හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් සංවිධායකවරයකු ලෙස පත්කර තිබේ.
ඊට අදාළ පත්වීමේ ලිපිය ඊයේ (19) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ලබා දී තිබෙන බවට වාර්තා වේ.
මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පී. හැරිසන්, ඩබ්. බී. ඒකනායක එජාප අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායකවරුන් ලෙසත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජී. තිස්සකුට්ටිආරච්චි සහ පී. දේවක වීරසිංහ හම්බන්තොට දිස්ත්‍රික් සංවිධායකවරුන් ලෙසත් ඊයේ දිනයේදී පත්කරන ලදී.
මෙවර ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී ඇති පසුබිමක මෙම පත්වීම් සිදුකිරීම විශේෂත්වයකි.
2014 වසරේ වඳුරඹදී එවක ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වේදිකාවකට ගිනි තබා තිබුණ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිස් භාරයේ සිටියදී පැහැරගෙනයාම සම්බන්ධයෙන් එවක නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ නිශාන්ත මුතුහෙට්ටිගම මහතාට චෝදනා එල්ල විය.
ඒ අනුව බද්දේගම මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කළේ මුතුහෙට්ටිගම මහතාව අත්අඩංගුවට ගෙන වහාම අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසය.
මීට අමතරව නීතිය්යානූකූල නොවන ලෙස කොටස් එකලස් කර ව්‍යාජ අංක තහඩු සකසන ලද වාහනයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන්ද නිශාන්ත මුතුහෙට්ටිගම මහතා 2023 වසරේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සිදුවිය.
පසුගිය මහමැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නිශාන්ත මුතුහෙට්ටිගම මහතා නාම යෝජනා ඉල්ලා තිබුනත් එම ලැයිස්තුවට ඔහුගේ නම ඇතුළත් කර තිබුණේ නැත.