Connect with us

පුවත්

මැයි රැලියට ආ බස් අධිවේගී මාර්ගයේ නතර කර කෑම කෑ හේතුව හෙළිවෙයි (UPDATE)

Published

on

ජාතික ජනබලවේගයේ මැයි දින රැලිය සඳහා එක්වීමට පැමිණි පිරිස් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා ප්‍රදේශය ආසන්නයේ මාර්ගයේ නවතා දිවා ආහාරය ගනිමින් විවේක ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝව සමඟ අදාල සිද්ධිය ගැන පොලිස් විමර්ශන මේ වනවිට ආරම්භ වී ඇත.

ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගය දකුණ භාර පොලිස් අධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර තිබේ.

එලෙස නවතා තිබූ බස් රථවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද අධිවේගී මාර්ග පොලීසිය අවධාරණය කර සිටී.

රථ වාහන නීතිය යටතේ අධිවේගී මාර්ගයේ ඕනෑම ස්ථානයක හෝ මාර්ගයේ ඕනෑම කොටසක වාහන නවතා තැබීම තහනම් වන අතර  හදිසි මංතීරුවේ වාහන නතර කිරීමට අවසර ඇත්තේ ද  අත්‍යවශ්‍ය හදිසි අවස්ථාවකදී පමණක් බව සඳහන් වෙයි.

කෙසේවෙතත් අදාළ බස් රථ එම ස්ථානයේ නතර කර ඇත්තේ වැලිපැන්න සේවා කලාපයේ රථ ගාලේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් බව සඳහන් වෙයි.


(පෙර පුවත 2025 මැයි 02 පෙ.ව.10.28 )

මැයි දිනයට පැමිණි මාලිමා බස් අධිවේගයේ තැන තැන නවත්වා කෑම කයි

ජාතික ජනබලවේගය විසින් කොළඹ ගාලු මුවදොර පිටියේදී ඊයේ පවත්වන ලද මැයි දින සමරුමට සහභාගි වූ ආධාරකරුවන් රැගෙන පැමිණි බස් රථ අධිවේගී මාර්ගයන්හි නවත්වා ආහාර ගන්නා වීඩියෝ රැසක් සමාජ ජාල වල හුවමාරු වෙයි.

අධිවේගී මාර්ගයන්හි වාහන නතර කිරීමට හා ඒවායෙන් බැසීමට අවසර නොලැබෙන නමුත් ඊයේ දිනයේ එම නීතිය උල්ලංඝනය වී ඇත.

ඇතැම් ස්ථානයන්හි අධිවේගීමේ රථවාහන පොලිස් නිලධාරින්ද ඒ අවටම සිටිනු දක්නට ලැබේ.

බස් රථ රැසක්ම මේ ආකාරයෙන් අධිවේගී මාර්ගය අසල නවතා ආහාර ගනු එකී වීඩියෝවන්හි දැක්වේ.

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading

පුවත්

ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්

Published

on

By

ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සදහන් කළේ ඔමික්‍රෝන් වෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බවය.

දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබාගෙන සිදු කළ පර්යේෂණ වලින් මේ බව තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවද ඔහු අවධාරණය කළේය.

අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හදුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද විටින් විට පැතිර යන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බැවින් ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවද විශේෂඥ වෛද්‍ය ජුඩ් ජයමහ මහතා සදහන් කළේය.

මේ අතර ගාල්ල ජාතික රෝහලේ දී පසුගියදා මියගිය මාස එකහමාරක් වයසැති බිලිඳෙකුටද කොවිඩි ආසාදනය වි ඇති බවටද හඳුනාගෙන තිබේ.

අද දෙරණ සිදුකළ විමසීමකදී රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ අදාළ බිලිදාගේ ජෛව සාම්පල පරික්ෂාවකට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකිරිමෙන් අනතුරුව ඒ බව තහවුරු වි ඇති බවය.

කෙසේ වෙතත් එම වෛරසය ආසියාවේ මේ දිනවල පැතිරයමින් පවතින නව ප්‍රභේදය බවට හඳුනාගෙන නොමැති බවද ඔහු සදහන් කළේය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

අනුදි, අවසන් 40න් හැලෙයි

Published

on

By

2025 ලෝක රූ රැජින තරගාවලියේ අවසන් තරගකාරියන් 40 දෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකා නියෝජනය කළ සුරූපිනිය අනුදි ගුණසේකරට නොහැකි විය.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී ශ්‍රී ලංකාවට අභිමානයක් අත් කර දෙමින් අනුදි දස්කම් දැක්වූවාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved