Connect with us

පුවත්

මුහුදු මගී ප්‍රවාහනය ගැන ඉන්දු – ලංකා කමිටුව රැස්වේ

Published

on

මුහුදු මාර්ගයෙන් මගී ප්‍රවාහනය සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුම යටතේ පිහිටුවන ලද ඉන්දියා – ශ්‍රී ලංකා ඒකාබද්ධ කමිටුව පසුගිය 14දා අන්තර්ජාලය ඔස්සේ රැස් විය. 

ඉන්දියානු පාර්ශවය ඉන්දීය රජයේ වරාය, නාවික සහ ජලමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ශ්‍රී රාජේෂ් කුමාර් සිංහා මහතාගේ ප්‍රධානත්වයෙන් ද ශ්‍රී ලංකා පාර්ශවය ශ්‍රී ලංකා රජයේ වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් ද මේ සඳහා සහභාගි වූහ.

අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ ස්ථාන යා කරමින් බෝට්ටු සේවා නැවත ඇරඹීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවන් හිදි අවධානය යොමු වී ඇති අතර, බෝට්ටු සේවා නැවත ආරම්භ කිරීම කලාපීය වෙළඳාම සහ සංචාරක කර්මාන්තය ඉහළ නංවනු ඇති බවට ද ජනතාව අතර වඩාත් ශක්තිමත් සබඳතා ප්‍රවර්ධනය කරනු ඇති බවට ද දෙපාර්ශවය එකඟ විය.

නුදුරු අනාගතයේ දී බෝට්ටු සේවා මෙහෙයවීමේ දී අන්‍යෝන්‍ය සහයෝගීතාවය සඳහා ක්ෂේත්‍ර ගණනාවක් ද ඒකාබද්ධ කමිටුව විසින් හඳුනා ගැනුණු අතර, අන්‍යෝන්‍ය අවබෝධය මත පදනම්ව වැඩිදුර පියවර ගැනීමට කැමැත්ත ප්‍රකාශ කෙරිණ.
මෙම ඒකාබද්ධ කමිටුව 2011 වසරේදී අත්සන් තබන ලද මුහුදු මාර්ගයෙන් මගීන් ප්‍රවාහනය සම්බන්ධයෙන් වන ද්විපාර්ශවික අවබෝධතා ගිවිසුමේ විධි විධාන අනුව ඉන්දීය සහ ශ්‍රී ලංකා රජයන් විසින් මෑතක දී නැවත පිහිටුවන ලදී. 



පුවත්

ජූනි 30ට කලින් වත්කම් බැරකම් ඉල්ලයි

Published

on

By

වත්කම් බැරකම් පිළිබඳ වාර්ෂික ප්‍රකාශය කළ යුතු අය ජුනි 30 හෝ ඊට ප්‍රථම සිය ප්‍රකාශ බාරදිය යුතු බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිවේදනය කර සිටී.

එම කොමිෂන් සභාව විසින් නිකුත් කළ නිවේදනය,

Continue Reading

පුවත්

අද පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක්

Published

on

By

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ පැවැත්වේ.

ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙන එම රැස්වීමේදී ලබන සතියේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය සකස් කිරීම සිදු කෙරෙනු ඇත.

ලබන 20,21,22 හා 23 යන දිනවල පාර්ලිමේන්තුව රැස්විමට නියමිතය.

Continue Reading

පුවත්

යාල ජාතික වනෝද්‍යානයට නව සංචාරක කලාප

Published

on

By

සංචාරකයින් වෙනුවෙන් යාල ජාතික වනෝද්‍යානයේ තවත් කලාප කිහිපයක් විවෘත කිරීමට පරිසර අමාත්‍යංශය තීරණය කර තිබේ.

පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා සඳහන් කළේ, දැඩි සංචාරක තදබදයට මුහුණ දීම සඳහා මේ පියවර ගන්නා බවය.

ඒ අනුව අරංගමුව නමින් නව කලාපයක් හා දැනට වසා දමා ඇති තුන හා හතර කලාප කඩිනමින් විවෘත කිරිමට සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

ඔහු සඳහන් කළේ එහි පහසුකම් සකස් කිරීම මේ වනවිට සිදුවන බවය.

හෙක්ටෙයාර් ලක්ෂයක් විශාල යාල වනෝද්‍යානයේ සංචාරකයින් වෙනුවෙන් විවෘත කර ඇත්තේ හෙක්ටෙයාර් 25000කි.

එය කලාප 6 කින් සමන්විත වන අතර ඒ සඳහා ඇති පිවිසුම් සංඛ්‍යාව 6කි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved