පුවත්
මීඩියා IDඑක පහුගිය අවුරුද්දේ හමුදාවට හා පොලිසියටත් දීලා!
Published
2 months agoon
By
editor
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් සඳහා ලබා දෙන මාධ්‍ය හැඳුනුම්පත සම්බන්ධයෙන් රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස කරනු ලැබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වන විට අවධානය යොමු ව තිබේ.
පසුගිය අප්‍රේල් 29 වන දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අවසාන භාගයේදී අමාත්‍යවරයා පැවසුවේ මෙම හැඳුනුම්පත සහිත මාධ්‍යවේදීන් සමග පමණක් ඉදිරියට කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ය.
එහිදී මාධ්‍යවේදීන් එයට විරෝධය පළ කළ අතර ඊට ප්‍රතිචාර දෙමින් අමාත්‍යවරයා ඉල්ලා සිටියේ, සියලු මාධ්‍යවේදීන්ට එම මාධ්‍යවේදී හැඳුනුම්පත ලබා ගන්නා ලෙස ය.
මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සහ සංවිධාන රැසක් විරෝධය පළ කර තිබේ.
ඇමැති කිව්වේ දේ…
“මම මෙතන ඉන්නේ කැබිනට් මණ්ඩලයේ ගන්නා ලද තීරණ ඔබට දැනුම්දීමටත්, ඊට අමතරව කැබිනට් පත්‍රිකා මත ප්‍රශ්නයක් එනවා නම් හරි, ඊට අමතරව අත්‍යවශ්‍ය ප්‍රශ්න කිහිපයක් සඳහා උත්තර දෙන්න. ඒ වගේම මම හිතනවා අපි මේක තව විධිමත් කරගත යුතුයි කියලා. විශේෂයෙන් ම දැන් අපි මාධ්‍යවේදීන්ට හැඳුනුම්පත් නිකුත් කරලා තියෙන්නේ. ඒ නිසා ඉදිරියේදී අපි ඒ මාධ්‍ය හැඳුනුම්පත සහිත අය එක්ක තමයි මේ කටයුත්ත කරන්න බලාපොරොත්තු වෙන්නේ,” යැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ ය.
එම අවස්ථාවේදී මාධ්‍යවේදීන් එයට විරෝධය පළ කළ අතර, ඔවුන් කියා සිටියේ මෙම හැඳුනුම්පත නිකුත් කිරීමට අයදුම් කළ විට එම තොරතුරු ආරක්ෂක අමාත්‍යංශය වෙත යවා නිෂ්කාශනයක් ලබා ගන්නා බවත් එය ප්‍රමාද වීමෙන් හැඳුනුම්පත ලබාගැනීමට නොහැකි අවස්ථා ද වන බවත් ය.
එලෙස මාධ්‍යවේදීන් අදහස් දක්වන අතරතුරේ නැවතත් කරුණු දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ මාධ්‍ය මර්දනයක් හෝ එවැනි දෙයක් සිදුනොවන බවත් සියලුදෙනා ම එම හැඳුනුම්පත ලබා ගත යුතු බවත් ය.
“කිසිම ආකාරයක මර්දනයක් සිද්ධ වෙන්නේ නෑ. ඔබ කවුරුත් අයිඩෙන්ටි පාවිච්චි කරන අය. කවුරුත් ඩ්‍රයිවින් ලයිසන් පාවිච්චි කරන අය. කවුරුත් පාස්පෝට් පත් කරන අය. ඒ වගේ ම රජයෙන් ඉල්ලුම් කරන ඔබ සියලුදෙනාටම මාධ්‍ය හැඳුනුම්පතක් ලබා දෙනවා. කරුණාකරලා ඒක ගන්න. මොකද මතක තියාගන්න මීට කලින් මේ තීන්දුව ගත යුතුව තිබුණා,” ඔහු පැවසීය.
අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේ මෙම හැඳුනුම්පත මත පදනම් ව මාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය පිළිබඳ රජය කටයුතු කිරීමට බලාපොරොත්තුවන බවත්, ඒ සඳහා අනුගත වන ලෙසත් ය.
“අපි රජය හැටියට ඒ මාධ්‍ය හැඳුනුම්පතට වටිනාකමක් ලබා දෙනවා. ඒකට අවශ්‍ය ගරුත්වය ලබා දෙනවා. ඒ මත පදනම් වෙලා මාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය සම්බන්ධව අපි කටයුතු කරනවා. ඒකට අනුගත වෙන්න කියන ඉල්ලීම අපි කරනවා,” ඔහු අවසන් වශයෙන් පැවසුවේ ය.
ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය හැඳුනුම්පත හා එහි නීතිමය පසුබිම
ශ්‍රී ලංකාව තුළ ජනමාධ්‍යවේදීන් සඳහා වූ හැඳුනුම්පත නිකුත් කරනු ලබන්නේ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන්, නිසි බලධරයා ලෙස කටයුතු කරන රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුක්තව ය.
ජනමාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතනවල සේවය කරන කැමරා ශිල්පීන්, කාර්මික අංශ ශිල්පීන් ද ඇතුළත් ව, සෑම වසරකම 6,000කට ආසන්න පිරිසකට මෙම හැඳුනුම්පත් නිකුත් කරන කරනු ලබයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ජනමාධ්‍යවේදීන් සඳහා හැඳුනුම්පතක් නිකුත් කිරීම සම්බන්ධයෙන් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ 2022 වසරේදී කරුණු විමසීමක් සිදු කළේ ය.
ඊට පිළිතුරු ලබා දෙමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසා තිබුණේ, දෙපාර්තමේන්තුව විසින් ජනමාධ්‍යවේදීන්ට හැඳුනුම්පතක් නිකුත් කරනු ලබන්නේ එහි වාර්ෂික සැලැස්ම යටතේ ජනමාධ්‍ය කේෂ්ත්‍රය වෙනුවෙන් කරන මෙහෙවරක් ලෙස බව ය.
එමෙන්ම, ජනමාධ්‍ය හැඳුනුම්පතක් ලබා ගැනීම සඳහා අවශ්‍ය සුදුසුකම් සහිත ගැසට් නිවේදනයක් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයා නිකුත් කරනු ලැබුවේ කුමන නීතියක් යටතේ ද යන්න එහිදී ප්‍රශ්න කර තිබුණි.
ඊට පිළිතුරු ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ එම ගැසට් නිවේදනය නිකුත් කරනුයේ ව්‍යවස්ථාපිත නීතියකට අනුව නොව ඔවුන්ගේ දෙපාර්තමේන්තුවේ වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම යටතේ අනුමත කාර්ය පටිපාටිය යටතේ බව ය.
‘මේ ක්‍රමවේදය වැරදියි’
බීබීසී සිංහල විසින් සිදුකරනු ලැබූ විමසීමකදී තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති තරිඳු ජයවර්ධන පැවසුවේ මෙම හැඳුනුම්පත් නිකුත් කිරීමේ ක්‍රමවේදය නිවැරදි නොවන බවය.
“ජනමාධ්‍යවේදීන්ට හැඳුනුම්පතක් රජයෙන් නිකුත් කළ යුතු නෑ. නමුත් ශ්‍රී ලංකාවේ සිදුවෙන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් තමයි හැඳුනුම්පතක් නිකුත් කරන්නනේ. සමහර රටවල්වල මාධ්‍ය ආයතනවලින් හැඳුනුම්පත් නිකුත් කරනවා. සමහර රටවල්වල මාධ්‍ය සංවිධානවලින් හැඳුනුම්පතක් නිකුත් කරනවා. ලංකාවේ ජනමාධ්‍යවේදීන් සම්බන්ධ වරලත් ආයතනයක් නෑ,” ඔහු පවසයි.
“ලංකාවේ දැනට තියෙන ක්‍රමය තමයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් හැඳුනුම්පතක් නිකුත් කරන එක. මේ හැඳුනුම්පත එන්නේ නීතියක් යටතේ නෙවෙයි, ආයතනය ගත්ත තීන්දුවක් අනුව. ඒකට කිසිම වලංගු භාවයකුත් නෑ. ඒ බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අපට ලිඛිතව දැනුම්දීලා තියෙනවා. එතකොට මේ ක්‍රමවේදය වැරදියි.”
ඔහු පෙන්වා දෙන්නේ ඇමතිවරයා විසින් මතුකරන ප්‍රශ්නයට අදාළ වන්නේ මාධ්‍ය හැඳුනුම්පත සම්බන්ධ ප්‍රශ්නයක් නොවන බව ය. එය දෙපාර්ශවයේම වෘත්තීයභාවය සම්බන්ධ ප්‍රශ්නයක් බව ඔහු පවසයි.
“දැන් මේ ප්‍රශ්නය මතුවුනේ කැබිනට් ප්‍රෙස් එක හින්දා. ඇමතිවරයා මෙහෙම කියන්නේ මාධ්‍යවේදීන් ප්‍රශ්න අහන හින්දනේ. ප්‍රශ්න අහන හැමෝටම වගේ ඔය කියන හැඳුනුම්පත තියෙනවා. එතකොට තියෙන්නේ හැඳුනුම්පතේ ප්‍රශ්නයක් නොවෙයි, මාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය පිළිබඳ ප්‍රශ්නයක් සහ ඇමතිවරයා ප්‍රශ්නවලට උත්තර දුන්න විදිහේ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ,” ඔහු පැවසුවේ ය.
එමෙන් ම රජය විසින් මෙලෙස මාධ්‍ය හැඳුනුම්පතක් නිකුත් කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් විවිධ මත දරන නිසා, එලෙස ලබා ගැනීමට අකමැති මාධ්‍යවේදීන්ට මෙවැනි අනිවාර්යකිරීමක් හරහා අසාධාරණයක් සිදුවන බව ඔහු පවසයි.
“සමහර මාධ්‍යවේදීන් ඉන්නවා රජයෙන් හැඳුනුම්පත ගන්නේ නෑ.රජය එහෙම හැඳුනුම්පතක් දෙන්න අවශ්‍ය නෑ, ඒක වැරදී කියලා හිතෙන නිසා ගන්නේ නෑ. එතකොට ඒ වගේ අයට ඔය තීන්දුවෙන් වෙන්නේ ලොකු අසාධාරණයක්.”
තවද රජය විසින් නිකුත් කරන මෙම හැඳුනුම්පත මාධ්‍යවේදීන් නොවන පිරිස්වලට ද ලබා දෙන බව ඔහු පෙන්වා දුන්නේ ය.
ඔය හැඳුනුම්පත තියෙන හැමෝම ජනමාධ්‍යවේදීන් නෙවෙයි. පහුගිය අවුරුද්දේ අන්තිම වෙද්දී රජයේ හමුදාවල සෑහෙන්න පිරිසකට ඔය හැඳුනුම්පත තිබුණා. පොලිසියේ අයට හැඳුනුම්පත් දීලා තිබුණා. ඒ නිසා හැඳුනුම්පතේ ප්‍රශ්නය හරිම අසාධාරණ ප්‍රශ්නයක්.”
‘ඇමතිවරුන් හරියට ප්‍රශ්නවලට උත්තර දෙන්නේ නෑ. ජනමාධ්‍යවේදීන්ට ප්‍රශ්න අහන්න හම්බෙන එකම තැන ඔතන විතරයි’
මෙලෙස ජනමාධ්‍ය හැඳුනුම්පත අනිවාර්ය කිරීම සහ එය නොමැති මාධ්‍යවේදීන්ට සීමා පැමිණවීම මාධ්‍ය නිදහසට සහ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට සිදුකරන බලපෑමක් බව මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන පෙන්වා දෙයි.
“කැබිනට් මාධ්‍ය හමුව තමයි රජයේ ප්‍රධාන ම මාධ්‍ය හමුව. ඒ මාධ්‍ය හමුවේදී ඉස්සර ඉඳන් ම ජනමාධ්‍යවේදීන් ගිහින් ප්‍රශ්න අහනවා. ජාතික වැදගත්කමක් තියෙන ගොඩක් දේවල් ගැන අහලා තියෙනවා,” ඔහු පැවසුවේ ය.
එමෙන් ම ඔහු පෙන්වා දෙන්නේ බොහෝ විෂය භාර ඇමතිවරුන් නිසි ලෙස ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් මාධ්‍යවේදීන් යම් යම් දේවල් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ඇති එක ම අවස්ථාව මෙම මාධ්‍ය හමුව බව ය.
“අනිත් ඇමතිවරුන් හරියට ප්‍රශ්නවලට උත්තර දෙන්නේ නෑ. ජනමාධ්‍යවේදීන්ට ප්‍රශ්න අහන්න හම්බෙන එකම තැන ඔතන විතරයි. ඒ ප්‍රශ්නවලට දෙන උත්තරවලින් තමයි මිනිස්සු ගොඩක් දේවල් දැනගන්නේ. එහෙම නැතිනම් සාමාන්‍යයෙන් වෙන්නේ කැබිනට් තීන්දු ගැන කිව්වා කියලා තේරුමක් නෑනේ. ඒක වෙබ් එකටත් දානවනේ.”
ඔහු පවසන්නේ ජනමාධ්‍යවේදීන්ගේ “වෘත්තීයභාවය පිළිබඳ ප්‍රශ්නයක් නිසා මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න ඇසීම සීමා කරනවා නම් හෝ ප්‍රශ්න අහන ජනමාධ්‍යවේදීන්ට එන්න නොදෙනවා නම් එය තොරතුරු දැනගැනීමේ අයිතිය සහ භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය කියන දෙකම උල්ලංඝණය කිරීමක්,” බව ය.
මාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබේ නම් එයට කළ යුතු වන්නේ මාධ්‍ය ක්ෂේත්‍රයේ සිටින පාර්ශවකරුවන් විසින් ඒ සඳහා ස්වාධීන යාන්ත්‍රණයක් ගොඩ නැගීම පමණක් මිස හැඳුනුම්පත අනිවාර්ය කිරීම නොවන බව මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන පැවසුවේ ය.
“ජනමාධ්‍ය සංවිධාන එකතුවෙලා, ජනමාධ්‍යට සම්බන්ධ සියලු ආයතන සම්බන්ධ කරගෙන ජනමාධ්‍යවේදීන් සඳහා ස්වාධීන ආයතනයක් පිහිටුවන්න ඕනේ. ඒක හදන්න ඕනේ ජනමාධ්‍ය සමාජය විසින්. එහෙම හදන යාන්ත්‍රණයට නෛතික පිළිගැනීමක් දෙන්න රජයට පුළුවන්. මම හිතන්නේ ඒක තමයි ඉක්මනින් ම කරන්න ඕනේ. මේ ප්‍රශ්නයන මතුවුණ වෙලාවේ ම ඒක කරගන්න පුළුවන්නම් හොඳයි,” ඔහු පැවසුවේ ය.
| BBC සිංහල සේවය

රටේ ආර්ථික ප්‍රතිලාභ පහළ ග්‍රාමීය ජනතාවට ගලා නොයන්නේ නම් සංඛ්‍යා ලේඛනවල කොපමණ ආර්ථික වර්ධනයක් අත්කර ගත්තද, ඵලක් නොවන බව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, එක් පසෙකින්, රටේ ආර්ථික වර්ධනයක් අත්පත් කර ගන්නා අතරම, අනෙක් පසින්, ආර්ථිකය ප්‍රසාරණය කර ග්‍රාමීය ජනතාවට ආර්ථික අවස්ථා උදා කර දෙමින් ඔවුන් ආර්ථිකයේ පංගුකරුවන් බවට පත් කර ගැනීම ආණ්ඩුවේ වගකීම බවද අවධාරණය කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ “ප්‍රජාශක්ති” ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට අද (04) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී සහභාගී වෙමිනි.
සමාජය සවිබල ගැන්වීම හා ආර්ථික ප්‍රතිලාභ සමාජය තුළ සාධාරණව බෙදී යාම සහතික කිරීම සඳහා වත්මන් රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස “ප්‍රජාශක්ති” ජාතික වැඩසටහන ආරම්භ කර තිබේ.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් සම්පත් මන්ත්‍රීනායක මහතා විසින් ප්‍රජාශක්ති ජාතික වැඩසටහන සඳහා සහභාගී වූ පිරිස පිළිගන්නා ලද අතර, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ප්‍රජාශක්ති ජාතික වැඩසටහනෙහි අරමුණු පැහැදිලි කරන ලදී.
අනතුරුව “ප්‍රජාශක්ති” ජාතික මෙහෙයුම් කමිටුවේ සභාපති ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා විසින් ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරය හඳුන්වා දෙන ලදී.
ප්‍රජාශක්ති නිල වෙබ් අඩවිය එළිදැක්වීමද මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් සිදු විය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදු කළ සම්පූර්ණ කතාව
විශේෂයෙන්ම මීට වසර කිහිපයකට පෙර අප රටේ ආර්ථිකය විශාල කඩා වැටීමකට ලක් වූ බව අපි දන්නවා. ඒ කඩා වැටීමට හේතුසාධක අපට විවිධාකාරයෙන් හදුනා ගැනීමට පුළුවන්කම තිබෙනවා. එහෙත් එම ආර්ථික කඩා වැටීමට කිසිසේත්ම දායක නොවුණු ගම්වල සාමාන්‍ය ජනතාව එයින් විශාල පීඩාවකට පත් වූ බව අපි අමතක නොකළ යුතුයි.
ඔවුන්ට ආහාර මිලදී ගැනීම, නිරෝගී සම්පන්න ජීවිතයක් වෙනුවෙන් හොඳ සෞඛ්‍ය සේවයක් ලබා ගැනීම, අධ්‍යාපනය වෙනුවෙන් පහසුකම් නිර්මාණය කිරීම, ග්‍රාමීය යටිතල පහසුකම් වර්ධනය කිරීම ආදී කේෂ්ත්‍රවල විශාල බිඳවැටීමක් සිදු වුණා. එ’නිසා ග්‍රාමීය ජනතාවගේ ජීවිතය නඟා සිටුවීමට වත්මන් රජයට අභියෝගයක් සහ වගකීමක් තිබෙනවා. එය කිසිසේත්ම අත්හළ නොහැකි වගකීමක්.
අප ආණ්ඩුවේ ප්‍රමුඛතම කාර්යයන් අතර ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීම අත්‍යවශ්‍ය සාධකයක් ලෙස සැලකිල්ලට ගෙන තිබෙනවා.
අද වන විට, ආර්ථිකය සැලකිය යුතු ලෙස ස්ථාවර තත්ත්වයකට ගෙන ඒමට අපි සමත් වී තිබෙනවා. දීර්ඝ කාලයක් ඩොලරයේ අගය රුපියල් 300ට ආසන්නයේ තබා ගැනීම, විදෙස් සංචිත ක්‍රමානුකූලව වර්ධනය කර ගැනීම, භාණ්ඩාගාරයේ ආදායම අප අපේක්ෂා කරන ඉලක්ක දක්වා ගෙන යාම, බැංකු පොලී අනුපාතිකය තනි ඉලක්කමක පවත්වා ගැනීම ආදී ආර්ථිකයේ ස්ථාවරභාවය සදහා වූ සාධක සැලකිය යුතු ප්‍රමාණයකින් සම්පූර්ණ කර ගැනීමට අපි සමත්වී තිබෙනවා. ඒ වගේම, අප රට කෙරෙහි ආයෝජනවල සහ ආයෝජකයන්ගේ විශ්වාසය ක්‍රමානුකූලව වර්ධනය කර ගැනීමටද සමත් වී තිබෙනවා.
නතර වී තිබූ ව්‍යාපෘති රැසක් යළි ආරම්භ කිරීමට අදාළ සාකච්ඡා සාර්ථක ලෙස අපි අවසන් කර තිබෙනවා. ඒ වගේම නව ව්‍යාපෘති ගණනාවක් පිළිබඳව යෝජනා විශාල ප්‍රමාණයක් ලැබී තිබෙනවා. එහි වැදගත් යෝජනා ගණනාවකට පසුගිය කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය ලබා දී තිබෙනවා. එ’නිසා අලුත් ආයෝජන, අලුත් සංවර්ධන ව්‍යාපෘති කෙරෙහි අප අවධානය යොමු කර තිබෙනවා. අප ක්‍රියාත්මක කරන වඩාත් ප්‍රතිඵලදායී ආයෝජන ව්‍යාපෘතිවලින්, එක පැත්තකින්, ආර්ථික ස්ථාවරභාවයත්, අනික් පැත්තෙන් ආර්ථික වර්ධනයත් අත්පත් කර ගත හැකියි.
හැබැයි, එම ආර්ථික ප්‍රතිලාභ පහළ ග්‍රාමීය ජනතාවට ගලාගෙන යන්නේ නැත්නම් සංඛ්‍යා ලේඛන තුළ පමණක් ආර්ථික ස්ථාවරභාවයත්, ආර්ථික වර්ධනයත් අත්පත් කර ගත්තාට ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ නිසා අපි එක් පසෙකින් ආර්ථික වර්ධනය අත්පත්කරගත යුතු සේම, අනෙක් පසින්, ආර්ථික ප්‍රසාරණයක් සිදු කළ යුතුයි. ග්‍රාමීය ජනතාව සඳහා ආර්ථික අවස්ථා නිර්මාණය නොවන්නේ නම්, ඔවුන් ආර්ථිකයේ පංගුකරුවන් නොවේ නම්, සාමාන්‍ය ජනතාව ආර්ථිකයෙන් පිටමං කළ පිරිසක් බවට පත් වෙනවා. ඒ නිසා අපේ ප්‍රධාන ප්‍රවේශය වන්නේ ආර්ථිකය ප්‍රසාරණය කිරීමත්, ග්‍රාමීයව විසිරුණු ජන ප්‍රජාව එම ආර්ථිකයේ පංගුකරුවන් බවට පත් කර ගැනීමත් බව කිව යුතුයි.
එය කළ හැකි වන්නේ, එම ජනතාව මේ මොහොතේ නියැළෙන ආර්ථික ප්‍රභව වඩා ප්‍රතිඵලදායී, වඩාත් කාර්යක්ෂම හා ලාභදායී ක්ෂේත්‍ර බවට පත් කළ හොත් පමණයි. ඒ නිසා ග්‍රාමීය ජනතාව මේ මොහොතේ නියැළෙන ක්ෂේත්‍රයන්හි ඵලදායීතාව ඉහළ නංවා ලාභ ලබන ව්‍යාපාර බවට පත් කළ යුතුයි. ඒ වගේම, ඔවුන්ට ලැබෙන ආර්ථික අවස්ථා පුළුල් කිරීමද ඉතා වැදගත්. ඒ අනුව නව ආර්ථික ප්‍රභව ග්‍රාමීය ජනතාව වෙනුවෙන් නිර්මාණය කිරීමට අපි ප්‍රමුඛතාව ලබා දී තිබෙනවා. එමගින්, ඔවුන් ආර්ථිකයේ සක්‍රිය කොටස්කරුවන් බවට පත් කර ගත හැකියි.
දිළිඳුකම ආර්ථික තලයෙන් එහා ගිය සමාජයීය ගැටලුවක් බවට පත් ව තිබෙනවා. දිළිඳු ජනතාව සමාජයෙන් කොන් කරන ලද පිරිසක් බවට පත් ව තිබෙනවා. ඒ නිසා ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීම ආණ්ඩුවේ ප්‍රමුඛ කාර්යභාරයක් ලෙස සලකනවා. එහිදී, අධ්‍යාපනය ඉතා වැදගත් ක්ෂේත්‍රයක්. දුප්පත් රේඛාව සහ නූගත් රේඛාව එකට සමපාත වී තිබෙනවා. ඒ නිසා අධ්‍යාපන අවස්ථා තව තවත් පුළුල් කර දිය යුතුයි. මේ සියල්ල සිදු කළද, ඕනෑම සමාජයක, ඕනෑම අවස්ථාවක, අසීරුතාවට පත් වන ජන සමාජයක් සිටිනවා. දියුණු යැ’යි සම්මත රාජ්‍යවල පවා එවැනි ජන ප්‍රජාවක් සිටිනවා. එම ජනතාව බලා ගැනීම සඳහා සහනාධාර වැඩපිළිවෙළක් අවශ්‍යයි.
සහනධාර යනු නරක මෙවලමක් නොවෙයි. නිශ්චිත මොහොතක එම ජන ප්‍රජාවට රැකවරණයක් නොමැති නම් එම ජනප්‍රජාව රැක බලා ගැනීම ආණ්ඩුවක වගකීමක් වෙනවා. හැබැයි, මෙම වගකීම සැලකිය යුතු ප්‍රමාණයකින් අවභාවිතයට ලක් වී තිබෙනවා. එය දේශපාලන මෙවලමක් බවට පත් ව තිබෙනවා. සහනාධාර වැඩපිළිවෙළ සැලකිය යුතු ප්‍රමාණයකින් දේශපාලනීකරණයට ලක් වීම නිසා ඒ සඳහා විවේචන ගොඩනැඟී තිබෙනවා.
ජාතික ජනබලවේගයේ අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වන්නේ ඉලක්ක සහගත ජන ප්‍රජාවට සහානාධාර ලබා දීමයි. කවුද? කාටද? යන්න ඉලක්ක කර ආධාර ලබා දිය යුතුයි. මම හිතනවා රජයකට එබඳු වගකීමක් තිබෙනවා වගේම,සමාජයත් ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතු ව තිබෙනවා. රජයෙන් යමක් ලබා දෙනවා නම් ලැබෙන සෑමදේම තමන්ටත් ලැබිය යුතුයි කියන මතය අපේ සමාජයේ තිබෙනවා. එය වැරදියි. අපේ රාජ්‍යය එහෙම සංස්කෘතියක්, සමාජ බැඳීමක් සහිත රාජ්‍යයක් නොවෙයි. සෑමවිටම රැක බලා ගන්න අවශ්‍ය කෙනා රැක බලා ගැනීම අපේ සංස්කෘතික ලක්ෂණයක්. පසුගිය කාලයේ සිදු වූ විකෘති තත්ව හේතුවෙන් අද ආධාර ලැබිය යුතු අයට ආධාර දෙන්න හදනවා නම්, ඇතැමුන්ගේ ප්‍රයත්නයක් තිබෙනවා තමන්ටත් එය ලබා ගැනීමට.
ඒ නිසා නව සංස්කෘතියක් අවශ්‍යයි. රජය විසින් ලබා දෙන ආධාර ලැබිය යුතු කෙනාටම තමයි ලැබිය යුත්තේ කියා තමන්ට ස්වයංව දැනෙන්න අවශ්‍යයි. තමන්ට හැකියාව තිබුණාට අල්ලපු ගෙදර කෙනාට ඒ හැකියාව නැහැ. උදව්වක් කරන්න අවශ්‍යයි කියා කෙනෙක්ට සිතෙන්න අවශ්‍යයි. එහෙත්, අද අපේ රටේ සංස්කෘතිය කුමක්ද? කුමක් හෝ දෙනවා නම් ලබා ගැනීම සඳහා පොර බැදීමක් තිබෙනවා. තමන්ට එය සුදුසුද? නැද්ද? අවශ්‍යද නැද්ද? තමන්ට හිමිකමක් තිබෙනවාද? නැද්ද? කියන සාධකයකින් තොරව. ඒ නිසා අපි ඉතාමත් ශක්තිමත් දත්ත පද්ධතියක් නිර්මාණය කිරීමට අපේක්ෂා කරනවා.
හැබැයි, අපි කවුරුත් දන්න, හැමදාම කතා කරන මේ සහනාධාර වැඩපිළිවෙළ මත සැමදාම රඳා පවතින්න බැහැ. සෑම විටම සහනාධාර වැඩපිළිවෙළක් අවශ්‍යයි. ඒ නිසා සෑම විටම සහනාධාර වැඩපිළිවෙළක් තිබෙනවා. එහෙත් එය, එකම කෙනා, එකම ප්‍රජාව වෙනුවෙන් නොවෙයි. අනෙක් කෙනාත් ආර්ථිකයේ පංගුකරුවන් කර ගත යුතුයි.
මේ සදහා සැලකිය යුතු ප්‍රමාණයකින් ආණ්ඩු මුදල් වැය කර තිබෙනවා. ආසන්න වශයෙන් ගත හොත් අස්වැසුම වැඩසටහනට පමණක් රුපියල් බිලියන 230ක් වෙන් කර තිබෙනවා. තවත් ආධාර වැඩසටහන් සඳහා විශාල මුදල් ප්‍රමාණයක් වැය කර තිබෙනවා. එහෙත්, මේ මුදල් අපි ඉලක්ක සහගත ප්‍රජාවට ලබා දී තිබෙනවාද? එම මුදල්වලින් අපේක්ෂිත ප්‍රතිලාභ ලැබී තිබෙනවාද? එසේ ලැබී නැහැ.
විවිධ ජාත්‍යන්තර සංවිධාන විසින් මෙරට ආධාර වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඒවා දෙස බැලූ විට ඒවායින් 50%කට වඩා වැය වන්නේ ආධාරය ලබා දීම සඳහා වන යාන්ත්‍රණය සකස් කිරීමටයි. නිලධාරියෙක් බලා ඉන්නවා ව්‍යාපෘතියක් ලැබුණු විට ඉන් කොටසක් තමන්ට ලබා ගන්නේ කොහොමද කියලා. තමන්ට රැකියාව තිබෙනවා. එහෙත් ඒ ව්‍යාපෘතිය තමන්ගේ විෂය පථයේ නොවෙයි. ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට දීමනාවක් අවශ්‍යයි කියා දන්වනවා. ඒ නිසා මේ ආධාරවලින් විශාල ප්‍රමාණයක් ආධාර ලැබිය යුතු කෙනාට වඩා ආධාර ලබා දීමේ යාන්ත්‍රණයට වියදම් කර තිබෙනවා. එපමණක් නෙවෙයි, එහි පුහුණුවට විශාල මුදලක් වියදම් කර තිබෙනවා. මේවා නතර කළ යුතුයි. ආධාරයක ඉලක්ක සහගත ප්‍රජාවට ආධාර ලබා දීමේ වගකීමක් රජයක් ලෙස අපටත්, රාජ්‍ය නිලධාරීන් ලෙස ඔබටත් තිබෙනවා.
එය කිසිසේත්ම අවභාවිතයේ යෙදවීමට ඉඩ නොදෙන බව අප ඔබට සහතික වෙනවා. ආධාර ලැබිය යුතු කෙනාට ලබා දීම සඳහා මෙහෙයුමක් දියත් කළ යුතුව තිබෙනවා.
ඒ වගේම, සෑම අමාත්‍යාංශයකින්ම මොනව හරි ලබා දිය යුතුයි කියා හිතන ප්‍රවණතාවක් තිබෙනවා. එහෙත්, ඉතා නිවැරදි දත්ත පද්ධතියක් මත පදනම්ව කුමක්ද? කුමන අරමුණකින්ද ලබාදිය යුත්තේ? යන්න තීරණය කළ යුතුව තිබෙනවා. එහෙත්, දැන් සිදු වී තිබෙන්නේ ඒ ආකාරයෙන් නොවෙයි. සෑම ආයතනයක්ම, දෙපාර්තමේන්තුවක්ම ආධාර දෙන්න පෙළඹිලා තිබෙනවා. එහෙත්, ග්‍රාමීය ජනතාවට ගලා ගෙන යන ආධාර සහ ඔවුන්ගේ ආර්ථිකය සවිබලගැන්වීම සඳහා සිදු කරන වැඩසටහන් සියල්ල ඒකාබද්ධ කළ යුතුයි. අපේ ආධාර විශාල ප්‍රමාණයක් ලබා දී තිබෙන්නේ ජීවත් වීම සඳහා පමණයි. එම ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවන්න සමත් වී නැහැ. ඒකාබද්ධ මෙහෙයුමක් අවශ්‍ය වන්නේ ඒ නිසයි. ප්‍රජා ශක්ති වැඩසටහන අප දියත් කරන්නේ එම මෙහෙයුම ලෙසයි. එය ඉලක්ක සහගත මෙහෙයුමක්. ප්‍රාදේශීය ලේකම් කාර්යාල දක්වා වැඩසටහන සකස් කළ යුතුයි.
වර්තමානය වන විට සැලකිය යුතු ප්‍රමාණයකින් පරිපාලන ව්‍යුහ ගොඩනැඟී තිබෙනවා. තවදුරටත් උප්පැන්න සහතිකයක් නොමැති දරුවෙක් ඉපදෙයි කියා මම හිතන්නේ නැහැ. එයා නිසි වයසට ආවාම හැඳුනුම්පතක් ගන්නවා. ඉදිරි වසර දෙක තුළ ඩිජිටල්කරණ යාන්ත්‍රණයකට යනවා. එහෙනම්, යාන්ත්‍රණයේ පහළම පරිපාලන ඒකකයේ තිබෙන වගකීම කුමක්ද? පහළ තිබෙන පරිපාලන ඒකකයේ වගකීම තමයි තම ඒකකයේ ස්වභාවය හඳුනාගෙන, ඒ ස්වභාවයෙන් ඉදිරියට ඒ ඒකකය ගෙන යෑම සඳහා සැලැස්මක් හදන එක. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙතැන් සිට අප ඉදිරියට ගෙන යා යුතුයි. ඒ වෙනුවෙන් වැඩසටහනක් සකස් කළ යුතුයි. එතැනට මුදල් වියදම් කරන්න අවශ්‍යතාව තිබෙනවා, අප ඒ වෙනුවෙන් සූදානම්.
ඒ වගේම අපේ රාජ්‍ය යාන්ත්‍රණය සැලකිය යුතු ප්‍රමාණයකින් නටඹුන් වූ රාජ්‍ය යාන්ත්‍රණයක් බව මම පිළිගන්නවා. රාජ්‍ය නිලධාරීන් සතුව තිබෙන වාහන සියල්ල ගත්තොත් අවුරුදු 15ට වඩා පැරණියි. පාරේ දුවන බස් රථ 50%කට වැඩි ප්‍රමාණයක් තිබෙන්නේ පාරේ දුවන්න නුසුදුසු වාහන. කාර්යාලයේ තිබෙන පරිගණක සැලකිය යුතු කාලයකින් කල් පැනලා. අපේ ආයතනවල තිබෙන සිස්ටම් යාවත්කාලීන වෙලා නැහැ. ගොඩනැගිලි දිරාපත් වෙමින් තිබෙනවා. සෑම පැත්තකින්ම බැලුවොත් නටඹුන් වූ රාජ්‍ය යාන්ත්‍රණයක් තමයි අප සතුව තිබෙන්නේ. අපි සාමාන්‍ය ගැමියෙක් වගේ බුලත් ටිකක්, පුවක් ටිකක් මල්ලේ දාගෙන කාර්යාලයට එනවා. ඕක තමයි ඇත්ත කතාව. පසුගිය අයවැයෙන් වැටුප් වැඩි කරලා මානව සම්පතට අවශ්‍ය සහාය ලබා දුන්නා.
එ’නිසා ඊළඟට එළැඹෙන අයවැය ලේඛනයෙන් රාජ්‍ය යාන්ත්‍රණයේ භෞතික සම්පත් ගොඩනඟන්න කටයුතු කරනවා. භෞතික සම්පත් ගොඩනැඟීමට සාපේක්ෂව නව මෘදුකාංග පද්ධති හඳුන්වා දී අපි රාජ්‍යය නවීකරණය කර දෙන්නම්. හැබැයි, ඒ කරන්නේ පුරවැසියා වෙනුවෙන්. ඒ නවීකරණය කරන ලද රාජ්‍යය තුළ පරණ පුටුවේ පරණ කෙනෙක් නම් වාඩි වෙලා ඉන්නේ, එයින් ඇති ඵලක් නැහැ. එම නිසා ඒ නූතනත්වයට ගෙනා රාජ්‍ය යාන්ත්‍රණය තුළ අලුත් රාජ්‍ය සේවකයා අපට අවශ්‍යයි. මේ අභියෝගය අපට ජයග්‍රහණය කළ හැකි වන්නේ එසේ පමණයි. එසේ නොමැතිව, මේක දේශපාලන කාර්යයක්, මේක දේශපාලන අධිකාරියේ වැඩක්, ග්‍රාම සේවක මහත්තයාගේ, සංවර්ධන නිලධාරියාගේ වැඩක්, ප්‍රාදේශීය ලේකම්ගේ වැඩක් කියලා තැන තැන බෙදී විසිරිලා මේක කරන්න බැහැ. මෙය කිරීමට නම් දේශපාලන අධිකාරියත්, රාජ්‍ය යාන්ත්‍රණයත් අත්නොහරින ඒකාබද්ධ මෙහෙයුමක් අවශ්‍යයි. ප්‍රජා ශක්ති වැඩසටහනේ අරමුණ රාජ්‍ය යාන්ත්‍රණයත්, රාජ්‍ය නිලධාරියාත්, පුරවැසියාත් ඒකාබද්ධ යාන්ත්‍රණයකට ගෙන ඒමයි. එහෙම නොමැතිව. කිසිවක් සාර්ථක කර ගන්න බැහැ. අපට තිබෙන්නේ තිබෙන රාජ්‍යයක් පවත්වා ගෙන යන්න නොවෙයි, තිබෙන රාජ්‍යයක් පවත්වා ගෙන යන්න නම් පවතින විදිහ හොඳයි.
වැටුණු රාජ්‍යයක් ගොඩනඟන්න දේශපාලන අධිකාරිය, රාජ්‍ය යාන්ත්‍රණය, පුරවැසියා ඒකාබද්ධ මෙහෙයුමකට ගෙන ආ යුතුයි. එනිසා වැටුණු රාජ්‍යයේ ආර්ථිකය අහිමි වූ ප්‍රජාවක් සිටිනවා. අන්න ඒ ප්‍රජාවට ආර්ථිකයේ අවස්ථා නිර්මාණය කිරීම සඳහා ඒකාබද්ධ මෙහෙයුමක් අවශ්‍යයි. මේ ප්‍රජා ශක්ති ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට අප සෑම දෙනාම එක්’ව වැඩ කරමු කියා මා ඉල්ලා සිටිනවා.
ප්‍රජා ශක්ති ජාතික ප්‍රතිපත්ති සභාවේ කැඳවුම්කරු සහ ජාතික මෙහෙයුම් කමිටුවේ සභාපති, ග්‍රාමීය සංවර්ධන, සමාජ සවිබල ගැන්වීම් සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා –
අප රටේ දිළිඳුභාවය ගැන කතා කිරීමේදී ගම විශේෂ ස්ථානයක් ගනු ලබනවා. ශ්‍රී ලංකාවේ පමණක් නොව, ජාත්‍යන්තර වශයෙනුත්, විශේෂයෙන්ම ආසියාව, අප්‍රිකාව සහ ලතින් ඇමරිකානු කලාපය දෙස බැලීමේදී ගම අමතක කර දිළිඳුකම පිළිබඳව අපට සාකච්ඡා කරන්න බැහැ. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ජූලි මස 06 වන දා ලෝක ග්‍රාම සංවර්ධන දිනය ලෙස ප්‍රකාශයට පත් කළේ එ’නිසයි.
අප රටේ ග්‍රාමීය දිළිඳුභාවය දශක ගණනාවක් තිස්සේ සාකච්ඡාවට බඳුන් වුවත්, එය වෙනස් කිරීමට විවිධ උත්සාහ දරමින් සිටිනවා. එසේ වුවත්, උදාහරණයක් විදිහට 2000 වසරේ සංඛ්‍යාලේඛන දෙස බැලීමේදී අප රටේ ආධාර මත යැපෙන පිරිස මිලියන 1.1ක්. 2010 වන විට මිලියන 1.5ක් දක්වා වර්ධනය වුණා. 2024 වසරේ අවසන් වන විට ආධාර මත යැපෙන ප්‍රමාණය මිලියන 1.8කට ආසන්න වී තිබුණා.
දිළිඳුබව තුරන් කිරීමට කොපමණ වැඩසටහන් ක්‍රියාත්මක කළත්, එන්න එන්නම අප රටේ දිළිඳු ප්‍රජාව වර්ධනය වෙමින් තිබෙන බව එම සංඛ්‍යා ලේඛනවලින් තහවුරු වෙනවා. ලෝකයේ ජනගහනය ශීඝ්‍රයෙන් නාගරීකරණය වුවත්, අප රටේ සමස්ත ජනගහනයෙන් 79%කට ආසන්න ප්‍රමාණයක් ග්‍රාමීය හෝ වතු ආශ්‍රිතව ජීවත් වෙනවා. එ’නිසා ජාතික ජනබලවේගයේ රජය විදිහට අපේ ප්‍රතිපත්ති සැලසුම් කරන විට ග්‍රාමීය දිළිඳුබව තුරන් කිරීම ප්‍රධාන තේමාවක් බවට පත් කර ගත්තා.
මෙම වැඩසටහන ආරම්භ කිරීමට පෙර අප රටේ ක්‍රියාත්මක වූ දිළිඳුබව තුරන් කිරීමේ වැඩසටහන්වල දුර්වලතා හොදින් අධ්‍යයනය කළා. එම දුර්වලතා මඟහරිමින් සැබෑ ලෙසම අප රටේ දිළිඳුභාවය තුරන් කරන්නේ කෙසේද? කියන පැනයට පිළිතුරු ලබා දෙමින් තමයි මෙම වැඩසටහන අප සැලසුම් කළේ. ප්‍රධාන වශයෙන් මෙම වැඩසටහන තුළින් අරමුණු කිහිපයක් දිනා ගැනීමට අපේක්ෂා කරනවා.
අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ,රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පොල්රාජ්, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ යන මහත්ම මහත්මීහු ඇතුළු මැති ඇමතිවරුද, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාද, පළාත් ආණ්ඩුකාරවරු, අමාත්‍යාංශ ලේකම්වරු, රාජ්‍ය නිලධාරිහු, ජාත්‍යන්තර ආයතන නියෝජිතයෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
(ජනාධිපති මාධ්‍ය අංශය)










හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගෙන් සහ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ජනප්‍රිය මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා කොන්දේසි විරහිතව අද (04) දින සමාව ඉල්ලා සිටියේය.
චමුදිත සමරවීක්‍රම මහතා විසින් මෙහෙයවන අන්තර්ජාල නාලිකාවක අපහාසාත්මක කරුණු ඉදිරිපත් කිරීමක් සම්බන්දයෙව් විජයදාස රාජපක්ෂ මහතා විසින් ගොනු කරන ලද ලද අයදුම්පතකට මෙම සමාව ඉල්ලා සිටියේය.
ඉදිරියේදීත් නිසි තොරතුරු ගවේෂණයකින් තොරව පුද්ගලයන් සම්බන්ධයෙන් අපහාසාත්මක හෝ නොසැලකිලමත්ව කරුණු ප්‍රසිද්ධ කිරීමෙන් වළකින ලෙසද අධිකරණය ඔහුට අවවාද කරන ලදී.
පුවත්
ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් ජනාධිපති අරමුදලට රුපියල් මිලියන 100ක පරිත්‍යාගයක්
Published
13 hours agoon
July 4, 2025By
editor
ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් ජනාධිපති අරමුදලට රුපියල් මිලියන100ක පරිත්‍යාගයක් සිදු කර තිබේ.
ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ දීපක් දාස් මහතා විසින් ඊට අදාළ චෙක්පත ජනාධීපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (04) භාර දෙන ලදී.
මෙම පරිත්‍යාගය, ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් මෙරට අධ්‍යාපන, සෞඛ්‍ය හා සංස්කෘතික ක්ෂේත්‍රවලට ලබා දෙන පරිත්‍යාගවලට අමතරව ලබා දුන් පරිත්‍යාගයක් වීම විශේෂත්වයකි.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ නියෝජිතයෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
දාස් මහතා ඉකුත් ජුනි 29 සිට ජූලි 02 දක්වා කොළඹ සිටි ඉන්දියානු කර්මාන්ත සම්මේලනයේ (CII) ප්‍රධාන විධායක නිලධාරීන්ගේ නියෝජිත කණ්ඩායමේ සාමාජිකයෙකු ද විය.

“ප්‍රජාශක්ති” ජාතික වැඩසටහන ඇරඹෙයි

විජයදාස ළග සමාව ඉල්ලපු චමුදිත

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් ජනාධිපති අරමුදලට රුපියල් මිලියන 100ක පරිත්‍යාගයක්
Trending
-
පුවත්2 days ago
මොනරා ගමනය නිමයි; ස්වර්ණවාහිනිය අර්බුදයක; ටෙලි නිෂ්පාදකයෝ අමාරුවේ
-
පුවත්1 week ago
මහරගම CIB Big City බොන වතුර බෝතලේත් වැඩි මිලට විකුණා මිලියනයක් දඩකයි
-
පුවත්1 week ago
මහජන බැංකුව කෝටි 9ක් හොරා කාලා; විමර්ශනයක් කරන්නැයි CIDයට අධිකරණයෙන් නියෝග
-
පුවත්2 days ago
මහ පරිමාණ වංචාවකට මහජන බැංකුවේ AGM කෙනෙක් උසාවි කැඳවයි
-
කලා5 days ago
ජනප්‍රිය රංගන ශිල්පිනියගේ මරණයට හේතුව හෙළිවේ!