Connect with us

පුවත්

මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර හමුවක්

Published

on

මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ මහලේකම්වරු අතර හමුවක් අද (22) පෙරවරුවේ මැතිවරණ මහලේකම් කාර්යාලයේදී පවත්වා තිබේ.

එහිදී ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධව කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡාවට ලක්ව ඇත.

එහිදි මැතිවරණය සඳහා වියදම් වන මුදල් සම්බන්ධව අවධානය යොමුව ඇති අතර එහිදී එක් එක් පළාත් පාලන ආයතන තුළ පිහිටා ඇති කොට්ඨාස තුළ වියදම් කළ හැකි මුදල් පිළිබඳව විද්‍යාත්මක ක්‍රමවේදයක් තුළ වියදම් මුදල් තීරණය කිරීම පිළිබඳව සාකච්ඡාවට ලක්ව තිබේ.

එමෙන්ම මැතිවරණය සඳහා ලබා දුන් නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීම් පිළිබඳවද මෙහිදී අවධානය යොමුව ඇති අතර එහිදී යම් යම් සුළු අඩුපාඩු හේතුවෙන් ප්‍රතික්ෂේප වී ඇති නාමයෝජනා සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්ව තිබේ.

ඒ සම්බන්ධව උසාවි මාර්ගයෙන් තීරණයක් ගැනීමට කටයුතු නොකර මැතිවරණ කොමිසම මැදිහත් වී එම සුළු අඩුපාඩු ඇති නාමයෝජනා පත්‍ර නිරාකරණය කර ගැනීම සඳහා ක්‍රමවේදයක් නිර්මාණය කිරීමට අවධානය යොමු කරන ලෙස දේශපාලන පක්ෂ මහලේකම්වරුන් මෙහිදී මැතිවරණ කොමිසමේ නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading

පුවත්

ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්

Published

on

By

ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සදහන් කළේ ඔමික්‍රෝන් වෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බවය.

දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබාගෙන සිදු කළ පර්යේෂණ වලින් මේ බව තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවද ඔහු අවධාරණය කළේය.

අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හදුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද විටින් විට පැතිර යන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බැවින් ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවද විශේෂඥ වෛද්‍ය ජුඩ් ජයමහ මහතා සදහන් කළේය.

මේ අතර ගාල්ල ජාතික රෝහලේ දී පසුගියදා මියගිය මාස එකහමාරක් වයසැති බිලිඳෙකුටද කොවිඩි ආසාදනය වි ඇති බවටද හඳුනාගෙන තිබේ.

අද දෙරණ සිදුකළ විමසීමකදී රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ අදාළ බිලිදාගේ ජෛව සාම්පල පරික්ෂාවකට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකිරිමෙන් අනතුරුව ඒ බව තහවුරු වි ඇති බවය.

කෙසේ වෙතත් එම වෛරසය ආසියාවේ මේ දිනවල පැතිරයමින් පවතින නව ප්‍රභේදය බවට හඳුනාගෙන නොමැති බවද ඔහු සදහන් කළේය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

අනුදි, අවසන් 40න් හැලෙයි

Published

on

By

2025 ලෝක රූ රැජින තරගාවලියේ අවසන් තරගකාරියන් 40 දෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකා නියෝජනය කළ සුරූපිනිය අනුදි ගුණසේකරට නොහැකි විය.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී ශ්‍රී ලංකාවට අභිමානයක් අත් කර දෙමින් අනුදි දස්කම් දැක්වූවාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved