Connect with us

පුවත්

මැතිවරණ පැමිණිලි දහස ඉක්මවයි

Published

on

ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි දහසේ සීමාව ඉක්මවා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (26) නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ඒ අනුව ජූලි 31 වැනිදා සිට 25 වැනිදා දක්වා පැමිණිලි 1052ක් වාර්තා වී තිබේ.

පැය විසි හතරක් තුළ ප්‍රචණ්ඩ ක්‍රියා 3කුත් වාර්තා වී ඇත.

නීති උල්ලංඝණය කිරීම් 1006ක්, ප්‍රචණ්ඩ ක්‍රියා 4ක් සහ වෙනත් පැමිණිලි 42ක් ඒ අතර ඇති බව සඳහන්ය.

ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 472ක් සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 534ක් ලැබී ඇති බව වාර්තාවේ දැක්වේ.

මේ අතර ෆැෆරල් සංවිධානයට මේ දක්වා පැමිණිලි 297ක් ලැබී ඇති බව එම සංවිධානය පවසයි.

පුවත්

අද සිට රක්ෂිතයක් වන නිල්ගල

Published

on

By

අම්පාර හා මොනරාගල දිස්ත්‍රික්කවල පැතිර තිබෙන නිල්ගල වනාන්තරය රක්ෂිතයක් ලෙස අද (02) නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව පරිසර අමාත්‍යාංශය පවසයි.

හෙක්ටයාර 40,683ක සමන්විත නිල්ගල වනය මැදගම, බිබිල, නිල්ගල හා ඉඟිනියාගල ලෙස වන සංරක්ෂණ බීට්ටු හතරකින් සමන්විතය.

එහි ප්‍රධානම වන සංරක්ෂණ කොටස බිබිල අඩවිය වේ.

නිල්ගල වනය රක්ෂිතයක් ලෙස නම් කිරීමේ සමාරම්භක උත්සවයේ සංවිධාන කටයුතු වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබයි.

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුත්ත බිබිල, රතුගල ආදිවාසී ජන උරුම මධ්‍යස්ථානයේ දී අද (02) පෙරවරුවේ සිදුකිරීමට නියමිතව ඇත.

ජූනි 05 වනදාට යෙදී ඇති ලෝක පරිසර දිනයට සමගාමීව පරිසර අමාත්‍යාංශය විසින් වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කර තිබේ.

ඒ යටතේ ජාතික පරිසර සතියක් නිවේදනය කර තිබෙන අතර, එහි සිව්වන දිනය වන අද දිනය ජෛවවිවිධත්ව සංරක්ෂණ දිනය ලෙස නම් කර ඇත.

Continue Reading

පුවත්

පළාත් පාලන ආයතන 161ක කටයුතු අදින් ආරම්භ වේ

Published

on

By

පළාත් පාලන ආයතන 161ක කටයුතු අද (02) දිනයේ සිට ආරම්භ වේ.

පසුගිය මැයි මස 06 වැනිදා පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අදාළව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයාගේ ගැසට් නිවේදනයට අනුව එම සභා පිහිටුවීම සිදුකළ යුතු බව සඳහන්ය.

දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් බහුතර බලය හිමිකරගෙන ඇති ආයතන 161කට අදාළව සභා පිහිටුවීම අද දිනයේදී සිදුකළ හැකි අතර, අනෙකුත් ආයතනවල සභා  පිහිටුවීම පළාත් පාලන කොමසාරිස්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම පළාත් පාලන ආයතන රැස්වී තීරණය කරනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේය.

මේ අතර පළාත්පාලන ආයතනවල ආණ්ඩු පක්ෂය ගන්නා ජනතාවාදී තීරණ සඳහා සහාය ලබාදීමට අපේක්ෂා කරන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පැවසුවේය.

බහුතර බලය හිමිකරගෙන නොමැති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට විපක්ෂය සුදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසයි.

ජාතික ජනබලවේගයට ජනතාව විසින් ලබා දුන් බලය අනුව පළාත් පාලන ආයතන පිහිටුවීමට කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පැවසුවේය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට තද වැසි

Published

on

By

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved