Connect with us

පුවත්

මැතිවරණ සමයේදී නොකළ යුතු දේවල්

Published

on

ජනාධිපතිවරණයට අදාළව පක්ෂ අපේක්ෂකයන් සහ ආධාරකරුවන් සිදු නොකළ යුතු ක්‍රියාවන් පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව විසින් මැතිවරණ කොමිෂන් කාර්යාලයේදී අද (15) අපේක්ෂකයින්ව දැනුම්වත් කෙරුණි.

ඒ අනුව මෙම නිතීවිරෝධී ක්‍රියා, වැරදි, දූෂණ ක්‍රියා සිදුකිරීම, විධාන උල්ලංඝනය කිරීම පිළිබඳ දඬුවම ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ පනතේ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිළිව දක්වා ඇතැයි ද මෙහි ඇතැම් වැරදි සඳහා දඬුවම තේරි පත්වීම අහිමි වීම සහ ප්‍රජා අයිතිය අහිමි වීම බව මැතිවරණ කොමසාරිස් ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා එහිදී පැවසීය.

ඒ අනුව එම කරුණු පහතින් දැක්වේ.

01. අපේක්ෂකයෙකු අගතියට පත් කිරීම

ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ වූ පනතේ 74 වන වගන්තිය යටතේ නාමයෝජනා දින සිට ඡන්ද විමසීම අවසන් වන දින තෙක් අපේක්ෂකයෙකු තෝරා පත්කර ගැනීමේ ඉඩකඩ වැඩි කිරීම සඳහා හෝ තවත් අපේක්ෂකයෙකු අගතියට පත් කිරීම සඳහා ප්‍රචාරක පත්‍රිකා සහ අනෙකුත් දෑ ප්‍රදර්ශනය කිරීම, බෙදා හැරීම නොකළ යුතු වෙයි.

සියලුම අපේක්ෂකයින්ගේ අවධානය මේ සම්බන්ධව යොමුකර ඇති අතර මේ සඳහා වූ නීතිමය කටයුතු සිදු කිරීම සඳහා පොලිස්පතිවරයා වෙත අදාළ උපදෙස් මැතිවරණ කොමිෂන් සභාව විසින් ලබා දී තිබේ.

02. ප්‍රචාරක දැන්වීම් ප්‍රදර්ශනය කිරීම

ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරක දැන්වීම් හෝ වෙනත් ප්‍රචාරක ඡායාරූප හෝ එවැනි චිත්‍ර ඡන්ද සලකුණු, ධජ හා පතාක යනාදිය ප්‍රචාරණය කළ හැක්කේ රැස්වීමක් පවත්වන දිනයක දී එම ස්ථානය අසල හෝ එම ස්ථානයේ විධිමත් ලෙස අවසර ලබා ගත් නිවේදිත ඡන්ද කාර්යාලවල නිශ්චිත සීමා කිරීමකට යටත්ව පමණි.

03. ශබ්ද විකාශන භාවිතය

මැතිවරණය සඳහා වූ කාලය තුළදී අපේක්ෂකයින් සඳහා ප්‍රචාරණ කටයුතු සිදුකිරීමට ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කළ හැකි අතර, එම ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කළ හැක්කේ පොලීසියේ නිසි අවසරය මත පමණි.

04. අල්ලස් හෝ දූෂණ ක්‍රියා සහ බලපෑම්

යම්කිසි අපේක්ෂකයෙකු සඳහා ඡන්දය ප්‍රකාශය කිරීමට යම් යම් දෑ ලබාදීම අල්ලස් ලබා දීමක් සේ සැලකේ.

ඒ අනුව, ඡන්දය ලබාගැනීම සඳහා සංග්‍රහ කිරීම්, අල්ලස් ලබා දීම්, අයුතු බලපෑම් දූෂණ ක්‍රියාවන් සේ සලකයි.

තවද ආගමික වැඩසටහන් හෝ පූජනීය ස්ථානවල පැවැත්වෙන වැඩසටහන් හරහා පක්ෂ අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීම නොකළ යුතු අතර, එම ප්‍රවර්ධනයන් අයුතු බලපෑම් යටතට පත්වේ.

05. රාජ්‍ය සේවා ක්‍රියාකාරිත්වය සහ රාජ්‍ය දේපළ භාවිතය

මැතිවරණ කාලසීමාව තුළදී රජයේ අමාත්‍යංශ මෙන්ම රජයේ දෙපාර්තමේන්තු රාජ්‍ය සංස්ථා, බැංකු, මණ්ඩල ආදී ව්‍යවස්ථාපීත ආයතන, පළාත් සභා සහ පළාත් පාලන ආයතන ද රාජ්‍ය ආයතන සේ සැලකේ.

මෙම රාජ්‍ය ආයතනවල දේපොළ ජනාධිපතිවරණයේ දී පක්ෂ අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කිරීම සඳහා මෙන්ම අගතියට පත් කිරීම සඳහා භාවිත කිරීම සපුරා තහනම්.

එමෙන්ම දේශපාලන අයිතිවාසිකම් අහිමි කිසිදු නිලධාරියෙකුට ජනාධිපතිවරණයට අදාළ ඡන්දය දීම හැර වෙනත් කිසිදු දේශපාලන ක්‍රියාවක නිරත විය නොහැකිය.

තවද දේශපාලන අයිතිවාසිකම් හිමි රාජ්‍ය සේවකයින්ට පවා කාර්යාල වේලාවන් තුළ දේශපාලන කටයුතු වල නිරත විය නොහැකි යි.

සෑම රජයේ නිලධාරියෙකු මෙන්ම සේවකයෙකුම මැතිවරණ කොමිෂන් සභාව විසින් 2024 ජූලි 26 දිනැතිව නිකුත් කරන ලද 23 94/56 දරණ ගැසට් පත්‍රය මගින් නිකුත් කර තිබෙන විධානවලට යටත් විය යුතු බව ද මැතිවරණ කොමිසම පවසයි.

මෙම විධාන සියලුම රජයේ නිලධාරීන් පිළිපැදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව විසින් ලිපි, ගුවන්විදුලි, රූපවාහිනි, පුවත්පත් මගින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කර තිබේ.

06. ජනාධිපතිවරණයෙන් පසු කාලය

ජනාධිපතිවරණය අවසන් වී සතියක් ගතවන තුරු පෙළපාලි පැවැත්වීම තහනම්ය.

මෙවැනි නීති විරෝධි පෙළපාලි පැවැත්වීමේ දී එවැනි අවස්ථා වීඩියෝ ගතකර අධිකරණයට වාර්තා කිරීමට ද පොලීසිය ක්‍රියාකිරීමට ඉඩ ඇති බව සඳහන්වේ.

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved