Connect with us

පුවත්

මුලතිව් සමූහ මිනීවලේ කැනීම්වලට ලැබුණු මුදල ප්‍රමාණවත් සති දෙකකටයි

Published

on

මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනි වලේ කැණීම් කටයුතු  ඊයේ (20)  සිට යළි ආරම්භ කළ බව මුලතිව් විශේෂඥ  අධිකරණ වෛද්‍ය නිලධාරී කනක සභාපති වාසුදේව මහතා පවසයි.

 මෙම කැණීම් කටයුතු සදහා අධිකරණයට රුපියල් ලක්ෂ විසිපහක මුදලක් ලැබී ඇති බවත් එම මුදල සති දෙකක කැණීම් කටයුතු සදහා ප්‍රමාණවත් බවත් ඔහු පැවසීය.

 මේ දිනවල මුලතිව් දිස්ත්‍රික්කයට ඇද හැලෙන වර්ෂාව නිසා  සමූහ මිනී වල පිහිටි ස්ථානයේ කූඩාරම තවත් අඩි 10 කින් දික් කිරීමට සිදුව තිබේ.

 මුලතිව් කොක්කුතොඩුවායි මිනිස් සුසාන භූමියේ කැණීම් කටයුතු පසුගිය සැප්තැම්බර් මස 6 වැනි දින ආරම්භ වූ අතර සැප්තැම්බර් 15 දක්වා කැණීම් කටයුතු සිදු කරන ලදී.

 මෙම කැණීම් කටයුතුවලින් අස්ථි කොටස් 17ක් සොයාගෙන ඇති අතර, තුවක්කු,  එල්.ටී.ටී.ඊ.ය භාවිත කළ අංක තහඩු, ඇඳුම් පැළඳුම් ඇතුළු ද්‍රව්‍ය රැසක් හමු වී ඇත.

 එම ස්ථානයට පැමිණි  උතුරු සංවර්ධනය භාර අතිරේක ලේකම් එල්. ඉලංගෝවන්, මුලතිව් දිස්ත්‍රික් අතිරේක ආණ්ඩුකාර කේ. කනකේෂ්වරන්, ජනාධිපති නීතීඥ එම්.ඒ. සුමන්තිරන්, අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ අධ්‍යක්ෂ දයාබරන්, අධිනීතිඥ වී.කේ.නිරන්ජන්,  කෝකිලායි පොලිස් ස්ථානාධිපති අධිකරණ වෛද්‍ය නිලධාරී, විශේෂ කි‍්‍රයාකාරී බළකායේ  නිලධාරීන් ,   උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී ටී. රවිහරන්  ඇතුළු පාර්ශ්ව කැණීම් කටයුතු ආරම්භ කිරීමට පෙර සාකච්ඡාවක් පවත්වා එම කටයුතු ආරම්හ කළේය.

කැබිනට් තීරණ

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (02) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-07-02

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-07-02

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, July 1, 2025

Continue Reading

පුවත්

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට සිට

Published

on

By

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට (03)  ආරම්භ කිරීමට නියමිතය.

ඒ සඳහා පසුගිය අයවැයෙන් රුපියල් බිලියන 06ක් වෙන් කර තිබේ.

වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කළේ, අම්පාර මුලතිව් හා මඩකලපුව දිස්ත්‍රික්කවල වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති බවය.

වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ,
නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කටත්,
සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125කටත්
කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 132කටත්
 මිලදී ගන්නා බවය.

Continue Reading

පුවත්

සංවිධානාත්මක අපරාධ ක්‍රියා මැඩලීමට නව නීති

Published

on

By

සංවිධානාත්මක අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා, නව නීති හඳුන්වා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය  ආනන්ද විජේපාල මහතා පවසයි.

ඔහු සඳහන් කළේ,  ත්‍රස්ත මර්දන පනත අහෝසි කිරීමට රජය මේ වනවිට ප්‍රතිපත්තිමය තීරණයකට එළඹ ඇති බවය.

අත්අඩංගුවට පත්වන සංවිධානාත්මක අපරාධකරුවන් දැනට රඳවා තබා ගෙන, ප්‍රශ්න කෙරෙන්නේ ත්‍රස්ත මර්දන පනතේ ප්‍රතිපාදන වලට යටත්ව බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

එම පනත අහෝසි කිරීමත් සමග සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා තබා ප්‍රශ්න කිරීමට නව නීති ප්‍රතිපාදන අවශ්‍ය බව අමාත්‍යවරයා විසින් සඳහන් කරන ලදී.

ඒ අනුව අදාළ නව පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් මේ වනවිට කෙටුම්පත් කරමින් පවතින බව, අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේ ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved