Connect with us

පුවත්

මැතිවරණ කොමිසම හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අතර හමුවක්

Published

on

මැතිවරණ කොමිෂන් සභාව සහ ප්‍රවෘත්ති වෙබ් අඩවි හිමිකරුවන්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් සමග අද (04) පෙරවරුවේ මැතිවරණ කොමිසමේදී සාකච්ඡාවක් පැවැත්විණි.

මෙහිදී මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලා සිටියේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය කෙරෙන පසුබිම සකසා ගැනීමට ඔවුන්ට හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන ලෙසය.

මේ සඳහා සමාජ මාධ්‍යවලට මේ වන විට වැඩි වගකීමක් හිමිව තිබෙන බවත් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වන දුස්තොරතුරු අවමකරගනිමින් සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට සහය දෙන ලෙසට මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ්‍ය ජනරාල් සමන් ශ්‍රී ඒකනායක මහතා සදහන් කලේය.

මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේ මැතිවරණ නීති උල්ලංඝණය කරමින් සිදුකරන අනීතික රැස්වීම්, උත්සව, සාද වටලා ඒවා තහනම් කළද ඒ සම්බන්ධයෙන් කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් නොගන්නේ ඇයිද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ්‍ය ජනරාල්වරයා සඳහන් කළේ ඒ සඳහා කිසිදු නෛතික හැකියාවක් මැතිවරණ කොමිසමට නොමැති බවය.

මැතිවරණ පනත අනුව මෙවැනි වරදවල් සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය පොලීසිය වෙත පැවරී ඇති බවත්, මැතිවරණ කොමිෂන් සභාවට කළ හැක්කේ අදාළ පුද්ගලයින් හා සිදුවීම් පිළිබදව පොලීසියට වාර්තා කිරීම පමණක් බවද සමන් ශ්‍රී රත්නායක මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

එමෙන්ම ප්‍රධාන නාලිකා තුනක් දිගින් දිගටම මැතිවරණ නීති උල්ලංඝණය කරමින් අපේක්ෂකයින් ප්‍රවර්ධනය කරමින් සිටින බවට නිරීක්ෂණය වී ඇති බවත් ඔවුන් කොමිසමට කැඳවා මේ පිළිබදව කරුණු විමසන බවත් අධ්‍යක්ෂ්‍ය ජනරාල්වරයා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අමතමින් සඳහන් කලේය.

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading

පුවත්

ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්

Published

on

By

ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සදහන් කළේ ඔමික්‍රෝන් වෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බවය.

දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබාගෙන සිදු කළ පර්යේෂණ වලින් මේ බව තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවද ඔහු අවධාරණය කළේය.

අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හදුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද විටින් විට පැතිර යන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බැවින් ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවද විශේෂඥ වෛද්‍ය ජුඩ් ජයමහ මහතා සදහන් කළේය.

මේ අතර ගාල්ල ජාතික රෝහලේ දී පසුගියදා මියගිය මාස එකහමාරක් වයසැති බිලිඳෙකුටද කොවිඩි ආසාදනය වි ඇති බවටද හඳුනාගෙන තිබේ.

අද දෙරණ සිදුකළ විමසීමකදී රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ අදාළ බිලිදාගේ ජෛව සාම්පල පරික්ෂාවකට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකිරිමෙන් අනතුරුව ඒ බව තහවුරු වි ඇති බවය.

කෙසේ වෙතත් එම වෛරසය ආසියාවේ මේ දිනවල පැතිරයමින් පවතින නව ප්‍රභේදය බවට හඳුනාගෙන නොමැති බවද ඔහු සදහන් කළේය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

අනුදි, අවසන් 40න් හැලෙයි

Published

on

By

2025 ලෝක රූ රැජින තරගාවලියේ අවසන් තරගකාරියන් 40 දෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකා නියෝජනය කළ සුරූපිනිය අනුදි ගුණසේකරට නොහැකි විය.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී ශ්‍රී ලංකාවට අභිමානයක් අත් කර දෙමින් අනුදි දස්කම් දැක්වූවාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved