Connect with us

පුවත්

මිනී වළෙන් අල්ලස් ගත් පිරිසක් සොයා පරීක්ෂණ

Published

on

බොරැල්ල කනත්තේ මෘත ශරීර භූමදාන කිරීමේ කටයුතුවලදී අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

එම විමර්ශනයට අදාළව බොරැල්ල කනත්තේ මෘත ශරීර භූමදාන කිරීමට අදාළ විස්තර සපයන ලෙසට කොළඹ මහ නගර සභාවට ලිඛිතව දැනුම් දී ඇතැයි අල්ලස් කොමිසමේ විවෘත විමර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු මාධ්‍යට පවසා ඇත.

කොළඹ මහ නගර සභාවට අයත් බොරැල්ල කනත්තේ පරිපාලන කටයුතු සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන චක්‍රලේඛ, නියෝග හා උපදෙස් පිළිබඳ විස්තරද (කනත්තේ සේවකයන් වෙත සහ සේවය ලබා ගන්නා පාර්ශ්ව වෙත ලබා දෙන) විමර්ශනයට අදාළව කැඳවා ඇතැයිද එම නිලධාරියා සඳහන් සදහන් කර ඇත.

මෘත ශරීරයක් භූමදාන කිරීම, ආදාහනය කිරීම ආදී කටයුතු සඳහා නගර සභාව විසින් අය කර ගත හැකි ගාස්තු, මෘත ශරීරයක් භූමදාන කිරීම සඳහා එම කනත්තේ ස්ථිර භුමි ප්‍රමාණයක් ලබා දෙන්නේ නම් එලෙස ලබා දෙන භූමි ප්‍රමාණය ඒ සඳහා අය කරන ගාස්තුව, එම භූමි ප්‍රමාණයේ සොහොනක් ඉදිකිරීමට අවශ්‍ය නම් ඒ සඳහා අනුගමනය කරන ක්‍රියාපිළිවෙත් පිළිබඳව ද සවිස්තර වාර්තාවක් අල්ලස් කොමිසම විසින් කොළඹ මහ නගර සභාවෙන් කැඳවා තිබේ.

පුවත්

මිදිගම වෙඩි තැබීමක්

Published

on

By

ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ මිදිගම ප්‍රදේශයේදී අද (19) උදෑසන සිදුකළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙක් මිය ගොස් තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ 38 හැවිරිදි මාළු ව්‍යාපාරිකයෙක් වන අතර ඔහු අහංගම ගොවියාපාන ප්‍රදේශයේ හෝටලයකදී පසුගිය අගෝස්තු 4 වනදා වෙඩි තබා ඝාතනය කළ අයගේ සහෝදරයා බවද පොලිසිය සඳහන් කලේය.

එම අවස්ථාවේදී මාළු මිලදී ගැනීමට පැමිණි තවත් දෙදෙනෙකුද වෙඩි ප්‍රහාරයට ලක්ව තිබේ.

ඔවුන් ප්‍රතිකාර සඳහා මාතර මහරෝහලට ඇතුළත් කෙරුණි.

Continue Reading

පුවත්

මැතිවරණ රාජකාරි කටයුතු සඳහා විශේෂ දුම්රිය සේවාවක්

Published

on

By

ජනාධිපතිවරණ රාජකාරි වෙනුවෙන් කොළඹ කොටුව සහ කන්කසන්තුරය අතර විශේෂ දුම්රිය වාර කිහිපයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව මැතිවරණ රාජකාරී සඳහා සහභාගී වන රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශයේ පිරිස් සඳහා මෙම දුම්රියන්වල ගමන් කළ හැකිය.

අද (19) සහ අනිද්දා(21) දිනයන්හීදී කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා උදෑසන 9.00ට එක් දුම්රියක් ධාවනය වීමට්ට නියමිතය.

කන්කසන්තුරයි සිට කොළඹ කොටුව දක්වා ද හෙට(20) සහ 22 වැනි දා විශේෂ දුම්රිය වාර 2ක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.

මේ අතර මැතිවරණය පැවැත්වෙන 21 වැනි දා සාමාන්‍ය පරිදි සෙනසුරාදා දිනයට අදාළ දුම්රිය කාලසටහන ක්‍රියාත්මකය.

22 වන ඉරිදා දුරගමන් සේවා දුම්රියන් ක්‍රියාත්මක වන අතර කෙටිදුර දුම්රිය ධාවනයේ යම් අඩුවක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Continue Reading

පුවත්

ඡන්දෙට බාර් වහන දවස්

Published

on

By

ජනාධිපතිවරණය ලබන 21 වනදා පැවැත්විම හේතුවෙන් දින දෙකක් රටපුරා සියළුම සුරාසැල් වසා තැබෙන බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව 21වනදා හා 22 වනදා දෙදින දිවයිනපුරා පිහිටි සියළුම සුරාසැල් වසා තැබෙනු ඇත.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved