Connect with us

පුවත්

මැණික් අධිකාරිය මිලියන ගාණක් දීලා ගත්ත ඉඩමෙන් ප්‍රයෝජනයක් අරන් නැහැ

Published

on

මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනයේ රත්නපුර දිස්ත්‍රික් කාර්යාලය ඉදිකිරීම සඳහා මිලියන 14ක් වැයකර ලබා ගත් ඉඩමෙන් මේ වනතෙක් කිසිදු ප්‍රයෝජනයක් ගෙන නැතැයි පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී හෙළිව තිබේ.

මේ පිළිබඳ අවධානය යොමු වුයේ පසුගිය 24 වන දා පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ සභාපතිත්වයෙන් රැස්වූ පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීමේදී වන අතර ඒ සඳහා මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය කැඳවා තිබුණි.

මෙම ආයතනයේ රත්නපුර දිස්ත්‍රික් කාර්යාලය ඉදිකිරීම සඳහා 2016 වර්ෂයේ දී තිස් අවුරුදු බදු පදනම යටතේ, රු.මිලියන 14ක් වැය කොට ලබා ගත් ඉඩමේ මේ වනතෙක් කිසිදු ප්‍රයෝජනයක් ගෙන නොමැති බවට වාර්තා වේ.

තවද, මෙම ආයතනයේ කඩුවෙල ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල සඳහා රු. ලක්ෂ 10ක්ද රත්නපුර කාර්යාල ගොඩනැගිල්ල සඳහා රු. ලක්ෂ 3 ½ක්ද මාසික කුලිය වශයෙන් ගෙවන බවද අනාවරණය වී ඇත.

මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය විසින් පවත්වනු ලබන පාඨමාලා ලාභ ලබන අන්තර්ජාතික මට්ටමේ පාඨමාලා බවට පත් කිරීම පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමුවි තිබේ.

ඒ අනුව, රටේ මහජනතාවගේ මුදල් විවිධ අවශ්‍යතාවයන් සඳහා වැය කොට ඉන් ප්‍රයෝජනයක් නොගැනීම සුළු කොට තැකිය නොහැකි බවට පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධාරණය කරන ලදී.

එමෙන්ම ශ්‍රී ලංකාවේ මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තය වැඩිදියුණු කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළු අන්තර් ජාතික මැණික් වෙළෙඳපොළ අධ්‍යනය කොට එම ප්‍රවණතාවයන් දේශීය කර්මාන්තය වැඩි දියුණු කිරීමට යොදා ගැනීම පිළිබඳව ද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා වී තිබෙන බව පැවසේ.

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved