Connect with us

පුවත්

“මාව පාර්ලිමේන්තු යවන්න”

Published

on

දේශපාලන නායකයෙකුගේ වඟකීම ආගමික සහජීවනය ඇතිකිරිම බවත් තමන් එම යුතුකම සහ වඟකිම ඉටු කිරිම සම්බන්ධයෙන් සතුටු වන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

ඊයේ (10) කළුතර පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ බව පවසා සිටියා.

තමා කුමන වු තත්වයක සිටියද කළකිරිමෙන් දේශපාලනය අතහැර නොයන බව පැවසු රෝහිත අබේගුණවර්ධන මහතා,

”ඉතිහාසයේ මගේ නමට ඉස්සරහින් කිසිම තනතුරක් තිබුණේ නැහැ……මම අවුරුදු 27ක් තුළ ඉදිරිපත් වුණ කිසිම ඡන්දයකින් මාව පරාජය නොකරපු අපරාජිත මන්ත්‍රීවරයෙක් බවට පත් කළා.මේ ඉන්න සියලුම දෙනා හොදටම දන්නවා සිලින්ඩරයට කතිරෙ ගහලා අංකයට කතිරෙ ගැහුවට රෝහිත ඇමති කෙනෙක් වෙන්නේ නැහැ.අපි ආණ්ඩුවක් හදන්නෙත් නැහැ.ඇමතිවරයෙක් හැදෙන්නෙ නැති වුණාට ආණ්ඩුවක් හැදෙන්නෙ නැති වුණාට මේ ජනතාව ඇවිත් ඉන්නේ ඇවිත් ඉන්නේ රෝහිතට කළගුණ සලකන්න ඔින කියලා .මගේ පුද්ගලිකත්වය ගැන බලලා නැහැ… මම දන්නවා මිනිස්සුත් එක්ක ඉන්න.ඉදිරියටත් මම ඔබත් එක්ක විපක්ෂයේ මන්ත්‍රිවරයෙක් හැටියට හිටියත් ඔබ ආරක්ෂා කරන්න ඔබ වෙනුවෙන් පෙනි ඉන්නවා කියන ප්‍රබල පණිවිඩය මම ඔබට දෙනවා.අවුරුදු 27 ම මහජන හමුවිම් කරලා තියනවා.කිසි දවසක මම එක මනුස්සයෙක්ගෙන් ඔයා මට ඡන්දෙ දුන්නද වැඩකරාද කියලා අහලා නැහැ…..දේශපාලනයෙකුට මහජනතාව ඕන.මම හම්බකරේ මහජනතාව .විසිහත් වසර ,වසර තිස්දෙකක් කරන්න ඔබ මාව පාර්ලිමේන්තු යවනවා කියන විශ්වාසය මට තියනවා.මම කලකිරිමෙන් දේශපාලනය අතාරින්නේ නැහැ….”

කැබිනට් තීරණ

බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය

Published

on

By

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව දේශීයව බඩ ඉරිඟු සපයා ගැනීමට ඇති අපහසුව සැලකිල්ලට ගෙන වසරකට අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් යුතු බඩඉරිඟු ආනයනය කිරීමට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය වෙත ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සඳහා වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 18,000ක් වන අතර මාසිකව අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 1,500කි.

සියලූම ගර්භණී මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන මාස 6ට වැඩි ළඳරුවන් හා අවුරුදු 5ට අඩු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබාදෙනු ලැබේ.

එහිදී ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු සහ සෝයා බෝංචි ප්‍රධාන අමුද්‍රව්‍යයන් ලෙස යොදා ගනී.

Continue Reading

කැබිනට් තීරණ

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (03) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, June 3, 2025

Continue Reading

පුවත්

දේශබන්දු අද විමර්ශන කමිටුව හමුවට

Published

on

By

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ විෂමාචාර සහ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ කමිටුව හමුවේ අද(03) යළිත් පෙනී සිටීමට නියමිතය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම විමර්ශන කමිටුව අද(03) පස්වරු 2ට රැස්වීමට නියමිතව තිබේ.

චෝදනාවලට අදාලව නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂි සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කිරිම අද (03) සිදු කෙරෙනු ඇත.

නීතීපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂිවලට අදාල දිවුරුම් ප්‍රකාශ සම්බන්ධයෙන් වග උත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වයේ ස්ථාවරය 09 වැනිදා ඉදිරිපත් කිරිමට තීරණය කලේය.

ඉන් අනතුරුව වාචික සාක්ෂි කැඳවීම සහ හරස් ප්‍රශ්ණ ඇසීම එළඹෙන 11 වැනිදා සිදු කිරිමට නියමිතය.

ඉන් පසු 16 වැනිදා සිට දිනපතා පෙරවරු 9.30 සිට පරික්ෂණ කමිටුව රැස්විමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved