Connect with us

පුවත්

මෙරට දරුවන්ට අත්‍යවශ්‍ය සේවා දෙන්න ජපානයෙන් ඩොලර් මිලියන 1.8 ක්

Published

on

ජපාන රජය විසින්  ශ්‍රී ලංකාවේ වඩාත් අවධානමට ලක්වන දරුවන් වෙනුවෙන් ලබා දීම සඳහා යුනිසෙෆ් සංවිධානය වෙත, ඩොලර් මිලියන 1.8 කට අධික මුදල් ආධාර ලබා දී ඇත.

මෙම අරමුදල් මඟින් ලක්ෂ 6කට ආසන්න දරුවන් සඳහා පිරිසිදු පානිය ජලය, සනීපාරක්ෂක පහසුකම් සහ මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන් සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා හැකියාව ලැබේ.

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් රටේ දරුවන් දැඩි ලෙස බලපෑමට ලක් වී ඇත ඉන් වැඩි පිරිසක් දුප්පත් පවුල් වල සහ වැඩි අවදානමක් සහිත පවුල් වල දරුවන් වේ.

මේ වන විට දරුවන්ට පෝෂණීය ආහාර වේලක් ලබා ගැනීම ඉතා අසීරුකාරි තත්වයක් බවට පත්ව තිබෙනවා. සබන් යොදා අත් සේදීම හරහා  සනීපාරක්ෂාව පිළිපැදීම පිළිගත් කාරණයක් වුවත් අවදානමට ලක්වූ දරුවන් අතර මෙය නොපිළිපැදීම හේතුවෙන් ගැටළුකාරී තත්වයක් උද්ගත වී  ඇත.

මේ අර්බුධකාරී තත්වය හමුවේ ශ්‍රී ලංකාවට මානුෂීය සහන සැපයීමට ජපාන රජය තීරණය කර ඇති බවට තමන් සතුටින් ප්‍රකාශ කර සිටින බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති – මිසුකොෂි හිදෙඅකි මහතා ප්‍රකාශ කර සිටියේය. 

පසුගිය වර්ෂයේ‍ ආර්ථික අර්බුධයේ ආරම්භයේ පටන් ජපාන රජය යුනිසෙෆ් හරහා ලබා දුන් මුළු ආධාර ප්‍රමාණය මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 3.8 ඉක්මවා ඇති අතර ජපානය අඛණ්ඩව ශ්‍රී ලංකාවට සහය දක්වන බවට දන්වා ඇත.

එවකට රටේ පැවති දරිද්‍රතාවය, කොවිඩ් ව්‍යාප්තිය සහ , ආර්ථික අර්බුධය මුහුණ පා සිටින අවස්ථාවන් වලදී ශ්‍රී ලාංකීය දරුවන්ගේත්, දැඩි ලෙස අවධානයට ලක්වූ පවුල් වල පුද්ගලයින්ගේත් අවශ්‍යතා සපුරා ලීම සඳහා යුනිසෙෆ් සංවිධානය දායකත්වය ලබා දී ඇත.

“යුනිසෙෆ් සංවිධානය විසින් ජපාන රජය විසින් ලබා දෙනු ලබන සහන සැපයීම් සඳහා ඔවුන්ගේ දායකත්වය දීර්ඝ කාලිනව සහ කෙටි කාලීනව  ලබා දෙනු ලැබූ බවත් ශ්‍රී ලංකා රජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට දරන ප්‍රයත්නයන්ට සහාය වීමට ජපන් රජය සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත,” යනුවෙන් යුනිසෙෆ් ශ්‍රී ලංකා නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග්  පෙන්වා දී ඇත. යුනිසෙෆ් සංවිධානය එවැනි දායකත්වයන් මත රඳා පවතින බවත් වැඩි දුරටත් කියා සිටියේය.  

යුනිසෙෆ් මඟින් ලබා දෙන දායකත්වය:

• මන්දපොෂණයෙන් පෙළෙන දරුවන් 9000 සඳහා අවශ්‍ය විටමින් අඩංගු පෝෂ්‍යදායි ආහාර ලබා දීමටද සන්කූලතා ඇති දරුවන්ට ප්‍රතිකාර සඳහා ප්‍රමුඛත්වය දී ඇති රෝහල් 97 ක ප්‍රතිකාර සඳහා යොමු කිරීමට.
• මන්දපෝෂණය අවම කිරීම සඳහා වසර දෙකට අඩු ළමුන්  ලක්ෂ 02  සඳහා බහු ක්ෂුද්‍ර පෝෂක මිලදී ගෙන බෙදා හැරීම.
• ළමුන් ලක්ෂ 04 ක් සහ ඔවුන්ගේ දෙමාපියන්/රැකබලාගන්නා අය සඳහා  සනීපාරක්ෂා කටයුතු සහ සනීපාරක්ෂාව පිළිපැඳිය යුතු ආකාරය පිළිබඳ නිවැරදි සහ නිසි තොරතුරු ලබා දීම.
• තෝරාගත් මාතෘ හා ළමා සායන සඳහා ආරක්ෂිත සහ ප්‍රමාණවත් ජල සැපයුම්, සනීපාරක්ෂක පහසුකම් සැපයීම මඟින් අවම වශයෙන් කාන්තාවන් 100,000 දෙනෙකුට සහාය වීම.

මෙම මූලික සමාජ අවශ්‍යතා සපයා දීම තුලින් ජපන් රජය අපේක්ෂා කරනුයේ පෝෂණ සේවා සඳහා ප්‍රවේශය ඇතුළුව වඩාත් අවදානමට ලක්විය හැකි ජනගහනය සඳහා මූලික සමාජ සේවා සැපයීම තුළින් මිනිසුන් අවශ්‍යතා සහ බියෙන් තොරව ගෞරවාන්විත ජීවිතයක් ගත කිරීමට දායකත්වය ලබා දීමයි.

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved