Connect with us

පුවත්

මියන්මාර සරණාගතයින් රැගත් යාත්‍රාවක් මුලතිව් වෙරළට

Published

on

මියන්මාර ජාතිකයින් පිරිසක් රැගත් බහුදින ධීවර යාත්‍රාවක් අද (19) මුලතිව්, මුල්ලිවයික්කාල් වෙරළ තීරයට පැමිණ තිබේ.

මුලතිව්, නාවික හමුදාව හා පොලීසිය පවසන්නේ මෙම යාත්‍රාවේ 100කට අධික පිරිසක් රැදී සිට ඇති බවය.

මෙම පිරිස අතර දරුවන් 25කට ආසන්න පිරිසක් සිටින බව අනාවරණය වී තිබේ.

ඔවුන් සරණාගතයින් ලෙස මියන්මාරයේ සිට නීතිවිරෝධීව වෙනත් රටකට බහුදින යාත්‍රාවකින් රැගෙන යමින් සිටියදී එලෙස මුල්ලිවයික්කාල් වෙරළ තීරයට පැමිණ ඇති බව තවදුරටත් වාර්තා වේ.

පොලිසිය හා නාවික හමුදාව පවසන්නේ යාත්‍රාවේ සිටින පිරිස වෙත අවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ජලය ලබාදීම නාවික හමුදාව විසින් සිදුකරනු ලබන බවය.

එමෙන්ම, යාත්‍රාව සහ මගීන් සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක් ද යන්න සම්බන්ධයෙන් සලකා බලන බව ආරක්ෂක අංශ තවදුරටත් දැනුම් දෙයි.

පුවත්

වෙසක් සමයේ දිවයින පුරා විශේෂ වැටලීම්

Published

on

By

වෙසක් සමයේදී රට පුරා දැනුවත් කිරීමේ වැඩසටහන් සහ වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

එම අධිකාරිය පවසන්නේ, වෙසක් සමයේදී බහුලව භාවිතා වන අටපිරිකර, ආගමික පූජා, හඳුන්කූරු, අලංකාර භාණ්ඩ සහ විදුලි බල්බ වැනි දෑ සහ ඒවා විකුණන වෙළෙන්ඳන් සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු කරන බවය.

එමෙන්ම, මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන නුවරඑළිය දිස්ත්‍රික්කයේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවද පාරිභෝගික කටයුතු අධිකාරිය දැනුම් දී තිබේ.

Continue Reading

පුවත්

මිත්‍රත්ව සංගමේ ලොකු පුටුව නලින්දට

Published

on

By

ඉන්දු – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා තේරී පත්ව තිබේ.

ඒ, එම සංගමය පසුගිය 08 වනදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ රැස්වූ අවස්ථාවේදීය.

එම රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා එම සංගමයේ ලේකම් ධූරයට පත්වී තිබේ.

Continue Reading

පුවත්

සිරිපා වන්දනා සමය අදින් අවසන්

Published

on

By

අද දිනට යෙදෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනයත් සමග මෙවර ශ්‍රී පාද වන්දනා සමය ද අවසන් වේ.

ඒ අනුව හෙට (13) පෙරවරුවේදී ශ්‍රී පාද මළුවේ සිට සධාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමාව රැගත් පෙරහැර ගමන් ආරම්භ කිරීමට නියමිත බව දිස්ත්‍රික් බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරී පුජ්‍ය මොරහැල සුගතජෝතී හිමි පැවසූහ.

පසුගිය දෙසැම්බර් මස 14 වන දින මෙවර සිරිපා වන්දනා සමය ආරම්භ විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved