Connect with us

පුවත්

මැතිවරණ නීති කඩන රනිල්

Published

on

පැවැත්වීමට නියමිත 2024 ජනාධිපතිවරණය හේතුවෙන් පසුගිය 18 වැනිදා සිට ජනාධිපතිවරණය පැවැත්වෙන එළැඹෙන 21 වැනිදා දක්වා ජනාධිපති අපේක්ෂකයන් ප්‍රවර්ධනය වන ආකාරයේ කිසිදු ප්‍රචාරණ කටයුත්තක් සිදුකළ නොහැකි බවට මැතිවරණ කොමිසම නිවේදනය කලේය.

ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීමේ පනත අනුව එවැනි ක්‍රියාවක් නීතිවිරෝධී ක්‍රියාවක් වන බවත් එවැනි අපේක්ෂකයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැකි බවත් මැතිවරණ කොමිෂන් සභාව පවසා සිටියේය.

එවන් පසුබිමක මෙවර ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටින වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඊයේ (19) උදෑසන සිදුකරන ලද සම්මුඛ සාකච්ඡාවක් ඉන්දියානු Youtube නාලිකාවක විකාශය කර තිබේ.

ඒ අනුව First Post නම් Youtube නාලිකාව හරහා ජනප්‍රිය මාධ්‍යවේදිනියක් වන පල්කි ශර්මා සමඟ මෙරටදී සිදුකරන ලද මෙම සම්මුඛ සාකච්ඡාවේදී ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා ‘නිහඬ කාලයේ’ තම හඬ අවදි කිරීම විශේෂත්වයකි.

වසර ගණනාවක මැතිවරණ අත්දැකීම් ඇති, මැතිවරණ නීති පිළිබඳව ඉතා හොඳ දැනුමක් ඇති පුද්ගලයෙක් වන රනිල් වික්‍රමසිංහ මහතා මෙම සාකච්ඡාවට සහභාගි වීමෙන් මැතිවරණ නීති උල්ලංඝනය වන බව දැන දැනම සිදුකරන ලද ක්‍රියාවක් බවට සමාජ මාධ්‍යයන්හී දැඩි විවේචනයට ලක්ව තිබේ.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව ගන්නා වූ ක්‍රියාමාර්ගය පිළිබදව සාධාරණ මැතිවරණයක් බලාපොරොත්තුවෙන් සිටින සියලු පුරවැසියන් බලාසිටින බවද සමාජ මාධ්‍යයන්හී අදහස් පලවී ඇත.

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved