Connect with us

පුවත්

මීගමුවේ වෙරළට පැමිණි අමුත්තන්

Published

on

ධීවර කටයුතුවල යෙදී සිටි ධීවරයන් පිරිසකට යෝධ ඉබ්බන් කිහිපදෙනෙකු ඊයේ (29) අලුයම හමුවී ඇත.

පිටිපන මීගමුව ධීවරයින් පිරිසක් ධීවර කටයුතුවල යෙදී සිටියදි මුහුදු සිමාවේ   සිට නාවික සැතපුම් 20ක් පමණ දුරින් දියඹේ පාවෙමින් සිටි විශාල ඉබ්බන් කිහිප දෙනෙකු මෙලෙස හමුවී ඇති අතර ධීවර යාත්‍රා දෙකකින් මෙම ඉබ්බන් අතරින් දෙදෙනෙකු ගොඩබිමට ගෙනැවිත් තිබේ.

අනෙක් ඉබ්බා ගෙන ඒමට එම ධීවර යාත්‍රා ප්‍රමාණවත් නොවන බව ගොඩබිමට පැමිණි ධීවරයින් වනජීවී නිලධාරින්ට පවසා තිබේ.

ගොඩබිමට ගෙන ඒමෙන්  පසුව එම ඉබ්බන්  දෙදෙනා මුතුරාජවෙල වනජීවී නිලධාරීන් විසින් මීගමුව මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කරන ලදී. 

විදේශීය රටවල්වල වාසය කරන එම ඉබ්බන් මුහුදු සාගරයේ සිටීම පිළිබඳව සොයා බැලීමටත් ඔවුන් කුමන විශේෂයකට අයත් වන්නේ දැයි සොයා බැලීම සදහාත් බෙල්ලන්විල අත්තිඩිය පශු වෛද්‍ය කාර්යාලයට යොමු කිරීම සිදුවිය.

අප්‍රිකානු හා සීෂෙල්ස් රටවල ජීවත් වන මෙම ඉබ්බන් ස්භාවිකව මෙටරටට පැමිණියා ද? නැතහොත් සත්ව ජාවාරම්කරුවන් විසින් මුහුදට මුදා හැරියා ද?යන්න පරීක්ෂණ ක්‍රියාත්මක ය. 

අධිකරණය විසින් නැවත කරුණු සලකා බැලීම මැයි මස 20 වන දින නැවත කැඳවීමට නියමිත ය.

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved