ට්‍රම්ප් ජනපති සමග කතා කොට වැඩ කටයුතු කළා. තීරු බදු පැනවුවොත් තද පියවර ගන්නා බව යුරෝපා සංගමය ප්‍රකාශ කර තිබෙනවා. සමහර රටවල විරෝධතාවය නිසා එය ටිකක් දැනට නතර වී තිබෙනවා. ඉන්දියාව ට්‍රම්ප් ජනපති සමග කතාකොට තමන්ගේ වැඩ කටයුතු කරගෙන ගියා. මේ බද්ද වෙනස් කර ගත්තත් සියයට දහයක හෝ විස්සක තීරු බද්දක් හැමටම පනවාවි. තීරු බදු වැඩිවූ විට මිල වැඩි වෙනවා.එවිට මිලදී ගන්නා සංඛ්‍යාව අඩු වෙනවා. එවිට අප අතර තියෙන තරඟය තව තියුණු වෙනවා. ලංකාව ගිහින් කළේ මොකක්ද? විශේෂ වෙළෙඳ නියෝජිත හම්බවුණා කියා කියනවා. ඇමරිකාව එකඟ බව කියනවා.ඉන් පසුව ඒකාබද්ධ ප්‍රකාශයක් කරන බව කිව්වා. පස්සේ ඒකෙ ඇමරිකන් කෑල්ල වැටුනා. අපේ යෝජනා විශේෂ වෙළෙඳ නියෝජිතට බාර දුන්නලු.විශේෂ වෙළඳ නියෝජිතයා කියන්නේ වාණිජ කටයුතු අධ්‍යක්ෂ ජනරාල් වගේ තනතුරක්. ඔහුට ගිහින් ජනපති සමග කතා කරන්න පුළුවන්. ලංකාව සහ ඉන්දියාව පමණක් අදාළ යෝජනාදී තිබෙන බව අපේ අය කියනවා. ඉන්දියාව සහ අප අතර වෙනසක් තිබෙනවා. ඉන්දියාවේ මෝදි ගිහින් ට්‍රම්ප් ජනාධිපති සමග කතා කොට උප ජනාධිපතිට ඉන්දියාවට එන්න කියා සාකච්ඡා කළා. අපි කලේ මොකක්ද? වෙළඳ කලාප වල ජනතාව වෙනුවෙන් කළේ කුමක්ද ?ඒ ජනතාව ආණ්ඩුව ගැන විශ්වාසය තබා ඡන්දය දුන්නා. දැන් ඒ ජනතාව ආරක්ෂා කරනවද? ඉන්දියාවේ උප ජනාධිපති ඉන්දියාවට ඇවිත් දවස් හතරක් හිටියා. අපට තිබුණේ මොකක්ද? අගමැතිනිය එතුමා සමග කතා කරන්න යවන්න තිබුණා. මේ ප්‍රශ්නෙදි ලංකාවට උදව් කරන්නම් කියා මෝදී කියා තිබුණා. එහෙනම් එතුමාට කතාකොට පැයක් ඉල්ලා ගෙන එතුමා මුණ ගැහෙන්න හරිනි අගමැතිනිය යවන්න තිබුණා. එහෙනම් කතා කර යම් සහනයකට එකඟ වෙන්න තිබුණා. යැව්වෙ නැත්තේ ඇයි? ඉන්දියාවට යන්න පැය තුනහමාරයි. එන්න පැය තුනහමාරයි. ඒකට වැය කරන්න වෙන්නෙ පැය 15යි.ඔවුන් ඒ අවස්ථාව ගත්තේ නැහැ.දැන් ඉතින් තැපැල් පෙට්ටියට දාලා බලා ඉන්නවා. ආණ්ඩුවක් විදියට කරන්න ඕන මේ වගේ වැඩ. ට්‍රම්ප් වගේ අය කැමති මූණට මූණ කතා කරන අයට. මේ රටේ පාස්කු බෝම්බය පිපිරුණාම ඇමරිකාවෙන් එෆ්.බී.අයි එවන බවට ට්‍රම්ප් ජනපති මට පණිවිඩයක් ඒවා තිබුණා. පස්සේ මට කතා කළා. මොකක් හරි අවශ්‍ය නම් කියන්නැයි ඔහු කිව්වා යනුවෙන්ද හිටපු ජනාධිපතිවරයා කීය.

Posted by Wajira Abeywardena on Tuesday, April 29, 2025

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved