Connect with us

පුවත්

මිද්දර මුල්ල වෙඩි තැබීමට කරන්දෙණිය හමුදා කඳවුරේ අවි 36ක් අත්අඩංගුවට

Published

on

අහුන්ගල්ල මීද්දරමුල්ල ප්‍රදේශයේදී ඉකුත් (14) සවස පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරිම සම්බන්ධයෙන් පරික්ෂණ සඳහා යොදවන ලද නිල සුනඛයා කරන්දෙණියේ පිහිටි යුධ හමුදා සන්නද්ධ බුද්ධි බළකා රෙජිමේන්තු කඳවුරට ඇතුලුවීම නිසා එම කඳවුරේ එදින රාජකාරියේ නිරතව සිටි හමුදා සෙබලුන්ට නිකුත්කර තිබු ටී.56 ගිනි අවි 36 ක් ඊයේ (18) පොලිස් බාරයට ගත් බව ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාරයාලය පවසයි.

අහුන්ගල්ල මිද්දරමුල්ල අමරමෝලි මාවත පදිංචිව සිටි එනාදු තරිඳු ධනුෂ්ක සිල්වා නමැති අය එදින සවස තම සොහොයුරිගේ කුඩා දරුවන් දෙදෙනකුද නංවාගෙන යතුරු පැදියෙන් යමින් සිටියදී තවත් යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනකු විසින් වෙඩි තබා පලාගොස් තිබිණි. 

පසුව ඔහු බලපිටිය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇති අතර වෙඩි ප්‍රහාරය එල්ලවිමත් සමග යතුරුපැදියේ සිට බිමට වැටි ඇති අවුරුදු පහක සහ අවුරුදු එකහ මාරක කුඩා දරුවෝ දෙදෙනා ද තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුලත් කරනු ලැබූහ.

මේ අතර ඝාතනය සඳහා සැකකරුවන් පැමිණ ඇති බවට සැක කරන යතුරු පැදිය කරන්දෙණිය පොලිස් වසමේ ඇරැව්වල යුද හමුදා බුද්ධි ඒකකය අසල කුරුඳු ඉඩමක දමාගොස් තිබියදි 15 වැනිදා සවස පොලිසිය විසින් සොයාගෙන තිබිණි

පසුව වැඩිදුරටත් නිල සුනඛයින් යොදවා පරික්ෂණ කිරිමේදි නිල සුනඛයා හමුදා කඳවුර තුලට ඇතුලුවිම නිසා එදින රාජකාරියේ සිටි සෙබලුන්ට නිකුත්කර තිබු ටි.56 ගිනි අවි 36ක් මෙසේ පොලිස් බාරයට ගෙන ඇත.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසුවේ බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය මගින් එම ගිනි අවි රජයේ රස පරික්ෂකවරයා වෙත ඉදිරිපත් කිරිමට කටයුතු කරන බවයි.

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading

පුවත්

ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්

Published

on

By

ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සදහන් කළේ ඔමික්‍රෝන් වෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බවය.

දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබාගෙන සිදු කළ පර්යේෂණ වලින් මේ බව තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවද ඔහු අවධාරණය කළේය.

අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හදුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද විටින් විට පැතිර යන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බැවින් ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවද විශේෂඥ වෛද්‍ය ජුඩ් ජයමහ මහතා සදහන් කළේය.

මේ අතර ගාල්ල ජාතික රෝහලේ දී පසුගියදා මියගිය මාස එකහමාරක් වයසැති බිලිඳෙකුටද කොවිඩි ආසාදනය වි ඇති බවටද හඳුනාගෙන තිබේ.

අද දෙරණ සිදුකළ විමසීමකදී රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ අදාළ බිලිදාගේ ජෛව සාම්පල පරික්ෂාවකට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකිරිමෙන් අනතුරුව ඒ බව තහවුරු වි ඇති බවය.

කෙසේ වෙතත් එම වෛරසය ආසියාවේ මේ දිනවල පැතිරයමින් පවතින නව ප්‍රභේදය බවට හඳුනාගෙන නොමැති බවද ඔහු සදහන් කළේය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

අනුදි, අවසන් 40න් හැලෙයි

Published

on

By

2025 ලෝක රූ රැජින තරගාවලියේ අවසන් තරගකාරියන් 40 දෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකා නියෝජනය කළ සුරූපිනිය අනුදි ගුණසේකරට නොහැකි විය.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී ශ්‍රී ලංකාවට අභිමානයක් අත් කර දෙමින් අනුදි දස්කම් දැක්වූවාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved