ජනාධිපතිවරණ ප්රචාරක කටයුතු වෙනුවෙන් ජූලි 13 වැනිදා සිට සැප්තැම්බර් 10 වැනිදා දක්වා කාලය තුල ස්වාධීන ජනපති අපේක්ෂක වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඩොලර් 49,300 කට වැඩි මුදලක් වියදම් කර ඇතැයි නෙත් නිවුස් ටෝක් ඔෆ් ද ටවුන් වැඩසටහනෙන් හෙළිකර තිබේ.
ෆේස්බුක් ඇඩ් ලයිබ්‍රරි හරහා ලබාගත් තොරතුරු මත මේ හෙළිදරව්ව කර ඇත.
වික්‍රමසිංහ මහතාගේ නිල ෆේස්බුක් පිටඅව සදහා අදාල මුදල වියදම් කර ඇති බවත් ඔහුව ප්‍රවරධනය කිරීමට සකස් කර ඇති ජොයින් රනිල් ෆේස්බුක් පිටුවට අදාල කාලයේදී වියදම් කර ඇති ඩොලර් ප්‍රමාණය 38,400 කට ආසන්න බවද පැවසේ.
ඒ අනුව මාස තුනකට ආසන්න අදාල කාලය සදහා ඩොලර් 90,000 ක් ශ්‍රී ලංකා මුදලින් සාමාන්‍යයෙන් මිලියන 27කට ආසන්න මුදලක් වියදම් කර ඇත.
එම මුදල මෙවර ඡනාධිපතිවරණ ඡන්ද විමසීමේදී එක් අපේක්ෂකයකු විසින් ඡන්දදායකයකුට වැයකළ හැකි උපරිම මුදලද ඉක්මවායාමක් බවයි නෙත් පෙන්වා දී ඇත්තේ.
මේ අනුව අදාල ලයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසුවන්නේ සමගි ජනබල වේගයේ ජනාධිපති අපේක්ෂක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාය.
ඔහු අදාල කාලය තුළ වියදම් කර ඇති මුදල ඇමරිකානු ඩොලර් ඩොලර් 48,600ක් වියදම් කර ඇතැයි පැවසේ.
මෙහි තෙවැනි ස්ථානයට අනුර කුමාර දිසානායක පත්ව ඇති අතර ඔහු අදාල කාලය සදහා ඔහුගේ නිල ෆේස්බුක් පිටුව හරහා මැතිවරණ ප්රචාරක කටයුතු වෙනුවෙන් ඩොලර් 20,400ක් වෙන්කර ඇති බව හෙළිව තිබේ.
මේ මුදල් සම්පුර්ණයෙන්ම ඩොලර් වශයෙන් ඇමරිකා මෙටා ඩේටා වෙත ඇදී ගිය මුදල් වේ.
මෙවර ඡනාධිපතිවරණ ඡන්ද විමසීමේදී එක් අපේක්ෂකයකු විසින් ඡන්දදායකයකුට වැයකළ හැකි උපරිම මුදල රුපියල් 109 කි. ඒ අනුව, එක් අපේක්ෂකයකු විසින් රටේ සමස්ථ ඡන්දදායකයන් සංඛ්‍යාව වන 17,140,354 සඳහා වැය කිරීමට හැකි මුදල රුපියල් 1,868,298,586 කි. ඉන් සියයට 60 ක් (රුපියල් 1,120,979,151.60) අපේක්ෂකයා විසින් දැරිය යුතු අතර, අනෙක් සියයට 40 (747,319,434.40) අදාළ අපේක්ෂකයාගේ පක්ෂයේ ලේකම්ට හෝ ඡන්ද හිමියාට වැය කළ හැකිය.