Connect with us

පුවත්

මෙරට ජනතාව ලක්ෂ 27 ක් අලුතින් දිළින්දන් බවට පත්වෙලා – චම්පික

Published

on

වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකළාපය හේතුවෙන් මෙරට ජනතාව ලක්ෂ 27 ක් අලුතින් දිළින්දන් බවට පත්ව ඇති බවත් ශ්‍රී ලංකාව වර්තමානයේ මානුෂිය ඛේදවාචකයකට පත්ව ඇති බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කියයි.

ඒ මහතා මේ බව කියා සිටියේ ‘නව වසරේ දේශපාලන හා ආර්ථික අභියෝග’ මැයෙන් එක්සත් ජනරජ පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී අද (03) පැවැති මාධ්‍ය හමුවකදීය.

සාරි සහ සිල්රෙදි බෙදා ජනතාව චූන් කරමින් මැතිවරණ ජයග්‍රහණය කළ නොහැකි බවත් ණය ප්‍රතිව්‍යුවහගතකරණය කිරීම, ආණ්ඩුවේ වියදම් පාලනය කරගැනීම. ආණ්ඩුවේ ආදායම් වැඩි කරගැනීම වැනි දෑ මූල්‍ය අරමුදල කිව්වත් නොකිව්වත් කළයුතු බවත් ඒ මහතා කීය.

පෝලිම්, බඩු හිඟයක්, පොහොර හිඟයක් නොමැති නිසාත් වාහන හැර අනිත් සියලුම දෑ සඳහා ආනයන සීමා ඉවත්කර ඇති නිසාත්,  රට  මූල්‍යමය වශයෙන් ස්ථායිකරණය කර ඇතැයි ජනාධිපති සහ මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන මහ බැංකු අධිපතිතුමා සහ රජයට උපදෙස් සපයන විශේෂඥවරු පවසන බව කී රණවක මහතා පසුගිය උත්සව සමයේදී විශාල පිරිසක් රට වටේ මෙන්ම විදෙස් සංචාර සඳහා ගොස් මුදල් වියදම් කළ නිසා මෙන්ම රටේ බොහෝ ස්ථානවල  සැණකෙළි පැවැත් වූ හේතුවෙන් රට සාමාන්‍යකරණයට පත්ව ඇතැයි ප්‍රකාශ කරන බව ද සඳහන් කළේය.

අධික විදුලි බිල්, අධික ඉන්ධන ගාස්තු සහ දුරකථන ගාස්තු ඇතුළු අනෙකුත් සියලුම දෑ හේතුවෙන් එය රටේ ආර්ථික වර්ධනය ඇණහිටවන හේතුවක් බවට පරිවර්තනය වීමක් බව ද එමගින් ආර්ථික හැකිලීමක් සිදුවන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා වැඩි දුරටත් කීය.

පුවත්

ජුලි මාසයේ පළමු දින 6 දී සංචාරකයන් 36000ක් දිවයිනට

Published

on

By

2025 ජුලි මාසයේ පළමු දින 06 තුළ පමණක් 36,000 ඉක්මවු සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව මෙම වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව 1,204,046ක් කි.

ගෙවුනු 2024 වසරේ සංචාරකයන් ලක්ෂ 12 ඉක්මවා ඇත්තේ අගෝස්තු මාසයේදිය.

ජූලි මාසයේ පළමු දින 6 තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව  8,053කි.

දෙවනුවට එක්සත් රාජධානියෙන් සංචාරකයින් 3,562ක්, ඕස්ට්‍රේලියාවෙන් 2,674ක් සහ චීනයෙන් 2,362ක්  සංචාරකයින් ලෙස මෙරටට පැමිණ තිබේ.

Continue Reading

පුවත්

ඇමරිකානු තීරුබදු ප්‍රතිපත්තිය පිළිබඳ සාකච්ඡාවක්

Published

on

By

ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවනු ලැබ ඇති නව තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ නියෝජිත කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් අද (10) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාවට, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ. ඒ. විමලේන්තිරාජා සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව යන මහත්වරු එක්ව සිටියහ.

Continue Reading

පුවත්

රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් පෙරහැර අද රාත්‍රියේ

Published

on

By

ඵෙතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා පෙරහර මංගල්‍යය අද(10) රාත්‍රියේ විථී සංචාරය කිරීමට නියමිතය.

දින 14 ක් පුරා පැවති පෙරහර ගමන් මාර්ගය වෙනස් කරමින් සෙත් පිරිත් සජ්ජඣායානා මධ්‍යයේ ආරම්භ වන පෙරහර දෙවන වාහල්කඩ දොරටුවෙන් පිටත්ව කිරි වෙහෙර රාජමහා විහාරස්ථානයට පැමිණ දේවාල මලුව මධ්‍යයෙන් ප්‍රධාන වාහල්කඩ දොරටුවෙන් පිටත්ව, පිට වීථිය ඔස්සේ වල්ලිඅම්මා දේවාලය වෙත ගෙවදීමට නියමිතය.

එහි පුද සිරිත් නිම කර ප්‍රධාන වීථිය ඔස්සේ ශ්‍රී අභිනවාරාම විහාරස්ථානය, බස්නායක නිලමේ කාර්යාලය අභියසින් මහ දේවාලය වෙත ගෙවදීමෙන් පසු ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත් වේ.

දිය කැපීම හෙට(11) උදෑසන මැණික් ගඟේ ජීවමාලි තොටුපොළේදී දිය සිදු කෙරේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved