Connect with us

පුවත්

මාලිමා මන්ත්‍රීලා 2කට ප්‍රහාරයක් ; කප්පම්ගත් දේශපාලන හෙන්චයින්ගේ වැඩක් මන්ත්‍රීලා කියයි

Published

on

බිංගිරිය ප්‍රදේශයේ “බෙන්ජි” නම් ඇඟලුම් කම්හලක් නිරීක්‍ෂණයට ගිය ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට ඒ අවට රැස්ව සිටි පිරිසක් පහරදී කලාකාරී ලෙස හැසිරීම හේතුවෙන් එම ප්‍රදේශයේ දැඩි නොසන්සුන් තත්වයක් අද (30) දහවල් ඇතිව විය.

මේ සිද්ධියට මුහුණ දුන්නේ ජාතික ජන බලවේගය කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක සහ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් යන මහත්වරු වෙති.

මන්ත්‍රීවරුන් දෙදෙනා එම ඇඟලුම් කම්හලේ නිලධාරීන් සමග සාකච්ඡා කර පිටව යෑමට සූදානම් වූ අවස්ථාවේදී මෙම සිද්ධියට මුහුණ දී ඇති බව   පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මන්ත්‍රීවරුන් රැගත් වාහන දෙක වට කරගත් පිරිස ඒවාටද පහර දී ඇති බව පොලිසිය පවසයි.

ඇඟලුම් කර්මාන්තශාලාවේ නිලධාරීන් කණ්ඩායමක් හමුවී කිසියම් සාකච්ඡාවක් පවත්වා දෙදෙනා පිටත්ව යෑමට උත්සාහ දැරූ අවස්ථාවේදී රියදුරන් යයි කියන පිරිසක් දෙදෙනා පැය භාගයකට ආසන්න කාලයක් වට කරගෙන ඔවුන්ට දැඩි ලෙස විරෝධය පළ කරමින් ආවේගශීලී වචන කියමින් කලහකාරී ලෙස හැසිරීමට පටන් ගෙන ඇතැයි කියති.

මාලිමාවට අපි ඡන්දය දුන්නා ඇයි අපිට මෙහෙම කරන්නෙ යැයි පවසමින් ඔවුන් එසේ බැන වැදී ඇතැයි දැනගන්නට ඇත

මෙම සිද්ධිය සැලවීමෙන් පසු බිංගිරිය පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් එහි ගොස් මන්ත්‍රීවරුන් දෙදෙනා ආරක්ෂිතව පිටත් කර යැවීමට පියවර ගෙන ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

පිරිස කලහකාරීන් මන්ත්‍රීවරුන්ගේ රියදුරන්ටද දෝෂාරෝපණය කර ඇති බව වාර්තාවේ

මන්ත්‍රී විජේසිරි මහතා මේ පිළිබඳව කුලියාපිටිය කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස අධිකාරි වරයාට පැමිණිලි කර ඇත.

එම පැමිණිල්ල අනුව පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කර ගෙන යයි.

සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා මහතා කියා සිටියේ ඇඟලුම් කම්හලේ ප්‍රධානීන් සමඟ සාකච්ඡා පවත්වා පැමිණෙමින් සිටියදී ආවේගීශීලී වුණු පිරිසක් තමාගේ ෂර්ට් කොළරයෙන් ඇද පහර දුන් බවයි.

තමා සමග එහි ගිය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතාටද එමපිරිස හිරිහැර කළ බව ඔහු වැඩිදුරටත් පැවසීය.

එම සමාගමට අයත් ප්‍රවාහන සේවයේ කලින් සිටි දේශපාලකයින්ගේ කප්පම් ඉල්ලමක් බවට පත්ව ඇති තත්වය පිළිබඳ ගැටලුව විසදීමට මාලිමාවේ මන්ත්‍රීවරුන් මැදිහත්වීම මෙම ගැටුමට මුල බවද ඔහු කීය. 

මෙය එම ප්‍රශ්නය විසඳනවාට කප්පම් ගන්නා දේශපාලකයින් අකමැති නිසා තමන්ගේ හෙන්චයියන් යොදා මාලිමාවේ මන්ත්‍රීවරයා එලවා දැමීමට කළ උත්සයක් බවද ඔහු කියා සිටී.

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading

පුවත්

IMF ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට විධායක මණ්ඩලයේ අනුමැතිය

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) විධිවිධානය යටතේ සිව්වන සමාලෝචනය ඊයේ (01) දින සම්පූර්ණ කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට වි.ගැ.හි. මිලියන 254ක්, එනම් එක්සත් ජනපද ඩොලර් මිලියන 350ක් පමණ වෙනුවෙන් ප්‍රවේශය හිමිවන අතර මේ දක්වා මෙම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ ලබා දී ඇති මුළු මූල්‍යාධාර ප්‍රමාණය ඩොලර් බිලියන 1.74ක් දක්වා ඉහළ යනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා විසින් මේ බව නිවේදනය කර සිටී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved