Connect with us

පුවත්

මුදල් කාරක සභාවේ නව සාමාජිකයින්

Published

on

මුදල් කාරක සභාවට නව සාමාජිකයින් ලෙස  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චතුරංග අබේසිංහ, ෂානක්කියන් රාසමාණික්කම්, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, අර්කම් ඊල්ලෙයාස් යන මහත්වරුන් පත් කර තිබේ.

නව වසරේ පළමු පාර්ලිමේන්තු සැසිවාරය අද (07)  කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

එහිදි කථානායකවරයා විසින් මෙම පත් කිරීම් පිළිබඳ නිවේදනය සිදු කරනු ලැබුවේය.

පසුගිය දෙසැම්බර් 18 වෙනි දින රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරයට සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පත් කලේය.

පුවත්

ඉන්දීය මහකොමසාරිස් හා නාමල් අතර හමුවක්!

Published

on

By

ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා හා පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක හා පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අතර හමුවක් අද (15) මහකොමසාරිස්වරයාගේ නිල නිවසේදී සිදුව තිබේ.

ක්‍රියාත්මක වෙමින් පවතින සංවර්ධන ව්‍යාපෘති, ආයෝජන, ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය සහ අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන අනෙකුත් ක්ෂේත්‍ර වැනි බහුවිධ ගැටළු පිළිබඳව මෙහිදී අදහස් හුවමාරුකරගත් බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාල නිල “X” ගිනුමේ සටහන්ව තිබේ.

https://twitter.com/IndiainSL/status/1879543874169012464

Continue Reading

පුවත්

නාවික හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානියෙක් හා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානියෙක්

Published

on

By

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා ද, නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස, රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ මහතා ද පත්කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සිදුකර ඇති මෙම පත්වීම් 2024 දෙසැම්බර් 31 වැනිදා සිට බලාත්මකයි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා විසින් අදාළ පත්වීම් ලිපි අද (15) දිනයේදී ප්‍රදානය කර තිබුණි.

Continue Reading

පුවත්

චීනය සමග අවබෝධතා ගිවිසුම් 15කට අත්සන් කළා – විජිත (වීඩියෝ)

Published

on

By

අද (15) දිනයේදී ශ්‍රී ලංකාව හා චීනය අතර අවබෝධතා ගිවිසුම් 15ක් අත්සන් කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය – විජිත හේරත් මහතා පවසයි.

මෙම ගිවිසුම් මගින් මෙරට ආර්ථිකය, අධ්‍යාපනය, මාධ්‍ය හා සංස්කෘතියට ඉතා වැදගත් වන බව ඔහු වැඩිදුරටත් පවසයි.

විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් සිදුකර ඇති ප්‍රකාශය මෙසේය :

(වීඩියෝ දසුන් : PMD)

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved