Connect with us

පුවත්

මැයි රැළිවල කියපු කතා

Published

on

වෘත්තීය සමිති පැරණි ඇඳුම් ඉවතලා අලුත් ඇඳුම් ඇඳගත යුතුයි – ජනපති

වසර හැට පහක් මුළුල්ලේ එක් අරමුණක් වෙනුවෙන් අතිශය අභියෝග හමුවේ බලය ලබා ගැනීම අතික්‍රමණය කළ තම දේශපාලන ව්‍යාපාරය සහතික වශයෙන්ම මේ රට ගොඩ නැඟීම සහ ජනතාවගේ වුවමනාවන් ඉටු කිරීමේ අභියෝගය ද ජයග්‍රහණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

අද රට පාලනය කරන්නේ රට ගොඩ නඟමින් ඉදිරියට ගෙන යාමට සූදානම් ව්‍යාපාරයක් බවත්, එහිදී මෙරට වෘත්තීය සමිති ව්‍යාපාරයටද පැරණි ඇඳුම් ඉවතලා අලුත් ඇඳුම් ඇඳ ගැනීමේ කාලය උදා වී තිබෙන බවත් පැවසු ජනාධිපතිවරයා රට ගොඩ නැඟීමේ ව්‍යායාමය සාර්ථක කර ගැනීමට ආණ්ඩුවත් සමඟ එක්වන ලෙස සියලු වෘත්තිය සමිති ව්‍යාපාරවලට ආරාධනා කරන බවද පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ ඊයේ (01) පස්වරුවේ ගාලු මුවදොර පිටියේ පැවති ජාතික ජන බලවේගයේ මැයි දින රැලිය අමතමිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ අද දේශපාලන ව්‍යාපාරයක් ලෙස පවතින්නේ ජාතික ජන බලවේගය පමණක් බවත් මේ රටේ අනාගතය සහ ජනතාවගේ අනාගතය මුළුමනින්ම රඳා පවතින්නේ ජාතික ජන බලවේගය අත බව සියලු දෙනා අවබෝධ කරගත යුතු බවයි.

ආණ්ඩුව බොරුවෙන් මුසාවෙන් මුළාවෙන් රට පාලනය කරනවා – විපක්ෂනායක

වතු හා කම්කරු ජනතාව වෙනුවෙන් ඊයෙත් අදත් හෙටත් සැබෑ ලෙසම සටන් කරන්නේ සමගි ජන බලවේගය බවත් වත්මන් ආණ්ඩුව බොරුවෙන් මුසාවෙන් මුළාවෙන් රට පාලනය කරන බව සමගි ජන බලවේගයේ නායක, සමගි ජන සන්ධානයේ නායක, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

සමගි ජන බලවේගය ප්‍රමුඛ සන්ධානයේ මැයි දින රැලිය ‘ගම දිනවන සටනට කම්කරු බලය’ යන තේමාව යටතේ සමගි ජන බලවේගයේ නායක සමගි ජන සන්ධානයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) තලවකැලේ ළිඳුල නගර සභා පිටියේදී පැවැත්විණි.

එහිදී පැමිණ සිටි පිරිස අමතමින් සමගි ජන බලවේගයේ නායක, සමගි ජන සන්ධානයේ නායක, පාර්ලිමේන්තුවේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.

ජනාධිපතිවරණයේදී හා මහමැතිවරණයේදී බොරු කියා පොහොසත් රටක් හදනවා කිවුවත් එවැනි රටක් ජනතාවට අත්වුණේ නැහැ. මේ වන විට පිට පිටම තුන්වැනි වතාවටත් ජනතාව අනාථ කිරීමට ආණ්ඩුව සූදානම් වෙනවා.

මහින්ද නිදොස් කොට නිදහස් කිරීමේ අරගලය අපි පටන් ගන්නවා – නාමල් රාජපක්ෂ

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආණ්ඩුවක් තුළම තම ආදරණීය පියාණන් නිදොස් කොට නිදහස් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ, නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ දී ඊයේ (01) පස්වරුවේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගොවි කම්කරු ජනතාවගේ පොදුජන මැයි රැලිය 2025ට එක්වෙමිනි. ‘රැවටිල්ල ඉවසුවා ඇති – දැන් ඉතින් නැඟිටිමු’ යන්න තේමාව කරගනිමින් මෙම රැලිය පැවැත්විණි.

“අනුර කුමාර දිසානායක මහතාගේ ආණ්ඩුවක් තුළම මහින්ද රාජපක්ෂ නිදොස් කොට නිදහස් කිරීමේ බලාපොරොත්තුව පෙරදැරිව අපි මැතිවරණය මෙහෙයවනවා. අනුර කුමාර දිසානායක මහතාගේ ආණ්ඩුව තුළම මම මගේ තාත්තා නිදොස් කොට නිදහස් කරනවා. ඒ වගකීම අපි ඉටු කරනවා. ජනතාවට අපි ද්‍රෝහිකම් කරලා නැහැ. අපි හැමදාම ජනතාවගේ පැත්තේ සිට ජනතාව ගොඩනඟන්න දේශපාලන තීන්දු ගෙන තිබෙනවා. අද අපේ පක්ෂය අලුත් වී තිබෙනවා” 

පුවත්

ජ’පුර දොස්තර දියණිය අල්ලස් කොමිසමේ 2ක් බයකරලා පොලිසිය අල්ලන්න සොයයි

Published

on

By

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහේශී සූරසිංහ නැමැත්තියට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවකට සහභාගි වී අධිකරණයෙන් පිටව යමින් සිටි අල්ලස් කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂවරියට (නීති) එම ශල්‍ය වෛද්‍යවරියගේ දියණිය  මරණ තර්ජන කර ඇති බව කෙසෙල් වත්ත පොලිසිය පවසයි.

අල්ලස් කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂවරිය සහ එම සභාවේ පොලිස් පරීක්ෂකවරයකු විශේෂඥ ශල්‍ය වෛද්‍යවරිය සහ තවත් දෙදෙනකුට එරෙහිව නඩුවට පෙනී සිටිමින් අධිකරණයෙන් පිටව යන අවස්ථාවේදී එම ශල්‍ය වෛද්‍යවරියගේ දියණිය ‘‘උඹල දෙන්නා මරනවා’‘ යනුවෙන් තර්ජන කර ඇති බව පොලිසිය කියයි.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කෙසෙල් වත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Continue Reading

පුවත්

පර්පෙචුවල් ට්‍රෙෂරීස්හි ව්‍යාපාර කටයුතු තවත් මාස 6කට දික්කරයි!

Published

on

By

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීමේ තීරණය තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කර ඇත්තේ සිදුකරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදු කරගෙන යාමේ අරමුණින් මෙම තීරණය ගත් බවය.

ඒ අනුව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රථමික අලෙවිකරුවෙකු වශයෙන් සිදුකරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අද (05) සිට  තවත් මාස 6කින් දිර්ඝ කිරීමට මහ බැංකුව තීරණය කර තිබේ.

Continue Reading

පුවත්

අර්ජුන සතු “කැප්ටන් කූල්” නම දෝනිට ලියා ගැනීමේ උත්සාහයක!

Published

on

By

1990 දශකයේ දී හිටපු ප්‍රකට ක්‍රීඩා විචාරකයකු වූ බ්‍රිතාන්‍ය ජාතික ටෝනි ග්‍රේග් විසින් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග හැඳින්වීමට භාවිත කරන ලද “කැප්ටන් කූල්”‍ යන හැඳින්වීම වෙළෙඳ සන්නාමයක් ලෙස තමන් වෙනුවෙන් ලියාපදිංචි කිරීමට හිටපු ඉන්දීය ක්‍රිකට් නායකයකු වන මහේන්ද්‍ර සිං දෝනි විසින් ඉන්දියාවේ වෙළෙඳ ලකුණු පාලක ජනරාල් කාර්යාලය වෙත අයැදුම්පතක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

මේ බව බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය විශේෂ වාර්තාවක් මගින් ප්‍රකාශයට පත් කර ඇත. 

අර්ජුනට පසුව තමන්ද මෙම නාමයෙන් හැඳින්වීම නිසා ඔහු මේ ඉල්ලීම කර ඇතැයි පැවසේ.

2025 ජූනි මස 16 වැනි දින දෝනි විසින් කරන ලද මේ ඉල්ලීම ඉන්දියාවේ වාණිජ සහ කර්මාන්ත අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය. 

මෙකී සන්නාමය යටතේ ක්‍රීඩා පුහුණු පහසුකම් සැපයීමට අදාළ සේවා සැපයුම අපේක්ෂා කරන බව දෝනිගේ අයැදුම්පත්‍රයේ‍ සඳහන්ය. 

එහෙත් මේ සම්බන්ධයෙන් දින එකසිය විස්සක් තුළ විරෝධතා ඉදිරිපත් කළ හැකි බව ද එම අමාත්‍යංශය කියයි.

මේ පිළිබඳව බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය සමඟ සාකච්ඡා කළ ක්‍රිකට් විචාරකයන් කිහිප දෙනකු ප්‍රකාශ කර ඇත්තේ අර්ජුන රණතුංගට අයත් වෙළෙඳ සන්නාමය ලබා ගැනීමට ඉන්දියාවේ හිටපු ක්‍රිකට් නායකයා විසින් කරන ලද ඉල්ලීම පිළිගත නොහැකි බවයි. 

එය වරදක් බවත් ඔවුන් සඳහන් කර ඇත. 

ඇතැමකු සඳහන් කර තිබුණේ අර්ජුන රණතුංගට මෙම හැඳින්වීම ලබා දී තිබුණද ඔහු ඊට අයිතිවාසිකම් කීමට ඉදිරිපත් නොවීම නිසා මෙම තත්ත්වය උද්ගත වූ බවය.

දැනට 44 වැනි වියේ පසුවන මහේන්ද්‍ර සිං දෝණිට පසුගිය දා ජාත්‍යන්ත ක්‍රිකට් කවුන්සිලය “හෝල් ඔෆ් ෆේම්ස්”‍ යන ගෞරව නාමය ද පුද කරනු ලැබූ බව මේ සම්බන්ධයෙන් පළ කළ බ්‍රිතාන්‍ය ගුවන්විදුලි වාර්තාවේ දැක්වෙයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved