Connect with us

පුවත්

මිලේනියම් සිටි නඩුවෙන් මහනුවර හිටපු ASP උඩුගම්පොළ නිදොස් කොට නිදහස්

Published

on

2002 වසරේ අතුරුගිරිය “මිලේනියම් සිටි” නිවාස සංකීර්ණයේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශය විසින් පවත්වාගෙන ගිය ආරක්ෂක නිවස්නයක් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියට පත්කොට ජාතික ආරක්‍ෂාව අනතුරේ හෙළීමට කටයුතු කළේ යැයි එල්ල කර තිබූ චෝදනා කරමින් මහනුවර හිටපු සහකාර පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පොළ මහතාට එරෙහිව ගොනුකර තිබූ චෝදනාවලින් ඒ මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

පුරා වසර විස්සකට ආසන්න කාලයක් පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය.

2002  වසරේ ජනවාරි මස 02 වනදා අතුරුගිරිය “මිලේනියම් සිටි” නිවාස සංකීර්ණය තුළ පවත්වාගෙන ගිය ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශයට අයත් ආරක්ෂක නිවාස්නයක් වටලා  එහි සිටි හමුදා බුද්ධි අංශ නිලධාරීන් සහ ඔවුන්ගේ මෙහෙයුම් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියට පත් කිරීම තුළින් රටේ භෞමික අඛණ්ඩතාවයට සහ ජාතික ආරක්ෂාව අනතුරට ලක්කරන ආකාරයට කටයුතු කිරීම තුළින් රාජ්‍ය නිල රහස් පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මහනුවර හිටපු සහකාර පොලිස් අධිකාරී කුලසිරි උඩුගම්පොළ මහතාට එරෙහිව මෙම අධිචෝදනා ගොනුකර තිබුණි.

පුවත්

කොටස් වෙළෙඳපොළෙන් නව වාර්තාවක්

Published

on

By

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකය මෙතෙක් ඉතිහාසයේ වාර්තා කරන ලද ඉහළම අගය ඊයේ (09) දිනයේ දී සනිටුහන් වූ අතර එහිදී දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 18,161.49 ක් දක්වා ඉහළ ගොස් තිබුණි.

මෙය පූර්ව ගනුදෙනු දිනයට සාපේකේෂව ඒකක 129.37ක ඉහළ යාමකි.

එහි දී සමාගම් 125ක කොටස් මිල ගණන් ඉහළ ගිය අතර එය සියලු කොටස් මිල දර්ශකයේ හැසිරීමට ඉහළ ධනාත්මක දායකත්වයක් ලබා දී තිබුණි.

අද (10) ගනුදෙනු පිරිවැටුම දැක්වුනේ රුපියල් බිලියන 5.98 ක් ලෙසය.

Continue Reading

පුවත්

ජුලි මාසයේ පළමු දින 6 දී සංචාරකයන් 36000ක් දිවයිනට

Published

on

By

2025 ජුලි මාසයේ පළමු දින 06 තුළ පමණක් 36,000 ඉක්මවු සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව මෙම වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව 1,204,046ක් කි.

ගෙවුනු 2024 වසරේ සංචාරකයන් ලක්ෂ 12 ඉක්මවා ඇත්තේ අගෝස්තු මාසයේදිය.

ජූලි මාසයේ පළමු දින 6 තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව  8,053කි.

දෙවනුවට එක්සත් රාජධානියෙන් සංචාරකයින් 3,562ක්, ඕස්ට්‍රේලියාවෙන් 2,674ක් සහ චීනයෙන් 2,362ක්  සංචාරකයින් ලෙස මෙරටට පැමිණ තිබේ.

Continue Reading

පුවත්

ඇමරිකානු තීරුබදු ප්‍රතිපත්තිය පිළිබඳ සාකච්ඡාවක්

Published

on

By

ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවනු ලැබ ඇති නව තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ නියෝජිත කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් අද (10) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාවට, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ. ඒ. විමලේන්තිරාජා සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව යන මහත්වරු එක්ව සිටියහ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved