Connect with us

පුවත්

මෙරට ගොවිපොළවල් 14,000කට වඩා වැසී ගිහින්!

Published

on

මේ වන විට මෙරට ගොවිපොළවල් 14,000 කට වැඩි සංඛ්‍යාවක් වැසී ඇති බවත් මෙය පළාත් වශයෙන් ලැබුණු දත්ත අනුව හඳුනාගෙන ඇති බවත් කෝපා කමිටුවේදී අනාවරණය වී තිබේ. 

එසේම  මෙම ගොවිපොළවල් අතරින් බහුතරයක් කුඩා ප්‍රමාණයේ ගොවිපොළවල් බවත් සත්ත්ව සොරකම හේතුවෙන් වැඩි වශයෙන් මෙම ගොවිපොළවල් වැසී යාම සිදුවී ඇති බවත් මෙහිදී නිලධාරීන් පෙන්වා දී ඇත.

මෙහිදී කෝපා කමිටුව පෙන්වාදුන්නේ සත්ත්වයින් සොරකම් කිරීම නිසා කුඩා පරිමාණ ගොවියන් කලකිරීම හේතුවෙන් පමණක් ගොවිපොළවල් වැසී යන්නේ යැයි පැවසීම පිළිගත නොහැකි බවයි. මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ ගවයින් සඳහා අවශ්‍ය තෘණ භූමි විනාශවීම සහ ඉඩම් ආශ්‍රීත ගැටලුද මේ සඳහා හේතුවී ඇති බවයි. මේ අනුව පැහැදිලි දත්ත නිවැරදිව පවත්වාගෙන යාම සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් සිදු කළ යුතු බවත් මෙහිදී කෝපා කමිටුව පෙන්වා දුන්නේය.

එසේම පවතින දත්ත යාවත්කාලීන කරගනිමින් දත්ත පද්ධතිය සක්‍රීයව පවත්වාගෙන යාමේ වැදගත් කමද මෙහිදී කමිටුව අවධාරණය කළේය.

මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ 2023 ජූලි 06 දින රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට කැඳවා ලබා දුන් නිර්දේශවල ප්‍රගතිය සාකච්ඡා කිරීමට එම කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (11) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.

මිල්කෝ වෙත ලැබෙන කිරි අඩු වෙලා

මේ සඳහා කමිටුවේ ආරාධනයෙන් කෘෂිකර්ම විශය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතාද සම්බන්ධ විය. මෙරට දේශීය කිරි අවශ්‍යතාව සම්බන්ධයෙන් මෙහිදී කමිටුවේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර අමාත්‍යවරයා මේ අනුව පෙන්වා දුන්නේ මිල්කෝ සමාගමට දෛනිකව ලැබෙන කිරි ප්‍රමාණය විශාල වශයෙන් අඩුවී ඇති බවයි.

එසේම පසුගිය කමිටු වාරයේදීද සාකච්ඡා වූ කිරි නිෂ්පාදනයට අදාළ ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු වූ අතර පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්නේ මේ ජාතික  ප්‍රතිපත්තිය මේ වන විට සකස් කර අවසන් බවත් එය අමාත්‍ය මණ්ඩල අනුමතියට යොමු කොට ඇති බවත්ය.

ඕස්ට්‍රේලියාවෙන් ගෙනා එළුවන් 104ක් මියගිහින්
එසේම ඉඹුලදණ්ඩ සහ තෙලහැර එළු අභිජනන මධ්‍යස්ථානවල සිටින ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කළ එළුවන් 104ක් මේ වන විට මිය යාම පිළිබඳව ද මෙහිදී කමිටුව අවධානය යොමු කළේය. පසුගිය කමිටු අවස්ථාවේදීද මේ පිළිබඳ සාකච්ඡා වූ නිසා වර්තමානයේ මෙම එළුවන් ක්ෂේත්‍රයට මුදාහැරීම පිළිබඳ ප්‍රගතිය විමසා සිටීම සිදුවිය. මේ අනුව නිලධාරීන් පෙන්වා දුන්නේ මාසයක් පමණ ඇතුළත මෙම ඉතිරි සත්ත්වයින් ක්ෂේත්‍රයට මුදාහැරීමට සූදානම් කොට ඇති බවයි.  මේ සම්බන්ධයෙන් වාර්තාවක් කමිටුවට ලබා දෙන ලෙසද මෙහිදී කමිටු සභාපතිවරයා නිර්දේශ කළේය.

කෘතීම සිංචන වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් අවධානය යොමු විය.

මෙම කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍ය ගරු ඩයනා ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක, ඒ. එල්. එම්. අතාවුල්ලා, අශෝක් අබේසිංහ සහ ගරු වීරසුමන වීරසිංහ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ. 

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading

පුවත්

IMF ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට විධායක මණ්ඩලයේ අනුමැතිය

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) විධිවිධානය යටතේ සිව්වන සමාලෝචනය ඊයේ (01) දින සම්පූර්ණ කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට වි.ගැ.හි. මිලියන 254ක්, එනම් එක්සත් ජනපද ඩොලර් මිලියන 350ක් පමණ වෙනුවෙන් ප්‍රවේශය හිමිවන අතර මේ දක්වා මෙම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ ලබා දී ඇති මුළු මූල්‍යාධාර ප්‍රමාණය ඩොලර් බිලියන 1.74ක් දක්වා ඉහළ යනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා විසින් මේ බව නිවේදනය කර සිටී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved