Connect with us

පුවත්

මුතුපන්තිය ‌වෙර‌ළේ බිලිඳු මළසිරුරක්

Published

on

ආරච්චිකට්ටුව මුතුපංතිය ධිවරගම්මානයේ මුහුදු වෙරළට දිනක් වයසැති පිරිමි බිළිදෙකුගේ මළසිරුරක් ගොඩගසා ඇතිබව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.

මුහුදු වෙරළට ක්‍රිකට් ගැසීමට ඊයේ (24) සවස පැමිණි තරුණයින් පිරිසක් සහ වෙරළට විනෝද වීමට පැමිණි පිරිසක් විසින් වෙරළට ගොඩගසා ඇති මෙම බිළිඳු මළසිරුර දැක  පොලීසිය සහ වෙරළ ආරක්ෂක නාවික කදවුර දැනුවත් කර ඇත.

මෙය මනුෂ්‍ය ඝාතනයක් විය හැකිබවටත් සැක කරන බව පොලීසිය කියයි. 

සිද්ධිය සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

මේ අතර, දරු ප්‍රසුතියකින් පසු අසාධ්‍ය තත්ත්වයේ සිටි එහෙත් බිලිඳෙක් නොමැති 36 හැවිරිදි කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන හලාවත මහා රෝහලට ඇතුළත් කළ බවද වාර්තා වී ඇත.

පුවත්

වනජීවියේ 4,530කට ස්ථිර පත්වීම්

Published

on

By

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වසර ගණනාවක් අනියම් පදනමින් සේවය කළ විදුලි වැට ආරක්ෂණ බහුකාර්ය නිලධාරීන් සියල්ල ස්ථිර කිරීමට රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය හිමිව තිබේ.

පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා සඳහන් කළේ ඒ අනුව නිලධාරීන් 4,530 කට ස්ථිර පත්වීම් ලබාදෙන බවය.

මේ තුළින් විදුලි වැට නඩත්තු කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමට හැකි බව ඔහු ප්‍රකාශ කළේ ය.

අමාත්‍යවරයා සඳහන් කළේ මේ වනවිට විදුලි වැට කිලෝ මීටර් 5000කට අධික ප්‍රමාණයක ඉදිකර ඇති බවය.

Continue Reading

පුවත්

දුම්රිය හරස් මාර්ගයකදී වාහන 3ක් එකිනෙක ගැටේ

Published

on

By

හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ මැරවල දුම්රිය හරස් මාර්ගයේ වාහන තුනක් එකිනෙකට ගැටී අනතුරක් සිදුව තිබේ.

අද (21) උදෑසන උදෑසන 6.25 ට පමණ මෙම අනතුර සිදුවී ඇත.

හලාවත මැරවල දුම්රිය හරස් මාර්ගය දුම්රිය ධාවනය හේතුවෙන් වසා තිබියදී නවතා තිබූ ඉන්ධන බවුසරයක පිටුපසින් තවත් වෑන් රථයක් නවතා ඇති අතර සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබූ ප්‍රයිම් මුවර් රථයක් වෑන් රථයේ පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.

අනතුරට හේතුව සිමෙන්ති ප්‍රවාහනය කල රථයේ තිරිංග ක්‍රියාත්මක නොවීම බව වාර්තා වේ.

කෙසේ වෙතත් පිටුපසින් ගැටුන ප්‍රයිම් මුවර් රථය හේතුවෙන් ඉදිරියෙන් තිබු වෑන් රථය ඉන්ධන බවුසරයේද ගැටීම හේතුවෙන් වාහන තුන එකිනෙක ගැටී මෙම  අනතුර සිදුව ඇත.

අනතුරින් වෑන් රථයට බරපතළ හානි සිදුව ඇති අතර හලාවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඡායා – Accident 1st

Continue Reading

පුවත්

“මම මැදිහත් වෙලා මේකේ දෙකෙන් එකක් බේරගන්නන්”

Published

on

By


සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්  මහතා විසින් අත්හිටවූ උසස් පෙළ ප්‍රථිපල සහිත සිසුන් සම්බන්ධයෙන් අද (21) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් මතුකරන ලදී.

පසුගිය මාසයේ අපොස උසස් පෙළ විභාගයේ ප්‍රථිපල නිකුත් වුනා.ඒ ප්‍රථිපල නිකුත් වීමේදී ළමයි 456කගේ වගේ සංඛ්‍යාවකගේ සමහර විශයයන් සම්බන්ධව සමහර ප්‍රථිපල අත්හිටුවලා තියෙනවා මොකක් හරි හේතුවක් උඩ.


දැන් මේ මාසයේ 29 වැනිදාට කලින් විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙන අයට අයෙදුම් කරන්න කියලා උසස් අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දීලා තියෙනවා.

මේ වෙනකන් තවම අර අත්හිටවූ ප්‍රථිපල සම්බන්ධව විභාග දෙපාර්තමේන්තුව කිසිදු ආකාරයේ ක්‍රියාමාර්ගයක් හෝ එක්කෝ ඒ ළමයින්ව අඬගහලා සම්මුඛ පරීක්ෂණත් පවත්වලා තියෙනවා. ඒ ප්‍රථිපල අත්හිටවූ ළමයින්ව විභාග කොමසාරිස් දෙපාර්තමේන්තුවට කැඳවලා.

ඉතාම කෙටි කාලයයි තිබෙන්නේ. විශ්ව විද්‍යාල වලට අයැදුම් කරන්න තියෙන කාලය තව දවස් හතක් වගේ…තවම මේ ළමයින්ගේ ප්‍රථිපල අත්හිටුවලා තියාගෙන ඉන්නවා…

වහාම මෙම ගැටළුව වෙත මැදිහත් වී කටයුතු කරන ලෙස මන්ත්‍රීවරයා විසින් අගමැතිනියගෙන් ඉල්ලා සිටින ලදී.

මේ සඳහා පිළිතුරු ලෙස අගමැති හා අධ්‍යාපන, උසස් අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය විසින් පිළිතුරු ලබා දෙමින් සඳහන් කලේ,

බොහෝ වෙලාවට ඒවා අත්හිටුවන්නේ විනය ක්‍රියාමාර්ගයක් නිසා. නමුත් මම ඒ යෝජනාව පිළිගන්නවා.

මම මැදිහත් වෙලා වහාම මේක දෙකෙන් එකක් බේරගන්න.

 එක්කෝ මේ ළමයින්ට ප්‍රථිපල නිකුත් වෙන්න . නැත්නම් යම් කාලයක් ලබා දෙන්න මම මැදිහත් වෙන්නම්.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved