Connect with us

පුවත්

මැතිවරණයක් ප්‍රකාශයට පත්වෙලා ඇති බව පොලිසිය පිළිගනියි!

Published

on

මැතිවරණයක් ප්‍රකාශයටපත් වී තිබෙන නිසා පෙළපාලි පැවැත්වීම තහනම් බවත්, පොලිස් ආඥාපනතට අනුව පෙළපාලියක් පවත්වනු ලබනවානම් අදාළ බලප්‍රදේශයේ පොලිස්ස්ථානවලට පැය 06ක පෙර දැනුම්දිය යුතු බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

සාමකාමීව රැස් වී අදහස් ප්‍රකාශ කිරීමටජනතාවට හැකියාව තිබෙනබවත්, එහෙත් පෙළපාලි යාමට කටයුතු කළහොත් මාර්ගයේගමනාගමනයට දැඩි බාධා සිදුවන බවදපොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

පළාත් පාලන ආයතනයකටඅයත්ස්ථානයක් අදාළ පළාත්පාලන ආයතනය හරහා වෙන් කරගෙන සාමාකාමී ලෙසරැස් වී අදහස් ප්‍රකාශකරසාමකාමීවවිසිර යාමට ජනතාවට ආණ්ඩුක්‍රමව්‍යවස්ථාවෙන්මඅයිතියක් ලැබී තිබෙනබවද ඒ මහතා පවසා සිටියේය.

එහෙත්විශාලපිරිසක්රැස් වී පෙළපාලියාම තුළින්සාමය කඩවන බවත්, පැය 06කට කලින් දැනුම්දීමක් සිදුකළහොත් අදාළ පොලිස්ස්ථානමගින් මාර්ග අවහිර නොවනආකාරයට අවශ්‍යකටයුතුකරදෙන අතර, මේ වනවිට මැතිවර‘ණයක් ප්‍රකාශයටපත්කරතිබෙන නිසාපෙළපාලි යාම තහනම් බවත් නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.ඡන්දයක් නෑ 

කෙසේවුවද, පසුගිය 23 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ඡන්දයක් නැති බවයි.

පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කල් දමන්න ඡන්දයක් නැතැයි කියා සිටියේය.

ඔහු වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

“විපක්ෂ විවාදය ඉල්ලුවේ අත්‍යවශ්‍ය සේවා ගැන නෙමෙයි. ඡන්දෙ කල් දානවා කියලයි. ඡන්දෙ කල් දමා නැහැ. කල් දාන්න ඡන්දයක් නැහැ. මම මේ විවාදයට ඇතුල් වුණේ නෑ. මම කලින්ම මේ බව කිව්වා. මට දේශපාලනය උවමනා නෑ කියා මා කිව්වා.

මැතිවරණ කොමිසමත් මේ ඡන්දෙ ගැන උසාවියට ගිහින් කියනවලු ඡන්දයක් පවත්වන්න බැහැ කියලා. දිවුරුම් පෙත්සම දුන් නිසා වචන කීපයක් කතා කරන්න මා සිතුවා යැයි ජනාධිපතිවරයා කීය.

පුවත්

ජ’පුර දොස්තර දියණිය අල්ලස් කොමිසමේ 2ක් බයකරලා පොලිසිය අල්ලන්න සොයයි

Published

on

By

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහේශී සූරසිංහ නැමැත්තියට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවකට සහභාගි වී අධිකරණයෙන් පිටව යමින් සිටි අල්ලස් කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂවරියට (නීති) එම ශල්‍ය වෛද්‍යවරියගේ දියණිය  මරණ තර්ජන කර ඇති බව කෙසෙල් වත්ත පොලිසිය පවසයි.

අල්ලස් කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂවරිය සහ එම සභාවේ පොලිස් පරීක්ෂකවරයකු විශේෂඥ ශල්‍ය වෛද්‍යවරිය සහ තවත් දෙදෙනකුට එරෙහිව නඩුවට පෙනී සිටිමින් අධිකරණයෙන් පිටව යන අවස්ථාවේදී එම ශල්‍ය වෛද්‍යවරියගේ දියණිය ‘‘උඹල දෙන්නා මරනවා’‘ යනුවෙන් තර්ජන කර ඇති බව පොලිසිය කියයි.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කෙසෙල් වත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Continue Reading

පුවත්

පර්පෙචුවල් ට්‍රෙෂරීස්හි ව්‍යාපාර කටයුතු තවත් මාස 6කට දික්කරයි!

Published

on

By

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීමේ තීරණය තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කර ඇත්තේ සිදුකරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදු කරගෙන යාමේ අරමුණින් මෙම තීරණය ගත් බවය.

ඒ අනුව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රථමික අලෙවිකරුවෙකු වශයෙන් සිදුකරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අද (05) සිට  තවත් මාස 6කින් දිර්ඝ කිරීමට මහ බැංකුව තීරණය කර තිබේ.

Continue Reading

පුවත්

අර්ජුන සතු “කැප්ටන් කූල්” නම දෝනිට ලියා ගැනීමේ උත්සාහයක!

Published

on

By

1990 දශකයේ දී හිටපු ප්‍රකට ක්‍රීඩා විචාරකයකු වූ බ්‍රිතාන්‍ය ජාතික ටෝනි ග්‍රේග් විසින් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග හැඳින්වීමට භාවිත කරන ලද “කැප්ටන් කූල්”‍ යන හැඳින්වීම වෙළෙඳ සන්නාමයක් ලෙස තමන් වෙනුවෙන් ලියාපදිංචි කිරීමට හිටපු ඉන්දීය ක්‍රිකට් නායකයකු වන මහේන්ද්‍ර සිං දෝනි විසින් ඉන්දියාවේ වෙළෙඳ ලකුණු පාලක ජනරාල් කාර්යාලය වෙත අයැදුම්පතක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

මේ බව බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය විශේෂ වාර්තාවක් මගින් ප්‍රකාශයට පත් කර ඇත. 

අර්ජුනට පසුව තමන්ද මෙම නාමයෙන් හැඳින්වීම නිසා ඔහු මේ ඉල්ලීම කර ඇතැයි පැවසේ.

2025 ජූනි මස 16 වැනි දින දෝනි විසින් කරන ලද මේ ඉල්ලීම ඉන්දියාවේ වාණිජ සහ කර්මාන්ත අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය. 

මෙකී සන්නාමය යටතේ ක්‍රීඩා පුහුණු පහසුකම් සැපයීමට අදාළ සේවා සැපයුම අපේක්ෂා කරන බව දෝනිගේ අයැදුම්පත්‍රයේ‍ සඳහන්ය. 

එහෙත් මේ සම්බන්ධයෙන් දින එකසිය විස්සක් තුළ විරෝධතා ඉදිරිපත් කළ හැකි බව ද එම අමාත්‍යංශය කියයි.

මේ පිළිබඳව බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය සමඟ සාකච්ඡා කළ ක්‍රිකට් විචාරකයන් කිහිප දෙනකු ප්‍රකාශ කර ඇත්තේ අර්ජුන රණතුංගට අයත් වෙළෙඳ සන්නාමය ලබා ගැනීමට ඉන්දියාවේ හිටපු ක්‍රිකට් නායකයා විසින් කරන ලද ඉල්ලීම පිළිගත නොහැකි බවයි. 

එය වරදක් බවත් ඔවුන් සඳහන් කර ඇත. 

ඇතැමකු සඳහන් කර තිබුණේ අර්ජුන රණතුංගට මෙම හැඳින්වීම ලබා දී තිබුණද ඔහු ඊට අයිතිවාසිකම් කීමට ඉදිරිපත් නොවීම නිසා මෙම තත්ත්වය උද්ගත වූ බවය.

දැනට 44 වැනි වියේ පසුවන මහේන්ද්‍ර සිං දෝණිට පසුගිය දා ජාත්‍යන්ත ක්‍රිකට් කවුන්සිලය “හෝල් ඔෆ් ෆේම්ස්”‍ යන ගෞරව නාමය ද පුද කරනු ලැබූ බව මේ සම්බන්ධයෙන් පළ කළ බ්‍රිතාන්‍ය ගුවන්විදුලි වාර්තාවේ දැක්වෙයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved