Connect with us

පුවත්

මිනින්දෝරුවන් අද ලෙඩවෙලා 

Published

on

රජයේ මිනින්දෝරු නිලධාරීන් අද (26) දිනයේ ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ඉඩම් අමාත්‍යවරයාගේ අත්තනෝමතික ක්‍රියා කළාපයට විරෝධය පළ කරමින් එම ක්‍රියාමාර්ගය ආරම්භ කළ බව රජයේ මිනින්දෝරු සංගමයේ සභාපති දුමින්ද උඳුගොඩ මහතා සඳහන් කළේය.

මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මේ වනවිට උද්ගතව තිබෙන භෞතික මානව හා සම්පත් ගැටලුවට මෙන්ම මිනින්දෝරු වෘත්තිය සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටලු සම්බන්ධයෙන්ද විසදුම් අපේක්ෂිත බව දුමින්ද උඳුගොඩ මහතා සඳහන් කරයි.

ඔහු වැඩිදුරටත් ‌මෙසේද කීය.

 “මේ වෙලාවේ රටේ මුදල් නෑ නෑ කියලා කියන අතරේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මැනුම් වැඩ පුද්ගලික අංශයට ලබාදෙමින් අකටයුතුකම් රැසක් සිදුකරමින් පවතිනවා. අද අපි ලෙඩ නිවාඩු වාර්තා කළා. මේ ගැන අපි සතියකට කලින් අමාත්‍යවරයා සහ අමාත්‍යාංශ ලේකම්ව දැනුවත් කරා. නමුත් මේ වනතුරුත් කිසිම පිළිතුරක් නෑ. මේකටත් පිළිතුරු නැත්නම් නැවතත් අපි අගෝස්තු 2 වනදා ලෙඩ නිවාඩු වාර්තා කරනවා. කොළඹ දී උද්ඝෝෂණයක් පවත්වනවා.” 

පුවත්

ජනපතිගේ අවසන් ජන රැලිය – කොස්ගස් හංදියේ (සජීව)

Published

on

By

ජනපතිවරණ ස්වාධීන අපේක්ෂක වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවසන් ප්‍රචාරක රැස්වීම මේවන විට කොළඹ කොස්ගස් හංදියේදී පැවැත් වේ.

එහි සජීවී විකාශය අපගේ වෙබ් අඩවිය හරහා මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල ෆේස් බුක් පිටුව ඔස්සේ දැන් නැරඹිය හැකිය.

Continue Reading

පුවත්

සමගි ජනබල වේගයේ අවසන් ජන රැළිය – කොළඹ (සජීවී)

Published

on

By

සමගි ජනබල වේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍ර‍ේමදාස මහතා සහභාගිවන අවසන් ජන රැළිය පංචිකාවත්ත පාර ටවර් හෝල් රඟහල ඉදිරිපිටදී මේවන විට පැවැත්වෙමින් තිබේ.

එහි සජීවී විකාශය අපගේ වෙබ් අඩවිය හරහා මෙන්ම අපගේ නිල ෆේස් බුක් පිටුව ඔස්සේ දැන් නැරඹිය හැකිය. 

Continue Reading

පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවසන් රැලිය – කැස්බෑවේදී (සජීවී)

Published

on

By

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ අවසන් ප්‍රචාරක රැස්වීම මේ වනවිට කැස්බෑවේදී පැවැත්වේ.

එහි සජීවී විකාශය අපගේ වෙබ් අඩවිය හරහා මෙන්ම නිල ෆේස් බුක් පිටුව ඔස්සේ දැන් නැරඹිය හැකිය. 

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved