Connect with us

පුවත්

මිචලින් සේවකයන් බාරගන්නා බව සියැට් නිවේදනය කරයි

Published

on

තම පරිපාලනය යටතේ මිචලින් කර්මාන්ත ශාලාවේ දැනට සේවයේ යෙදෙන සේවක සේවිකාවන්ගේ රැකියා සියල්ල මුළුමනින්ම සුරක්ෂිත බව, ඉහත එම කර්මාන්ත ශාලා පවත්වා ගෙන යෑම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සංස්ථාපනය කරන ලද සීමා සහිත සියැට් සමාගමට පූර්ණ අනුබද්ධිත සමාගමක් වන සියැට් ඕඑච්ටී ලංකා (පුද්ගලික) සමාගම (CEAT OHT Lanka (Pvt) Limited) කියා සිටී.

මේ ගනුදෙනුව යටතේ මිචලින් ලංකා (පුද්ගලික) සමාගමට අයත්ව තිබෙන කැසෝ සන්නාමය යටතේ වන Off-Highway ඉදි කිරීම් උපකරණ ටයර් සහ ට්‍රැක් නිෂ්පාදන ව්‍යාපාරය මිලදී ගැනීම වෙනුවෙන් ඉන්දියාවේ මුම්බායි හි පිහිටි සීමාසහිත සියැට් සමාගම, මිචලින් ලංකා (පුද්ගලික) සමාගම සමග 2024 දෙසැම්බර් මස දී ගිවිසුමකට එළඹි බවද එම සමාගම නිවේදනය කරයි.

එම ගිව්සුමට අනුව මිචලින් ලංකා (පුද්ගලික) සමාගමට අයත් මිදිගම කර්මාන්ත ශාලාව, කොටුගොඩ පිහිටි කාස්ටිං කර්මාන්ත ශාලාව සහ එම සමාගම සතු අනෙකුත් මධ්‍යගත සේවා සපයන අංශ වල කොටස් කිහිපයකුත් සියැට් සමාගම සතු වන බව පැවසේ.

මිල දී ගැනීමෙන් පසුව සිදු වන සංක්‍රාන්තිය, සේවක සේවිකාවන්ගේ රැකියා සුරක්ෂිතභාවය සහ යහ පැවැත්මට ප්‍රමුඛත්වය ලබා දෙමින් සුමට හා විනිවිදභාවයෙන් යුතුව සිදුවිය යුතු බව සමාගමේ දැඩි විශ්වාසය බව ද ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ඒ අනුව මෙම ක්‍රියාවලිය අතරතුර, සේවක අයිතිවාසිකම් තහවුරු කිරීම වෙනුවෙන් සියැටි ඕඑච්ටී ලංකා (පුද්ගලික) සමාගම, මීචලින් ලංකා (පුද්ගලික) සමාගම සහ අන්තර් සමාගම් සේවක සංගමය අතර ත්‍රෛපාර්ශ්වික අවබෝධතා ගිවිසුමකට 2025 මැයි මස 22 වැනිදා අත්සන් තැබූ බවද පැවසේ.

සේවක මහත්ම මහත්මීන්ගේ 100% රැකියා සුරක්ෂිත භාවය, මීචලින් සමාගමේ පෙර සේවා කාලයේ අඛණ්ඩතාව, ජ්‍යෙෂ්ඨත්වය සහ වැටුප් හා වරප්‍රසාද අඛණ්ඩව පවත්වාගෙන යෑම මෙම අවබෝධතා ගිවිසුමෙන් තහවුරු කර ඇතැයිද දැක්වේ.

සේවක තෘප්තිමත් භාවය සහ ඔවුන්ව රැකබලා ගැනීම පූර්ණ අභිලාෂය කරගත් සියැට් සමාගම මෙම ගිවිසුමේ කොන්දේසි සර්වප්‍රකාරයෙන් සපුරාලීමට කැප වී සිටින අතර රටවල් 120කට අධික ප්‍රමාණයක් පුරා විහිදුණු තම ව්‍යාපාරික ජාලය හා අනෙකුත් සියලු සම්පත් උපයෝගී කරගනිමින් නව ව්‍යාපාර කටයුතුවල ශීඝ්‍ර වර්ධනයක් ළඟා කරගැනීමට ද කැප වී සිටින බව අවධාරණය කරයි.

ඉන්දියාවේ RPG සමූහ ව්‍යාපාරයට අයත් මුම්බායි කොටස් වෙළඳපොළේ ලියාපදිංචි සීමා සහිත සියැට් සමාගම කාර් ටයර්, බස් හා ට්‍රක් ටයර්, මෝටර් සයිකල් හා ස්කූටර් ටයර් සහ Off-Highway ටයර් නිෂ්පාදනය කරන ඉන්දියාවේ මුම්බායිහි පිහිටි ප්‍රමුඛ පෙළේ සමාගමකි. 

පූර්ණ රජයේ ආයතනයක්ව තිබූ කැලණි ටයර් සංස්ථාව මිලදී ගනු ලැබුවේද ඉන්දියානු සියැට් සමාගම විසිනි. 1993 වසරේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීමෙන් සිදුවූ මෙය තරමත ආන්දෝලනාත්මක ගනුදෙනුවක් සේ සැලැකේ.

කෙසේ වුවද මාතර මිදිගම ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන Michelin Lanka Pvt Ltd ආයතනය විකිණීමට සූදානම් වන බව පවසමින් එහි සේවකයෝ පසුගියදා විරෝධතාවක්ද පවත්වා තිබිණි. 

සබැදි පුවත්

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved