Connect with us

පුවත්

මුතුහෙට්ටිගමටත් රනිල්ගෙන් තනතුරු

Published

on

හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් සංවිධායකවරයකු ලෙස පත්කර තිබේ.

ඊට අදාළ පත්වීමේ ලිපිය ඊයේ (19) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ලබා දී තිබෙන බවට වාර්තා වේ.

මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පී. හැරිසන්, ඩබ්. බී. ඒකනායක එජාප අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායකවරුන් ලෙසත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජී. තිස්සකුට්ටිආරච්චි සහ පී. දේවක වීරසිංහ හම්බන්තොට දිස්ත්‍රික් සංවිධායකවරුන් ලෙසත් ඊයේ දිනයේදී පත්කරන ලදී.

මෙවර ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී ඇති පසුබිමක මෙම පත්වීම් සිදුකිරීම විශේෂත්වයකි.

2014 වසරේ වඳුරඹදී එවක ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වේදිකාවකට ගිනි තබා තිබුණ අතර  අදාළ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිස් භාරයේ සිටියදී පැහැරගෙනයාම සම්බන්ධයෙන් එවක නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ නිශාන්ත මුතුහෙට්ටිගම මහතාට චෝදනා එල්ල විය.

ඒ අනුව බද්දේගම මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කළේ මුතුහෙට්ටිගම මහතාව අත්අඩංගුවට ගෙන වහාම අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසය.

මීට අමතරව නීතිය්‍යානූකූල නොවන ලෙස කොටස් එකලස් කර ව්‍යාජ අංක තහඩු සකසන ලද වාහනයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන්ද නිශාන්ත මුතුහෙට්ටිගම මහතා 2023 වසරේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සිදුවිය.

පසුගිය මහමැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නිශාන්ත මුතුහෙට්ටිගම මහතා නාම යෝජනා ඉල්ලා තිබුනත් එම ලැයිස්තුවට ඔහුගේ නම ඇතුළත් කර තිබුණේ නැත.

කැබිනට් තීරණ

පොදු ප්‍රවාහනට ළඟදීම මෙට්‍රෝ බස් 100ක්

Published

on

By

පොදු ප්‍රවාහනයේ නවීකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙට්‍රෝ බස් රථ 100ක් ධාවනයට එක්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

සුවපහසු, දියුණු තාක්ෂණයෙන් යුතු එම බස් රථ හඳුන්වා දීමට 2025 අයවැය මඟින් ද යෝජනා වුණි.

ඒ අනුව බස්නාහිර පළාතේ කොළඹ ඇතුළුව, මාකුඹුර, කඩුවෙල, කඩවත සහ මොරටුව යන ප්‍රධාන මාර්ග කොරිඩෝ කිහිපයක් ඔස්සේ මගී ප්‍රවාහනය සඳහා මෙම පහත් පිවිසුම් සහිත බස් රථ එක්වෙනු ඇත.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාගේ යෝජනාව සැලකිල්ලට ගෙන 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් පරිපාලිත සමාගමක් ස්ථාපිත කර යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Continue Reading

කැබිනට් තීරණ

මේ සතියේ කැබිනට් තීරණ මෙන්න (UPDATE)

Published

on

By

ඊයේ (ජූනි 02) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ.

එම තීරණ මෙසේය :


(පෙර පුවත 2025 ජූනි ප.ව.12.49 )

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

අද (03) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, June 3, 2025

Continue Reading

කැබිනට් තීරණ

බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය

Published

on

By

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව දේශීයව බඩ ඉරිඟු සපයා ගැනීමට ඇති අපහසුව සැලකිල්ලට ගෙන වසරකට අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් යුතු බඩඉරිඟු ආනයනය කිරීමට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය වෙත ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සඳහා වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 18,000ක් වන අතර මාසිකව අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 1,500කි.

සියලූම ගර්භණී මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන මාස 6ට වැඩි ළඳරුවන් හා අවුරුදු 5ට අඩු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබාදෙනු ලැබේ.

එහිදී ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු සහ සෝයා බෝංචි ප්‍රධාන අමුද්‍රව්‍යයන් ලෙස යොදා ගනී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved